ලස්සන කන්නඩ ෆිල්ම් එකක් බලමු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    රිෂාබ් ෂෙට්ටි විසින් තිර රචනය කරන ලද සහ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද Kantara (2022) කන්නඩ චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ පැමිණියේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වයන් ගොඩයි. තිර පිටපත සහ අධ්‍යක්ෂණය කරන ලද රිෂාබ් ෂෙට්ටිම තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙත්.

    කෝටි 16ක වගේ බජට් එකකින් සැඳුණු මෙම චිත්‍රපටය, තිරගත වීම ඇරඹීමත් සමඟ බොහෝ සෙයින් ෆේමස් වෙන්න ගත්තා. එකපාරම පොසිටිව් රිවීව්ස් වැසි වසින්න ගත්තා… කිසිවෙක් ඇහැ ගහන් නොසිටි මෙම චිත්‍රපටය, අවසානයේ එහි සමස්ථ ආදායම කෝටි 400ද අභිබවා යාමට සමත් වුනා. බොහෝ රිකෝඩ් පවා කැඩුනා. ලොකු හයිප් එකක් තිබ්බ KGF2 හි කර්නාටක ආදායමද තඹේකට මායිම් නොකරපු චිත්‍රපටියක් තමයි මේක. හිතාගන්නකො ඉතිං තරම.

    Kantara එහෙමත් නැත්නම් අන්තර් ජාලයෙ සඳහන් වන විදියට “අත්භූත වනාන්තරය” කියන නම ඇයි ආවෙ කියලා ඔයාලට මේ චිත්‍රපටය බලනකොට තේරෙයි. ඒවගේම Thriller, Mystery, Action ඝණයට අයත් වෙන මෙම චිත්‍රපටයට IMDb 9ක ඉහලතම අඟයක්ද ලබාගෙන තියෙනවා.

    කථාව ගැන කියනව නම්, ගමක් පාදක කරන් මිත්‍යා මතයක් එක්ක තමයි කථාව දිවෙන්නේ. කැලෑව කියන්නෙ ඒ ගමේ අයගෙ නිවහන වගේ තැනක්. ඉතිං, මේ කැලේ බොහෝ අත්භූත දේවල් සිද්ධ වුන වගේම තාමත් සිද්ධ වෙන තැනක්. ගමේ අය දඩයමේ යන්නෙත් මේ කිව්ව වනයටමයි. කැළෑ සත්තු මරමින්, දඩ මස් බුදින සමාජයක් තමයි මේ ගම්මානය.

    ලොකු ඉගෙනුමක් නැති පිරිසක් වෙසෙන, හරි හරියට කේන්ති යන අයවලුන් ජීවත් වෙන මේ ගමට එක් දවසක අලුතෙන් එන ෆොරෙස්ට් ඔෆිසර් කෙනෙක් නිසා, සියල්ලම වෙනස් වෙන්න ගන්නවා. ඔහු සමඟ ආරවුලක් මුලදිම අපේ කථා නායකයා ඇති කරගැනීමත් සමඟ වෛරයක්ද ලියලනවා. ඉතිං මේ නිළධාරියා, රජයට අදාල ඉඩම් යලි පවරා ගැනීමක් සිඳු කරනවා. ඊට අමතරව වනාන්තරයට යාම ගම්මුන්ට සීමා කරවනවා. විශේෂයෙන් දඩයම තහනම්.

    ඉතිං තම සුපුරුදු ජීවන රටාවට එරෙහි වූ මේ නිළධාරියා සමඟ වන ඝට්ටනය වගේම, දේව ඇඳහීමක් මතින් තමයි
    මේ කථාව දිවෙන්නේ.. දෙවියො ගැන විශ්වාස කරන, අදහන ජනකායක් තමයි මේ ගම්මු. එයට හේතුව දෙවියන් ඇස් ඉදිරියටම ඇවිත් අතුරුදහන් වීම තමයි.

    ඉතිං හරි හරියට රහස් සැගවුන මේ ගමේ, කැළෑවේ, ගම්මුන්ගෙ කථාව බලන්න කියලා ආරාධනා කරනවා.ලොකු මහන්සියක් දරන්න උනා මෙ උපසිරැසිය කරන්න අපිට. මොකද සාමාන්‍ය කන්නඩ භාෂාව නෙවෙයි අන්තර්ගත වෙන්නේ. ඒවගේම අපි දෙන්නම අකමැත්තෙන්ම කරපු උපසිරැසියක්. මොකද බලන කොට ලැබෙන රස සබ ගහන කොට ලැබෙන්නෙ නෑ මේකෙ. ඒ තරම් පිරිහෙන, අමාරු එකක්. එ නිසා අඩු පාඩුවක් එහෙම තිබුනොත් ගණන් ගන්න එපා.







     
    Last edited: