ශ්‍රී ලාංකික අප පසුකර ආ අදුරු යුග එමටයි. 1983 අවුරුද්දේ කළු ජූලිය් සමග ගෙවුණු අඳුරු අතීතය මෙය කියවන ඔයාලට මතකද දන්නේ නැහැ. මිනීමරු කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදා සෙබළුන් දොළොස් දෙනකු එකවර ඝාතනය කොට තිබූ සහගහන අපරාධයට වන්දි ගෙවන්න වුණේ ලංකාවේ සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට. කොළඹ පැත්තේ ඒ එක දවසක දෙමළ කඩසාප්පු පුච්චමින් ගිනි ඇවිළෙනකොට ‘බාල්දිය’ කියන වචනය පැහැදිලිව උච්චාරණය කරන්න බැරි මිනිස්සුන්ව තෝරාගෙන දාමරිකයන් විසින් කපා කොටා දැම්මා.
කේ.වෙන්කට් කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාවට විශාල මෙහෙවරක් කරපු කලාකාමී දමිළයෙක්. දමිළ වුණාට වෙන්කට් හැදුවෙම සිංහල චිත්‍රපට. ඒකට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. බොහෝ විට හොඳ මිනිස්සු යමක් කරන්නේ හේතු හොය හොයා නෙවෙයි. වෙන්කටුත් එහෙම කෙනෙක්. ඔහුට තිබුණා හරි මනරම් කලාත්මක ඇහැක්. ඒ ඇහැට පෙනුණු හිතට දැනුණු අලංකාරය කියන හැම සිතුවිල්ලක්ම දර්ශනයක්ම ඔහු සිනමාවට නැගුවා.
දමිළයෙක් වූ කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු ශ්‍රී පතුල බෞද්ධ සිනමා පටයේ අතිදක්ෂ සිංහල නළු නිළියන් වූ ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි සහ සුවිනීතා වීරසිංහ රංගනයෙන් දායක වෙනකොට එහි බොදු ගීත සිය ගැඹුරු හඬින් කන්කලු ආකාරයට ගායනා කෙරුවේ ඉස්ලාම් ලබ්ධිකයෙක් වූ මොහිදීන් බෙග්. ඒ ගීත එකතුව මොන තරම් මනලෝලීද කියනවා නම් අදටත් තවමත් වෙසක් එකට දන්සල්වල, සල්පිල්වල මහ සද්දෙට ඇහෙන්නේ ඒ ගීත. ‘සකල සතම බොදු බැතියෙන්’, ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ’ කියන ඒ අර්ථවත් ගීත අපි හැමෝටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අතර ‘ගොපළු හඬක්’ හුඟාක් ජනප්‍රිය වුණා. ‘මගෙ නාමලී බැඳි ආදරේ’ ගීතය අදටත් රේඩියෝ චැනල්වල නිතර ඇහෙනවා.
ශ්‍රී පතුල චිත්‍රපටයේ දර්ශනයක්
එහෙත් 1983 ජූලි ජාතිවාදී කලබලයේදී ගාලු පාරේ දෙහිවල හන්දිය ආසන්නයේදී මෙතුමා වාහනයෙන් ගමන් ගනිද්දී ජාත්‍යාල මැරයින්ට අසු විය .මෙතුමා වාහනයෙන් බැස්සවූ මැරයින් ඔහුට පහර දුන්හ."බාල්දිය" කියපන් කියමින් පහර දුන්හ .මම සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂ කවරයකු බවත් සිරි පතුල චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේත් තමන් බවත් කියමින් ජීවිතය අයැද සිටියත් "බාල්දිය" කීමට අපොහොසත් වීම නිසා මැරයින් ඔහුව කාරය තුලට තල්ලු කොට පෙට්‍රල් දමා ගිනි තබා අමු අමුවේ මරා දැමීය.
කේ. වෙන්කට් මහත්තයට තිබුනේ Nissan B310 ක්‍රීම් පාට මෝටර් රථයක්. ගිනිතබා විනාශ කළ එම කාරය මාස ගණනක් තිස්සේ බෙල්ලන්තර අත්තිඩිය පැත්තට වෙන්න තිබූ පාළු ඉඩමක දමා තිබුනි.
දේශපාලකයන්ගේ දුර දිග නොබලනා තීන්දු තීරණ නිසා කාටවත් කිසිදු හිරිහැරයක් නොකර අහිංසක මිනිස්සුන් රාශියක් මෙම කණගාටුදායක් සිදුවීම නිසා නිකරුනේ මැරුම් කෑහ. නැතිනම් ඔවුන්ගේ සියලුම දේපල විනාශවී අනාත විය. ජාතියක් වශයෙන් අප අදටත් කනගාටු වියයුතු තවත් විස්තරයක් මෙසේ ලියා තබමු.
පණපිටින් අමු අමුවේ පුළුස්සා මරා දැමූ සිංහල සිනමාවට ඉමහත් සේවයක් කළ කේ.වෙන්කට් මහතාගේ චිත්‍රපට කිහිපයක්
1.මහ රෑ හමුවූ ස්ත්‍රිය-1966
2.උතුම් ස්ත්‍රිය-1969
3.අද මෙහෙමයි-1972
4.ගොපලු හඬ-1973
5.දමයන්ති -1975
6.නිලූකා-1977
7.සිරිපතුල -1978
8.මගේ අම්මා -1980
NRTG ගේ සටහනක්
චායරුප සහ තොරතුරු අන්තර්ජාලයෙනි

Last edited: