ලයිව්_ශෝ_සිංදු

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ලයිව්_ශෝ_සිංදු

    සුදු පැහැ හෙඩ් ෆෝනයෙන් එන්රිකේ ඉග්ලෙසියස් අහන ඉස්ටාෆ් බසයේ බහුතරය,
    සාක්කු වලින් අතට ගත් උජාරුවට අගල් හතරේ පහේ ඉස්මාට්....
    නොකියා ඩුවල් සිම් පොලේ ගැහුවත් තුන් හතර වර තාම වැඩ මම...
    කොටාගෙන පොඩි එස් එම් එස්සුවක් සිංදුවේ මුල් වචන ටික
    ඩයිවර් මලයාගේ තනි කැමැත්තට තිබල් බේස් කන පලාගෙන ඇහෙන...
    හරියන උන් අහල බලපල්ලා...
    සමහර ඒව යූ ටියුබ් එකේ වත් තිබ්බෙ නෑ...

    Last edited:
    • Like
    Reactions: Fox C2

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Live Band නම් දැන් තියෙනවා බං විකාරෙන්.. පර්පල් රේන්ජ්ලා තව බෑන්ඩ් එකක් හැදුවා හීරෝස් කියලා.. සීදුවෙ සකුරාලා හැදුවා සීදූව බ්‍රාවෝ කියලා.. ඒවට මොනා වුණාද දන්නෙ නෑ.. උන් නම් ගොඩක් වෙඩින් වල එහෙම ප්ලේ කරන්නෙ මං දන්න විදියට.. කොහොම වුනත් බෑන්ඩ් නම් තියෙනවා බං දහදාහක් විතර ලංකාවෙ.. ගොඩක් ඒවා මාසයයි දෙකයි වැඩිම..

    Live Band ගත්තොත් මම නම් ආසම Live Band එකක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ.. 2000, 2006 වෙනකන් සජීවී ප්‍රසංග කලාවෙ ලොකු වෙනසක් කරපු බෑන්ඩ් එකක්.. ඉඳුනිල් කැපුනට පස්සෙ උන් එන්න එන්න පහලට ගියා.. මොකද ඒකෙ හිටපු වැඩ්ඩා තමා ඉඳුනිල්.. කවීශලට ඒ දේ කරන්න බෑ.. ඌ තමා ගේම ඇදගෙන ගියේ චාමර කැපුණට පස්සෙ.. ඔන්න පොර ආයෙම ඇවිත්.. බලපං ආයෙම බෑන්ඩ් එක සුපිරියට එනවා..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mic eka weda nethuwa yanawa :rofl:

    ane yaman bn Nadeeraya mona paddekda sanidapa Ajjage tone set ekata gahanna Paadek na
    Dennama Ela ban :yes:
    Live Band නම් දැන් තියෙනවා බං විකාරෙන්.. පර්පල් රේන්ජ්ලා තව බෑන්ඩ් එකක් හැදුවා හීරෝස් කියලා.. සීදුවෙ සකුරාලා හැදුවා සීදූව බ්‍රාවෝ කියලා.. ඒවට මොනා වුණාද දන්නෙ නෑ.. උන් නම් ගොඩක් වෙඩින් වල එහෙම ප්ලේ කරන්නෙ මං දන්න විදියට.. කොහොම වුනත් බෑන්ඩ් නම් තියෙනවා බං දහදාහක් විතර ලංකාවෙ.. ගොඩක් ඒවා මාසයයි දෙකයි වැඩිම..

    Live Band ගත්තොත් මම නම් ආසම Live Band එකක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ.. 2000, 2006 වෙනකන් සජීවී ප්‍රසංග කලාවෙ ලොකු වෙනසක් කරපු බෑන්ඩ් එකක්.. ඉඳුනිල් කැපුනට පස්සෙ උන් එන්න එන්න පහලට ගියා.. මොකද ඒකෙ හිටපු වැඩ්ඩා තමා ඉඳුනිල්.. කවීශලට ඒ දේ කරන්න බෑ.. ඌ තමා ගේම ඇදගෙන ගියේ චාමර කැපුණට පස්සෙ.. ඔන්න පොර ආයෙම ඇවිත්.. බලපං ආයෙම බෑන්ඩ් එක සුපිරියට එනවා..

    Chamaraya eth yanawane ban band ekath ekka :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chamaraya eth yanawane ban band ekath ekka :eek:
    ඉස්සර ඌ බෑන්ඩ් එකේම කෙනෙක් විදියට හිටියෙ.. Show එක පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන්ම හිටියා.. ඒ චාමර තමන්ටම කියලා සිංදුවක් කියපු නැති කාලෙ.. ඒ දවස්වල එයා වැඩියක්ම කිව්වෙ වේරලියද්දගෙ, සනත් නන්දසිරිගෙ සිංදු..

    පස්සෙ එයා ඇල්බම් එකක් කරලත් ටික කාලයක් බෑන්ඩ් එක එක්ක හිිටයා.. ඊට පස්සෙ ඌ බෑන්ඩ් එකෙන් අයින් වුණා.. දැන් එන්නෙ ගායකයෙක් විදියට අනිත් අය වගේ.. සිංදු කිව්වා ගියා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුශාර සුභසිංහත් සුපිරි කොල්ලෙක්.. ඌ මුලින්ම හිටියෙ සුපර්ස්ටාර් බෑන්ඩ් එකේ..:yes:
    ඒපාර තමා ඕල් රයිට් එකට මාරු වුනේ.. ඒකෙ මූ සලින්දයගෙ වයිපරේ එක්ක කේස් එකක් දාගෙන බෑන්ඩ් එකෙන් අයින් වුණා.. ඊට පස්සෙ ෆ්‍රීඩ් බැක් එකේ හිටියා මාස තුනක් විතර.. ඊට පස්සෙ පර්පල් රේනජ් ගැහුවා.. අන්තිමට තමා ඔක්සිජන් බෑන්ඩ් එක පටන් ගත්තෙ.. ඒක නම් සුපිරි..

    චාමර රණවකගෙ බෑන්ඩ් එකත් සුපිරියි.. ආයුබෝවන් ශ්‍රී ලංකා.. චාමර මුලින්ම සිංදු කිව්වෙ මාරිම්බා බෑන්ඩ් එකේ.. උන් නම් හොයන්නවත් නෑ දැන්.. පස්සෙ පොර බෑන්ඩ් එකෙන් අයින් වෙලා ඇල්බම් එකක් කලා.. පොඩි වළං කඩේ කියලා.. ඒකෙ හුඟක් සිංදු උගේ හැබෑ ජීවිතේ වෙච්ච සිද්ධි.. ඒකෙන් පොර හුඟක් ෆේමස් වුණා.. ඇල්බම් දැනට හතරක් කරලා තියෙනවා.. හතරෙම හුඟක් සිංදු හොඳයි.. මෑතකදි පටන්ගත්තු බෑන්ඩ් එකත් හොඳයි..:)

    එතකොට ෆ්ලෑෂ් බෑක්.. ඩොනල්ඩ් ප්‍රනාන්දු.. රොශාන්ගෙ තාත්තගෙ බෑන්ඩ් එක.. ඒක මුල් කාලෙ ගූ හැත්තෑවයි.. ඩොනල්ඩ් ප්‍රනාන්දුට සල්ලි තියෙන හන්දා ඉතිං ඇල්බම් ගැහුවා ඉහේ කෙස් ගානට.. රීමික්ස් අර මික්ස් මේමික්ස් කිය කියා පරණ සිංදු අලුත් කර කර ගැහුවා ඇල්බම් දහයක් විතර, නන්ස්ටොප් ඇල්බම් ගැහුවා පණහක් විතර.. ලයිව් ශෝ දෙකක් වගේ.. පස්සෙ කිංස්ලි රොශාන් තනි තනිවම ඇල්බම් දෙකක් කලාට පස්සෙ තමා බෑන්ඩ් එක ෆේමස් වුනේ.. ඒපාර උන් ඔක්කොම එකතුවෙලා ඇල්බම් එකක් කලා රත්තරන් ආදරේ කියලා.. ඒක සෑහෙන්න ෆේමස් වුණා.. ඔන්න ඔය තැන ඉඳන් තමා ෆ්ලෑෂ් බෑක් නැගලා ආවෙ..

    කිංස්ලි පීරිස් කලින් මොනා කරපු කෙනෙක් ද..? උඹලා දන්නවද..? :D

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    කිංස්ලි පීරිස් කලින් මොනා කරපු කෙනෙක් ද..? උඹලා දන්නවද..? :D

    දන්නේ නෑ කියපන්කො... royal යන පුතෙක් ඉන්නවද?

    (purple range එකට අයේ ආව කියල උබ කියල තිබ්බේ ඉදුනිල් ද?)