ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.

    ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.

    පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ තෙවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ඊයේ (04) වොෂිංටන් නුවරදී මාධ්‍ය හමුව පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විරිඩ්සෙන්කා සහ නේවාසික නියෝජිත මර්තා ටෙස්ෆායේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    https://shorturl.at/BEt2P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයව අමාරුවේ දැම්ම PUCSL එකේ උන්

    Episode 4 Reaction GIF by Law & Order
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ලයිට් බිල........ වැඩි කරන්නම්........ තුමනි!