ලසන්ත-තජූඩීන් යලි ගොඩගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතී.

    ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

    ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියල්ල තොරතුරු එළියට ගන්නා බවද ඒ මහතා කියා සිටී.

    දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට බලය පවරා ඇති බවද ඒ මහතා කියා සිටී.

    මෙම පරීක්ෂණ සිදු කිරීමේදී තොරතුරු සැඟවූ තැන් මතු කිරීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවද ඒ මහතා කියා සිටියේය.

    @2osama @netudara
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ලසන්ත 15 වන සමරුව: නන්දසේන තාමත් නිදැල්ලේ​

    https://elakiri.com/threads/ලසන්ත-15-වන-සමරුව-නන්දසේන-තාමත්-නිදැල්ලේ.2138126/

    සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ.

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 8) උදේ 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සුසානය අබියසදී පැවැත්වේ.

    මෙහිදී ලසන්ත වික්‍රමතුංග මහතා සිහි කරමින් සුසානය අසලදී දේව මෙහෙයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

    2009 ජනවාරි 8 වන දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයා කවුදැයි අදටත් අවසන් තීන්දුවකට පැමිණීමට හැකිව නැත.

    ඝාතනයෙන් වසර හයකට පසු දේශපාලන වෙනසකින් අනතුරුව 2016 සැප්තැම්බර් 27 වන දා නව මරණ පරීක්ෂණයට ඒ මහතාගේ දේහය ගොඩගැනිණි.

    ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩගෙන කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2017 මාර්තු 20 වන දා අධිකරණයට ප්‍රකාශ කළේ ය.

    එමෙන් ම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට දැන් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයට අදාළව ඒ වන විට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් 2018 ජනවාරි 18 වන දා වාර්තා කළේ ය.

    ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල, ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත 2018 පෙබරවාරි 2 වන දා අත්අඩංගුවට පත්ව පසුව ඇප පිට නිදහස් විය.

    සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග 2019 අප්‍රේල් මාසයේදී අමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ද ගොනු කළා ය.

    Lasantha2 2024.01.08

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට 15 වසරක් සැපිරීම නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ ද සඳහන් වේ.

    '' මේ ඉන්නේ දැන් ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ. 2009 මේ අද වගේ දවසක, මහ පාරෙ බැටළුවො මරණ ගන් එකකින් ඔලුවටම දීල සන්ඩේ ලීඩර් එඩිටර් ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරාට පස්සෙ එයාගෙ අවමඟුල දවසෙ වලට පස්දාන ෆොටෝ එකක්.

    1915 බ්‍රිතාන්‍ය හමුදාවෙ සේවය කරපු, ඒ වගේම ව්‍යාපාරික පවුලක පුතෙක් වෙන හෙන්ද්‍රි පීරිස්ගෙ මරණය ගැන නැවත පරීක්‍ෂණයක් පවත්වන්න අනිල් යටතේ පරීක්‍ෂණ කමිටුවක් පත්කරන්න කැබිනට් පේපර් එකක් දාල සම්මත කර ගත්ත රනිල්ට, තමන් වෙනුවෙන් ඔච්චර වැඩකරපු ලැසීගෙ ඝාතනයෙ පරීක්‍ෂණ තර්කානුකූල අවසානයකට ගෙනියන්න බැරි ඇයි? ගෝට රකින්නද? මහින්ද රකින්නද? වෙන කවුරුහරි රකින්නද?''

    - https://www.theleader.lk/news/21262-15-18

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතී.

    ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

    ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියල්ල තොරතුරු එළියට ගන්නා බවද ඒ මහතා කියා සිටී.

    දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට බලය පවරා ඇති බවද ඒ මහතා කියා සිටී.

    මෙම පරීක්ෂණ සිදු කිරීමේදී තොරතුරු සැඟවූ තැන් මතු කිරීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවද ඒ මහතා කියා සිටියේය.

    @2osama @netudara
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ලසන්ත 15 වන සමරුව: නන්දසේන තාමත් නිදැල්ලේ​

    https://elakiri.com/threads/ලසන්ත-15-වන-සමරුව-නන්දසේන-තාමත්-නිදැල්ලේ.2138126/

    යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...

    ethakota ara camp ekak assta ussan giya kiyala army eken sakshi dila thibbe
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    හොඳ වැඩේ ඕකගෙ කට වැඩියි..අවුරුදු 10කට අැතුලට යවන්න ඕන..❤️
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ethakota ara camp ekak assta ussan giya kiyala army eken sakshi dila thibbe
    ඒවා බොරු බන් ..සාක්ෂි දුන්න නම් උන්ගෙන්ම අහගන්න පුලුහන් නේ උන දේ ,,මම NGO එකක එකෙක් බන්
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...
    ඔය කතාව පොර තැන් තුන හතරකම කියල තිබ්බ නෙ
     
    • Haha
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...

    තාජුදින් ඉරාන් වල ඉන්නවලු
    ලසන්ත ඇමරිකාවේ ඉන්නවලු
    දැකපු උන් කිව්වේ
    උපාලි විජේවර්දනත් කොලොම්බියාවේ ඉන්නවලු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒවා බොරු බන් ..සාක්ෂි දුන්න නම් උන්ගෙන්ම අහගන්න පුලුහන් නේ උන දේ ,,මම NGO එකක එකෙක් බන්
    සාක්ෂි paliyata serama pili ganne naha, ewa confirm kara ganna ona,
    dekkane ara thajudeen seen eka, ekin eka eliyata eddi athulenma serama sakshi issuwa, dan ewat issuwe kawuda kiyala wenama hoyanwa.
    anika oka kare rajapakshala kiyala nodanna kenek naham ehemai kiyala arrest karannath baha
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    තාජුදීන් නම් දැන් දැන් සිස්සත්වෙත් කරලා U13 රගර් ගහනව ඇති ආයිත් 🥱
    Ehemai Kiyala Mini marapu unta samawak denna puluwanda??
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තාජුදීන් නම් දැන් දැන් සිස්සත්වෙත් කරලා U13 රගර් ගහනව ඇති ආයිත් 🥱
    Nope
    උන් ආපහු ඉපදෙන්නෙ නෑ
    දැන් කන්‍යාවියො එක්ක සෙල්ලම් දානවා ඇති 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    Eka thama ithin hoyanna one.
    තාම හොයල නැද්ද? එහෙනම් මිනිමරුව හොයල ඉවරයි වගේ ස්ටේජ් වල කියන්නේ ඇයි චන්ද කාලෙට?
    තාජුදීන් මැරෙන්නේ 2012
    එදා ඉදන් ලංකාවේ තව සෑහෙන මරන වෙලා තියනව. මේකම කතා වෙන්න හේතුවක් තියෙන්න ඕන නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    සාක්ෂි paliyata serama pili ganne naha, ewa confirm kara ganna ona,
    dekkane ara thajudeen seen eka, ekin eka eliyata eddi athulenma serama sakshi issuwa, dan ewat issuwe kawuda kiyala wenama hoyanwa.
    anika oka kare rajapakshala kiyala nodanna kenek naham ehemai kiyala arrest karannath baha
    තජුදින් ගැන මම දන්නේ නැ මම දන්නේ එකනැලිගොඩ ගැන... එකනැලිගොඩ කියන පෙලපතම ලංකාවට වින කරපු උන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    තාම හොයල නැද්ද? එහෙනම් මිනිමරුව හොයල ඉවරයි වගේ ස්ටේජ් වල කියන්නේ ඇයි චන්ද කාලෙට?
    තාජුදීන් මැරෙන්නේ 2012
    එදා ඉදන් ලංකාවේ තව සෑහෙන මරන වෙලා තියනව. මේකම කතා වෙන්න හේතුවක් තියෙන්න ඕන නේ

    ඉතිං තජුඩීන් කියන්නේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් නේ..අනික මුස්ලිම්..
     
    Similar threads