ලයිසන් එකට පොටෝ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මචං license renew කරද්දි වේරහැරනම් ඇතුලෙන් පොටෝ ගන්නවනෙ, ලංකාව වටේ තියන පොඩි පොඩි branches වලත් ඇතුලෙද පොටෝ ගන්න තියෙනෙ?

    නැත්තම් පිටින් අරන් එන්න කියනවද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ලයිසන් එකට ඡායාරූප ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්


    රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

    මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට ඡායාරූප ලබා දීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සාර්ථකව සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සමාජික ඡායාරූප ශාලා 7,000කින් පමණ, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයක ම ඉහළ ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මෙම ඡායාරූප සේවා ලබා දීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරනු ලැබ ඇත.

    ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපනය කිරීමට වැයවන පිරිවැය සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මගින් දැරීමට එකඟතාව පළ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

    එසේ ම, එහි නඩත්තුව සඳහා වාර්ෂිකව බලපත්‍ර ගාස්තු ගෙවීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.

    සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවන්ට එළඹ ඇත.