ලයිසන් එක ගන්න

god.silva

Member
Nov 25, 2013
60
1
0
ලයිසන් එක ගන්න

මචන් මම ඔස්ට්‍රේලියා යන්න ඉන්නෙ මේ එන පෙබරවාරි මාසෙ.....මට ඒත් ලයිසන් එක ගන්න් බැරි උනා...දන්න ලයින් ඔක්කොම හෙවුවා බන්...ඒත් එකක්වත් සෙට් උනෙ නෑ...මොකද exam එක අද ලිවුවත් trial එන්න මාස තුනක් යනවලු අනිවා...

මචන් රට යන එකෙකුට ලයිසන් එක නෑ කියන්නෙ ඉතින් ලොකු ප්‍රශ්නයක් බන්...
පුලුවන්නම් මට කොහොම හරි LICENCE එකට පිලියමක් කියපල්ල මචන් ..... ගොඩක් පින්..මෙතන කියන්න බැරිනම් PM එකක් හරි දාපන්....
 
Last edited:

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මචන් මම ඔස්ට්‍රේලියා යන්න ඉන්නෙ මේ එන පෙබරවාරි මාසෙ.....මට ඒත් ලයිසන් එක ගන්න් බැරි උනා...දන්න ලයින් ඔක්කොම හෙවුවා බන්...ඒත් එකක්වත් සෙට් උනෙ නෑ...මොකද exam එක අද ලිවුවත් trial එන්න මාස තුනක් යනවලු අනිවා...

    මචන් රට යන එකෙකුට ලයිසන් එක නෑ කියන්නෙ ඉතින් ලොකු ප්‍රශ්නයක් බන්...
    පුලුවන්නම් මට කොහොම හරි LICENCE එකට පිලියමක් කියපල්ල මචන් ..... ගොඩක් පින්..මෙතන කියන්න බැරිනම් PM එකක් හරි දාපන්....

    දැන්මම ලයිසන් එක ඇප්ලයි කලානම් පෙබරවාරි වෙද්දී ගන්න පුළුවන් වෙයි නේ. පිටරට ලයිසන් නැති කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ලයිසන් ගන්න අවුරුද්දකටත් වඩා කාලයක් ගතවන බව තමයි මම දන්නේ. මුලින්ම ලර්නර් පර්මිට් එක ලියලා ඊට පසුව වසරක් පුරා පැය 120 ක පුහුණුවක් ආදී දේවල් සම්පුර්ණ නොකර ලයිසන් ගන්න බැහැ. වියදමත් ලංකාවේ වගේ විසි තිස් ගුණයක් විතර වේවි. නමුත් ලංකාවේ ලයිසන් තියනවානම් ලර්නර් පර්මිට් අරගෙන ඒක පාස් උන ගමන්ම උනත් ඩ්‍රයිවින් ලයිසන් ටෙස්ට් එකට යන්න පුළුවන්. ඒ අතර කාලයේදීත් ලංකාවේ ලයිසන් එකෙන් එලවන්න (ඒකේ නීත්‍යානුකුල භාවය 100% නොවුනත් විසාල වරදක් නොකර එලවනවානම් වසරක් පමණ කාලයක් ලංකාවේ ලයිසන් එකත්, අලුතෙන් ආපු බව පෙන්වීමට පාස්පෝට් එකත් පෙන්වලා බේරුනහැකි.) පුළුවන්. කොහොම හරි මොන ක්‍රමයකින් හරි ලයිසන් එකක් අරන් එන එක නම් ඉතාම වාසිදායකයි.
    මෙල්බර්න් එනවානම් පහල ලින්ක් එකට ගිහින් මෙහෙ විස්තර දැන ගන්න පුළුවන්.

    https://www.vicroads.vic.gov.au/licences/your-ls/get-your-ls/how-to-get-your-ls