ලයිට්~බිල

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මේ මාසයේදි ගෙදර ලයිට් බිල හිතන්නවත් බැරි මට්ටමටම වැඩි වේලා.

12853843.jpg

ගෙදරට එක මිටරයක් තියෙනවා නම් ඒ මිටරයට අමතරව තවත් මිටරයක් හයි කර ගන්න නම් මොනවාගේ ක්‍රම උපාය මාර්ගයන් ද
අනුගමණය කරන්න ඕනේ කියන විස්තර පියවරෙන් පියවර දැනුවත් කරන්න ලොකු උදව්වක්.

  • ගෙදර අයිතිකරු මේ රටේ නැත්නම් ඒ අයිතිකරුගේ ළමුන්ට මේ ක්‍රියාවලිය කර ගන්න පුලුවන් කම තියෙනවා ද ?

  • ගෙදරට වෙනම මීටරයක් හයි කරනවා නම් වෙනම ලිපිනයක් හදා ගන්න වෙනවා නේ, ඒක කරන්නේ කොහොම ද ?

  • මුලින් ම මේ ගැන දැනුවත් කරන්න ඕනේ කා හට ද ?

  • වෙනම මීටරයක් හයි කර ගන්න ඉල්ලුම් කරද්දි අප විසින් යම් මුදලක් යට කරන්න ඕනේ ද රජයට ? එහෙනම් ඒ කියක් ද ?

  • ඉල්ලුම් කරලා කොයි තරම් කාලයක් මග බලා සිටින්න ඔනේ ද ?

  • උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ.

  • වෙනම මීටරයක් හයි කරගන්න කොයි තරම් මුදලක් යට කරන්න වෙයි ද ?

  • මීටරයේ යම් දෝෂයක් තියෙනවා යැයි සැකයක් ඇති වුනා නම් අපි මේ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ? ඒ වෙනුවෙන් අපි යම් මුදලක් ගෙවන්න සිදු වෙනවා ද ?

මේ ප්‍රශ්න වලට දන්න කියන අය පිළිතුරු ලබා දෙන්න කාරුණික වන්න.
හේතුව මේ මාසයේදි විතරයි මේ තරම් මුදලක් අපිට දරන්න සිදු වුනේ..
කවදාවත් මේ තරම් මුදලක් ගෙදරට ඇවිත් තිබ්බේ නෑ.

පිළිතුරු නොදන්න අය මේ Thread එක ඉදිරියට ගෙනියන්න උදව් කරන්න, හේතුව මේ ප්‍රශ්න මට වගේම හැමෝටම වටිනවා මේ කාලේ හැටියට.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඉල්ලුම් කරලා කොයි තරම් කාලයක් මග බලා සිටින්න ඔනේ ද ? - මුදල් ගෙවා දින 7ක් ඇතුලත..

උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ. - ඔව්,පුලුවන්..

මීටරයේ යම් දෝෂයක් තියෙනවා යැයි සැකයක් ඇති වුනා නම් අපි මේ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ? ඒ වෙනුවෙන් අපි යම් මුදලක් ගෙවන්න සිදු වෙනවා ද ? - විදුලි බල මන්ඩලයට,මම හිතන්නේ මුදල් ගෙවන්න ඕන නැ
 
ඉල්ලුම් කරන්න ඕනේ කාගෙන් ද ? කීයක් ද ගෙවන්න ඕනේ ?
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
mechchara loku bilak enne oyalage gedara factory ekak da:baffled::baffled::baffled:

එහෙම නම් නෑ, ඒත් අපිටත් හිතා ගන්න බෑ මේ තරම් මුදලක් ආවේ ඇයි ද කියලා.
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එහෙම නම් නෑ, ඒත් අපිටත් හිතා ගන්න බෑ මේ තරම් මුදලක් ආවේ ඇයි ද කියලා.
    කලින් මාසේ බිල කියද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න තරමින් ගේකට මීටර් දෙකක් හයි කරන්න නම් ගේ සම්පූර්නයෙන්ම කොටස් 2 කට බෙදිලා තියෙන්න ඕනෙ... උඩ තට්ටුවක් තියෙනව නම් ඒකට පල්ලෙහා තට්ටුවෙන් ඇතුල් වෙන්න බැරිවෙන්න ඕනෙ... පඩිපෙලක් එහෙම තියෙනවනම් ඒක බිත්තියක් වගේ එකක් බැඳලා වහලා දාන්න ඕනේ.. entrance වෙනම තියෙන්න ඕනේ..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    දන්න තරමින් ගේකට මීටර් දෙකක් හයි කරන්න නම් ගේ සම්පූර්නයෙන්ම කොටස් 2 කට බෙදිලා තියෙන්න ඕනෙ... උඩ තට්ටුවක් තියෙනව නම් ඒකට පල්ලෙහා තට්ටුවෙන් ඇතුල් වෙන්න බැරිවෙන්න ඕනෙ... පඩිපෙලක් එහෙම තියෙනවනම් ඒක බිත්තියක් වගේ එකක් බැඳලා වහලා දාන්න ඕනේ.. entrance වෙනම තියෙන්න ඕනේ..

    ape ehemmama dekata bedila naha api aragena thinne dekak,yata thattuwa badu denawa kiyala gattama hari,nath nam main road ekak aine thinawa nam para pattata thina room ekakata wenama ganna puluwan,office ekakata badu denawa kiyala ganna puluwan wumanawa thamai ona
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ

    • ගෙදරට වෙනම මීටරයක් හයි කරනවා නම් වෙනම ලිපිනයක් හදා ගන්න වෙනවා නේ, ඒක කරන්නේ කොහොම ද ?
    ග්‍රාමසේවක හමුවන්න.

    • උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ.
    ඔව්, ඒත් උඩු මහල හා යටි මහල ඇතුලතින් සම්බනධ නොවිය යුතුයි. එසේ නම් ඊට අදාළ පඩි පෙල ගඩොල් බිත්තියක් බැඳ වසා වෙන්කල යුතුයි. වෙන මොනම අකාරයේ වෙන් කිරිමක් වත් අනුමත නොකෙරේ. උදා - : දොරකින් වෙන් කිරීම.
    වෙන වෙනම වයරින් කර හො වයරින් එක දෙකට බෙදා තිබිය යුතුයි. ( වෙන වෙනම ට්‍රිප්, මේන් ස්විච්, බ්‍රේකර් )

    • වෙනම මීටරයක් හයි කරගන්න කොයි තරම් මුදලක් යට කරන්න වෙයි ද ?
    ලඟම ඇති විදුලිබල මණ්ඩලයේ කාර්යාලයකින් විමසන්න. ඊට අදාල අයදුම්පත් ද එතනින් ලබගත හැක.​

    ගෙදරකට මෙච්චර බිලක් එන්න කොහෙත්ම හේතුවක් නෑ. ගෙදර ෆ්‍රිජ් එකේ තර්මොස්ටැට් එක ගිහින් ද කියලා පොඩ්ඩක් බලන්න.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Point 300+ ganak wenadath enawada pudumai a/c ekak wath nathiwa,fridge kiyak thinawada,nath nam 52 inch wath wena CRT tv thinawada.

    Fridge 2 ක් තියෙනවා, ඒ තරම් ලොකු ඒවා නම් නෙවෙයි අගල් 26 LCD TV එකක් තියෙනවා තව අල්ලපු ගෙදර වෙනම CRT TV එකක් පාවිච්චි කරනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ape ehemmama dekata bedila naha api aragena thinne dekak,yata thattuwa badu denawa kiyala gattama hari,nath nam main road ekak aine thinawa nam para pattata thina room ekakata wenama ganna puluwan,office ekakata badu denawa kiyala ganna puluwan wumanawa thamai ona

    අපේ මල්ලි කෙනෙක්ට මීටර් දෙකක් දාන්න ඕනවෙලා ඔය විදිහට කරන්න වුනා... :yes: