මේ මාසයේදි ගෙදර ලයිට් බිල හිතන්නවත් බැරි මට්ටමටම වැඩි වේලා.
ගෙදරට එක මිටරයක් තියෙනවා නම් ඒ මිටරයට අමතරව තවත් මිටරයක් හයි කර ගන්න නම් මොනවාගේ ක්රම උපාය මාර්ගයන් ද
අනුගමණය කරන්න ඕනේ කියන විස්තර පියවරෙන් පියවර දැනුවත් කරන්න ලොකු උදව්වක්.
- ගෙදර අයිතිකරු මේ රටේ නැත්නම් ඒ අයිතිකරුගේ ළමුන්ට මේ ක්රියාවලිය කර ගන්න පුලුවන් කම තියෙනවා ද ?
- ගෙදරට වෙනම මීටරයක් හයි කරනවා නම් වෙනම ලිපිනයක් හදා ගන්න වෙනවා නේ, ඒක කරන්නේ කොහොම ද ?
- මුලින් ම මේ ගැන දැනුවත් කරන්න ඕනේ කා හට ද ?
- වෙනම මීටරයක් හයි කර ගන්න ඉල්ලුම් කරද්දි අප විසින් යම් මුදලක් යට කරන්න ඕනේ ද රජයට ? එහෙනම් ඒ කියක් ද ?
- ඉල්ලුම් කරලා කොයි තරම් කාලයක් මග බලා සිටින්න ඔනේ ද ?
- උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ.
- වෙනම මීටරයක් හයි කරගන්න කොයි තරම් මුදලක් යට කරන්න වෙයි ද ?
- මීටරයේ යම් දෝෂයක් තියෙනවා යැයි සැකයක් ඇති වුනා නම් අපි මේ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ? ඒ වෙනුවෙන් අපි යම් මුදලක් ගෙවන්න සිදු වෙනවා ද ?
මේ ප්රශ්න වලට දන්න කියන අය පිළිතුරු ලබා දෙන්න කාරුණික වන්න.
හේතුව මේ මාසයේදි විතරයි මේ තරම් මුදලක් අපිට දරන්න සිදු වුනේ..
කවදාවත් මේ තරම් මුදලක් ගෙදරට ඇවිත් තිබ්බේ නෑ.
පිළිතුරු නොදන්න අය මේ Thread එක ඉදිරියට ගෙනියන්න උදව් කරන්න, හේතුව මේ ප්රශ්න මට වගේම හැමෝටම වටිනවා මේ කාලේ හැටියට.