ලයිට් බිලත් එක්කම පාන් මිලත් ඉහලට !
විදුලි බිල වැඩිවීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
විදුලි බිල වැඩිවීම සමස්ත බේකරි කර්මාන්තයටම දැඩි ලෙස බලපාන බවද ඒ මහතා අවධාරණය කළේය.
මුලින් ගෑස් මිලත්, අනතුරුව ඩීසල් මිල සහ විදුලි බිල වැඩි වීම හේතුවෙන් බේකරි හිමියන් අපහසුතාවට ලක්ව ඇති බවද ඔහු කීය.
පසුගිය කාලයේ බේකරි හිමියන් විසින් ලාභය ලෙස ලබාගත් මුදල විදුලි බිල ලෙස ගෙවීමට සිදු වී ඇති බවද ඔහු සඳහන් කළේය.