ලස්සන සිංහල ගී ගැයූ ඉන්දීය ගායිකාවෝ.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක සිංහල සිනමාවේ මුල් අවදිය ගැන කතාවක්. රේඛාව චිත්‍රපටිය රූගත කරන කල් සියලුම චිත්‍රපටි හැදුණේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළදී. ඒ වගේම බොහෝ චිත්‍රපටි ගීත ගායනා කරන්න තෝර ගත්තේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ. මේකට එක හේතුවක් වුනේ මේ චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණය කරන්න තෝරා ගෙන තිබුණේ දකුණු ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂකවරුන් වීම. නමුත් පස්සේ කාලෙකදි ඒක සම්ප්‍රදායක් බවට පත් වුණා. මේ ක්‍රමය වෙනස් කරන්න මැදිහත් වුණු දෙන්නෙක් හිටියා. පළවෙනි කෙනා වුණේ රුක්මණී දේවිය. අනිත් කෙනා වුනේ ලතා වල්පොළ. මේ දෙන්නටම දකුණු ඉන්දීය ගායිකාවන්ගෙන් ඇතැම් අවස්ථාවල විරෝධයකුත් ඇති වෙලා තියෙනවා. සමහර ලැබෙන වාර්තා අනුව ඔවුන්ට ලැබෙන අවස්ථා පැහැර ගන්න මේ දෙන්න උත්සාහ කරනවා කියලා ඔවුන් පැමිණිලි කළා කියලා කියනවා. මේ කොහොම වුණත් සිංහල සිනමා ගීත ගායනය ගැන කතා කරද්දි මේ අයව අපිට අමතක කරන්න බෑ. ඒ ගායනා කරපු ගීත තවමත් අපේ රසිකයන් අතර ජනප්‍රියයි. මේ නිසා අපි අද හිතුවා සිංහල සිනමා ගීත ගායනා කරපු ඉන්දීය ගායිකාවන් කිහිපදෙනෙක් ගැන කතා කරන්න.

    ජික්කි​

    indian-singers-who-sang-sinhala-songs-1.jpg

    ජික්කි කියන නම ඇය භාවිතා කරලා තියෙන්නේ සිනමාව සඳහා පමණයි. ඇගේ ඇත්ත නම වුණේ පී. ජී. ක්‍රිෂ්ණාවෙනි. ඇය විවාහ වෙන්නේ දකුණු ඉන්දීය සංගීතඥයෙක් වන ඒ. එම් රාජා සමඟ. ඔවුන් දෙදෙනා විවාහ වෙන්න කලින් ඉඳන්ම එකට ගීත ගායනා කරලා තියෙනවා.
    මේ ඇය ගායනා කරපු ජනප්‍රිය ගීයක්, මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ ‘අයියයි මල්ලියි’ කියන චිත්‍රපටියට.

    කේ. රාණී​

    indian-singers-who-sang-sinhala-songs-2.jpg

    සිංහල ගීත සඳහා තමන්ගේ හඬ මුසු කරපු පළවෙනි දකුණු ඉන්දීය ගායිකාව වෙන්නේ කේ. රාණි කියලා කියවෙනවා (නමුත් මේ මතයට ප්‍රබල සාක්කි නම් නෑ). ඒ වගේම ඇගේ ජීවිත සටහන් වලට අනුව ඇය උස්බෙකිස්තාන භාෂාවෙනුත් ගීත ගායනා කරලා තියෙනවා. දකුණු ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ ඇය ඩී. එම්. කේ පක්ෂය වෙනුවෙන් නිර්මාණය කරපු ගීත සඳහාත් තමන්ගේ හඬ එකතු කරලා තියනවා.
    සුජාතා චිත්‍රපටය වෙනුවෙන් ඇය ධර්මදාස වල්පොළ එක්ක මේ ගීතය ගායනා කරනවා.

    කේ. ජමුනා රාණී​

    IMG1633A.jpg

    ගොඩක් අය කේ. රාණි සහ කේ. ජමුනා රාණීව පටලවා ගන්නවා. සුජාතා, සැඩසුළං, වන මෝහිනී, සූරසේන වගේ චිත්‍රපටි ගණනාවකට කේ. ජමුනා රාණී මහත්මිය තමන්ගේ හඬ ලබා දෙනවා. ඇයට මුල්කාලීන ගායකයන්ගේ ඉඳන් එච්. ආර් ජෝතිපාල දක්වාම විවිධ ගායකයන් එක්ක යුග ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා.
    මේ ඇය “වන මෝහිනී” චිත්‍රපටියට එච්. ආර් ජෝතිපාල සමග ගැයූ “කොළ කඩ කඩ බොරුවට දෙනවා” ගීතය

    භාග්‍යරතී​

    indian-singers-who-sang-sinhala-songs-5.jpg

    පළවෙනි සිංහල කතානාද චිත්‍රපටය වීමට කඩවුණු පොරොන්දුව සහ අශෝකමාලා චිත්‍රපටය අතර තරගයක් තිබිලා තියෙනවා. “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටිය එහි රඟපෑ නළු නිළි ගායිකාවන්ගේ හඬ යොදාගනිද්දි අශෝකමාලා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් උත්සහ කරලා තියෙන්නේ තමන්ගේ චිත්‍රපටයේ ගීත ගායනා සඳහා එවකට ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වුණු කෝකිලදේවී රණතුංග මහත්මියව සම්බන්ධ කරගන්න. නමුත් කෝකිලදේවී රණතුංග මහත්මිය ඉහළ මුදලක් ඒ වෙනුවෙන් ඉල්ලීම නිසා ඔවුන්ට දකුණු ඉන්දීය ගායිකා භාග්යරතී මහත්මියව ගීත ගායනා සඳහා යොදා ගන්න සිද්ධ වෙනවා.
    මේ ‘අසෝකමාලා’ චිත්‍රපටයට ඇය ගායනා කරපු ගීත අතරින් එකක්.

    තවත් අය ඉන්නවා, මේ පහල ලින්ක් එකෙන් බලන්න.
    උපුටාගැනීම ---- life.lk
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo

    මේ සයිට් එක උඹේද ?