ලව්~කරමු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එලකිරි එකේ කෙල්ලෝ සහ කොල්ලො සහ වෙනත් උබලා දන්න අදුරන අය ලව් කරනවානේ.ඉතින් ඔය සේරම කරන ලව් වලින් 60% වගේ ගානකට කෙල වෙනවා නේ:yes:.

    එතකොට ඉතින් කෙල්ලන්ට කොල්ලො කියන ජාතියත් කොල්ලන්
    කෙල්ලෝ කියන ජාතියත් එපා වෙනවා නේ.කෙල්ලන්ට කොල්ලෝ බල්ලො ගානටත් කොල්ලන්ට කෙල්ලො පට්ට බැල්ලියෝ ගානටත් එපා වෙනවා නේ:angry:.

    එතකොට ඉතින් බූට් ශෝකයෙන් ජීවිතේ එපා වෙලා කල්ගත කරනවා නේ.ඊට පස්සේ ඉතින් මොනාද වෙන්නේ කියලා කියන්න දෙයක් නෑ නේ අමුතුවෙන්:(.

    මම කියන්නම් ලව් එක කරගෙන යන්න පුලුවන් හොද ක්‍රම කිහිපයක් ගැන.මේවා කරලා කෙල උනොත් ඉතින් හිතා ගනින් උබලාගේ පෙර පිනකට තමා කෙල උනේ කියලා වෙන තමන්ව තේරෙන ආදරක් හොයන් පලයන් අසම්මත නොවෙන.



    මෙන්න මේවා කරලා බලපන් උබලාගේ ආදරේ මැරෙනකම් පන වගේ තියෙන්න ඕන නම්.

    1.තමන්ගේ ආදරේ හිමි කෙල්ල හෝ කොල්ලාට තමාට කලින් ආදර සබදතාවක් බිදි ගොස් ඇත්නම් ඒ ගැන කවදාවත් කතා කරන්න යන්න එපා.මොකද කවුරුත් ආස නෑ තමන්ගේ අදුරු මතක ගැන වර්තමානයේදි මතක් වෙනවාට සහ මතක් කරනවාට.කලින් සබදතාව ගැන තමා අසන්නේ නැතුව කෙල්ල හෝ කොල්ලා ස්වකැමැත්තෙන්ම කතා කරන වෙලාවට හරස් ප්‍රශ්න නොඅසා ඉවසීමෙන් අහන් ඉදලා ඒ කතාවේ එයාලා අතර තිබ්බ දුර්වල තැන් වටහා ගන්න.ඒ දුර්වල තැන් වටහා ගෙන ඒ දුර්වල තැන් තමන් විසින් යලිත් ඇති නොවිමට වග බලා ගන්න.කෙල්ල හෝ කොල්ලා ස්වකැමැත්තෙන් කතාව කියන වෙලාවට ඒ ගැන ප්‍රශ්න නොකර අහන් ඉදලා කතාව කියවලා ඉවර උනාම හොදින් කියන්න දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි.ගිය කට්ටිය දැන් එන්නේ නෑ ඒ උනාට ඔයාට මම ඉන්නවා ඕන වෙලාවක ඕන අවස්තාවක කියලා:love:.


    2.කෙල්ල හෝ කොල්ලා දුක හිතුනාම එයාලගේ පරන සම්බන්දය ගැන අඩ අඩ කියනවා සමහර අවස්තාවලදි.ඒ වෙලාවට කවදාවත් බනින්න යන්න එපා කොච්චර තරහා ගියත්:oo:.මොකද කෙල්ලට හෝ කොල්ලාට දුක කියලා හිත නිදහස් කරගන්න කෙනෙක් නැති නිසයි තමන්ට ඒ දේවල් කියන්නේ.ඒ වෙලාවට තමන් බනින්න ගත්තාම තමාව එපා වෙලා වෙන ආදරයක් පස්සෙන් යන්න පුලුවන් ප්‍රතිශතය ගොඩක් වැඩියි.
    ඔය වැඩේ කොල්ලො ගොඩක් කරනවා කෙල්ල එයාගේ පරන සම්බන්දය ගැන කියලා දුක කියනකොට.ඔන්න ඔතනදි කෙල්ලට බනින්න ගත්තාම කොල්ලා ගැන කෙල්ලට තියන ආදරේ බිදෙන්න ගන්නවා.ඔය වෙලාවට පුලුවන් තරම් හිත හදන්න.

    3.තමන්ගේ කෙල්ල හෝ කොල්ලා තමන්ට බනින වෙලාවට එයාලා කියපු රහස්,එයාලගේ පරන දේවල් ගැන කියලා බනින්න යන්න එපා.බනින වෙලාවට කොච්චර කේන්ති ගියත් කට්ට කාගෙන අහන් ඉන්න:confused:.අහන් ඉදලා අන්තිමට කියන්න ඔයා කොච්චර බැන්නත් මට ඔයාට මුකුත් කියලා බනින්නේ නෑ මොකද මම ඔයාට ගොඩක් ආදරේ නිසා මම ආස නෑ ඔයා මගේ හිත රිදෙව්වාට මම නිසා ඔයාගේ හිත රිදෙනවාට කියලා.ඔය වචන සෙට් එක මාර ඉෆෙක්ටිව්.මම ගොඩක් අත්දැකිමෙන් දන්නවා ඒක නම්.


    4.තමාට කෙල්ල හෝ කොල්ලා ගැන යකා නැග්ගාම පුලුවන් තරම් ඒ අවස්තාවෙන් පලා යන්න බලන්න බනින්නේ නැතුව.බැරිම අවස්තාවක් ආවොත් බනින්නේ නැතුව ඇඩ්වයිස් එකක් දෙන්න හිතට වැදිලා කුඩු වෙලා ආපහු හිත හැදෙන ජාතියේ එකක්.ඕක හැම තිස්සේම කරන්න යන්න එපා.බැරිම නම් විතරක් කරන්න.එතකොට කෙල්ල හෝ කොල්ලා අපේ ඔලුවට අත හොදන්න එන එකෙන් බේරෙන්න පුලුවන්.හැමදාම බනිනවාට වඩා ඉදලා හිටලා හිතට වදින කතාවක් කිව්වාම ඕනම කෙල්ලෙක් කොල්ලෙක් අපේ මතේට අනුව නම්ම ගන්න පුලුවන් වෙනවා;).


    5.තමන් විසින් කෙල්ලට හෝ කොල්ලාට කරපු දේවල් ගැන කතා කරන්න එපා මොනම අවස්තාව ආවත්.මම ඔයාට මෙච්චරක් කරා මෙච්චරක් කරා කියලා කියවන්න එපා:dull:.


    6.තමන් එයාලාගේ කලින් සහකරුවාට වඩා හොද කෙනෙක් වෙන්න.කලින් කෙනාට වඩා ආදරේ කියලා අගවන්න එයාලගේ හැම ප්‍රශ්නේකදීම ලගින් ඉදලා;).


    7.ඉගෙන ගන්න කස්ටිය පුලුවන්නම් කෙල්ල හෝ කොල්ලා එක්ක පුස්තකාලේට යන්න.ගිහින් ලව් නොකර දෙන්නා එක්ක වෙනම ඉදලා පාඩම් කරලා ගෙදර යන්න.ගෙදර යන්න කලින් අතේ සතේ තියනවා නම් හොදයි කියලා හිතෙන තැනකින් ෆලූඩා පාරක් දාන්න:cool:.


    8.කෙල්ලගේ හෝ කොල්ලාගේ අම්මාගේ,තාත්තාගේ සහ පවුලේ අනිත් අයගේ උපන්දින වලදි කෙල්ලට විශ් එකක් යවන්න.පුලුවන්නම් තෑගි ගන්න කෙල්ගෙන් අහලා.නැතුව නම් ජීවිතේට ගන්න එපා:rofl:.



    9.කෙල්ල හෝ කොල්ලා තමාට වැඩිය ආසවෙන් වෙන කවුරු එක්ක හෝ කතා කරනවා හෝ මැසේජ් කරනවා නම් බනින්නේ යන්න නැතුව හොයලා බලන්න ඒ ඇයි කියලා:baffled:.ඒ අය එක්ක තමාට වඩා ආසවෙන් කතා කරන්නේ ඇයි කියලා හොයලා බලලා ඒ හේතුව තමා තුල නැත්නම් ඒක තමා තුල ඇති කරගන්න.


    10.කෙල්ල හෝ කොල්ලා වැරදි දෙයක් කරන්න හදනවා නම් ඒක කරාම ඇති වෙන දේවල් ගැන පුලුල් අවබොධයක් කියලා දෙන්න.මේක කරොත් මෙහෙම වෙනවා මේක කරොත් මෙහෙම වෙනවා කියන එක හොදට කියලා දෙන්න.පුලුවන් තරම් කෙල්ල හෝ කොල්ලාව තේරුම් ගන්න.මොනම විදිහකින්වත් තමන්ගේ තරහා එයාලා මතින් පිට කරන්න එපා.තරහා ගියාම මැසේජ් එකක් දාන්න මම ටිකක් නිදියනවා මගේ ඔලුව පැලෙන්න එනවා ඒක නිසා ෆෝන් එක ඕෆ් කරනවා කියලා ෆෝන් එක ඕෆ් කරලා තරහා නිව්නාම ෆෝන් එක ඔන් කරලා මැසේජ් එකක් දාන්න මම නැගිට්ටා දැන් ඔලුව අමාරුව හරි කියලා.තරහා ගිය වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා ටිකක් නිදියන්න.කලබල වෙච්ච හිතක් ඉබේම සන්සුන් වෙන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න හොද දෙයක් නෑ
    11.gif
    .




    මේවා තමන්ට කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවා නම් කරලා බලන්න.ඒ නැතත් තමන් දන්න අය ආදරේ කරනවානම් කියලා දීලා ඒ අයගේ ලව් එක සාර්තක කරන්න පොඩ් හෙල්ප් එකක් දෙන්න.


    මේක මම ලිව්වේ කොහෙන්වත් උස්සලාවත් කොපි පෙස්ට් කරලාවත් නෙවෙයි.සම්පූර්ණ මගේ අත්දැකීමෙන් සහ අනිත් අයගේ ලව් දිහා බලන් ඉගෙන ගෙන ලියන ලද්දකි.


    උපුටා ගැනීම තහනම් නැත.ඒත් යුතුකමක් වශයෙන් මාව දැනුවත් කරලා උපුටා ගනින්.
    කියවලා හොද නරක කියලා යන්න.

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහස් ටිකනම් හොඳයි. හැබැයි ගොඩක් අය ඔය දේවල් තේරුම් ගන්නෙ නෑ. අපි කාගෙත් සිත් ඉතින් අපි ගැනමනෙ හිතන්නෙ. එතකොට අනිත් අයගෙ හිත ගැන හිතෙන්නෙ නෑ. ස්තුතියි අ‍පේ ආදරය කරන අයට වගේ ම කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේ දේවල් ගැන හිතන්න අවස්ථාවක් දුන්නට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අදහස් ටිකනම් හොඳයි. හැබැයි ගොඩක් අය ඔය දේවල් තේරුම් ගන්නෙ නෑ. අපි කාගෙත් සිත් ඉතින් අපි ගැනමනෙ හිතන්නෙ. එතකොට අනිත් අයගෙ හිත ගැන හිතෙන්නෙ නෑ. ස්තුතියි අ‍පේ ආදරය කරන අයට වගේ ම කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේ දේවල් ගැන හිතන්න අවස්ථාවක් දුන්නට.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif