ලසිත් මාලිංග, ජනමාධ්‍ය සහ ජඩමාධ්‍ය...!
සෙපරමාදු මිල්ටන්ට හා ස්වර්ණා තේනුවරට දාව උපන් සෙපරමාදු ලසිත් මාලිංග ස්වර්ණජිත් මුලින්ම රබර් බෝලයෙන් ක්‍රිකට් ගැහුවේ ඓතිහාසික රාජග්‍රාමය හෙවත් රජ්ගම පුරවරයේ අම්පිටිය පොල් රුප්පාවේ ය. ටෙනිස් බෝලයෙන් ක්‍රිකට් ගැහුවේ රජ්ගම වෙරළ තීරයට යාබද බණ්ඩාරවත්ත පිට්ටනියේ ය. ලෙදර් බෝලයක් අතින් ඇල්ලූවේ සාමාන්‍ය පෙළ පන්තියේ දී විද්‍යාලෝකයේදී ය. ලෙදර් බෝලයෙන් විකට් පොලූ සුනු විසුනු කරන්නට පටන් ගත්තේ විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරද්දී මහින්දයේ දී ය. ගාලූ ක්‍රිකට් සමාජයෙන් පටන්ගෙන මුම්බායි ඉන්දියන් දක්වා දීර්ඝ ගමනක් ගියේ තම උත්සාහය, දැඩි කැපවීම, හා වාසනාව නිසා ය. ඒ අතර තුර අත හිත දුන් ගුරුවරුන් හා පුහුණු කරුවන් ගැන මාලිංග තුල ඇත්තේ නොමඳ ගෞරවයකි. මාලිංගයේ දස්කම් මුලින්ම හඳුනාගත් මහින්දේ කීර්ති ධර්ප්‍රිය ගුරුතුමාත්, චම්පක රාමනායක පුහුණු කරුත් නිහ~ව සතුටු වෙද්දී, ලෝක ප්‍රසිද්ධ වූ මාලිංග ගේ තොරතුරු හා ඕපාදූප වලින් බඩවියත රැකගත් මාධ්‍ය මාලිංග ගේ පොල්මඃකාර, උරුමක්කාර අයිතිකරුවන් වී එතැනින් නොනැවතී මාලිංගට ද~ුවම් නියම කරන්නටත් කැස කවමින් සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලත සිදුවන කිසිවක් ඉන් පිටතට හෝ මාධ්‍යයට හෙළි නොකරන්නට සියළු ක්‍රීඩකයන් ගිවිසුම් වලින් බැඳී සිටිති. ඒ බව හොඳාකාරවම දන්නා මාධ්‍ය, මාලිංග පසුපස පමණක් පන්න පන්නා තොරතුරු විමසන්නේ යම් පාර්ශවයක වුවමනාව මත ය. ඒ ප්‍රවෘත්තියක් ලබා ගන්නටත් වඩා ගහන්නට පොයින්ට් එකක් ලබා දෙන්නට බව හොඳටම පැහැදිලිය. ලැබුණු පොයින්ට් එක සිතූ තරම් ප්‍රබල නොවූවත් මාලිංගට පහර දෙන්නට ප්‍රමාණවත් තරමට එය ඔප මට්ටම් කරගෙන ඇත. මාලිංගගේ කොණ්ඩය ගැන ඉරිසියා කරන තට්ටයන් හා ලෝක කුසලානයක් ලංකාවට කිසිදා නොලැබේවායි යටි සිතින් ප්‍රාර්ථනා කරන කුහක නායකයන් මෙයින් කාලකන්නි සතුටක් ලැබුවත් මාලිංගට ආදරය කරන සමස්ත ලෝකවාසී ජනතාව මේවා අනුමත නොකරති.
ජනමාධ්‍ය නමැති සුන්දර වනපෙතේ සිංහයන් වැනි නිර්භීත මාධ්‍ය කරුවෝ සිටිති. උකුස්සන් වැනි අති දක්ෂ නිරීක්ෂකයෝ සිටිති. කලවැද්දන් හා හිකනලූන්ද, අසූචි බුදින ඌරන් වැනි ජඩමාධ්‍ය කාරයෝද සිටිති. උතුරින් දකුණට ගෙනා රත්තරන් තොගයට සිදුවූයේ කුමක්දැයි අසන්නට කොන්ද පණ නැති ජඩමාධ්‍ය කාරයෝ මාලිංග ගෙල බැඳි රන්මාලය ගැන උරණ වී සිටිති. දේශපාලූවන්ගේ ප්‍රතිරූප ගොඩ නැගීමට පට්ට පල් බේගල් සතිපතා දියත් කරන ජඩමාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේ නම ලොව පුරා පතුරුවන මාලිංගගේ අභිමානය දකින්නේ ලොකු ඔළුවක් ලෙස ය. තොග පිටින් ලංකාවට මත්කුඩු ගෙන්වන දේශපාලකයන් ගැන මුනිවත රකින ජඩමාධ්‍යයට තම දහඩිය මහන්සියෙන් දක්ෂතාවයෙන් කෝටි ගණන් විදේශ විනිමය ලංකාවට රැගෙන එන මාලිංගගේ මුල මැද අග ප්‍රශ්ණයක් වී ඇත.
ලංකාදීපයට මාලිංග ගැන ලියූ අප්‍රසන්න සංජීව කොයි තූත්තුකුඩියක උපන් සට්ටැඹියෙක් දැයි අප නොදනිමු. නමුත් ලෝක පූජිත ලසිත් මාලිංග ඔහුට රත්ගම වැල්ලේ උපන් රස්තියාදුකාර කොල්ලෙකි. එදා මාහාචාර්ය සරච්චන්ද්‍රයන් ඉපැදුන රජ්ගම, මහාචාර්ය චන්ද්‍රකීර්ති ශ+රීන් උපන් රජ්ගම, මහා දානපති අර්නස්ට් ද සිල්වා ශ්‍රීමතානන් උපන් රජ්ගම, ඔහුට නිකම්ම නිකං රත්ගම වැල්ල වී ඇත. ලංකාව බිහිකළ අපූරු (පූර්වයේ නොවූ) ක්‍රීඩකයා රස්තියාදු කොල්ලෙක් වී ඇත.
එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දුව යැවූ ඩී.එල්.එස්. ද සිල්වා, හැදී වැඩුනු රජ්ගම, කම්කරු නායක එම්.ජී.මෙන්ඩිස් උපන් රජ්ගම, කාලිංග ඔබේවංශ, නාමෙල් වීරමුණි, ලින්ටන් සේමගේ, සිරිල් ධර්මවර්ධන වැනි කලා කරුවන්ගේ නිජබිම වූ රජ්ගම, වෙත්තමුනි පරපුර නෑකම් කියන රජ්ගම ලංකාදීපයේ අප්‍රසන්නට නිකම්ම නිකං රත්ගම වැල්ල වී ඇත.
ඒ ඌ දන්නා උගේ ව(ැ)ල්ලේ තරම ය.
පින්නදූවගේ අරවින්ද සිල්වා පරපුර පැවත එන දොඩන්දූවත්, ධම්ම ජාගොඩයන්ගේ උපන්ගමත්, ශ්‍රී සුමංගල හිමියන් වැඩ විසූ හික්කඩුවත්, ශ්‍රී රාහුල හිමියන් වැඩ විසූ තොටගමුවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පාසැලත් පිහිටියේ එක් ලක්ෂ එක් දහසක් ජනතාව වෙසෙන රජ්ගම ආසනය තුලය. ගොසිප් ලංකා පනික්කියා කියන හැටියට රජ්ගම වෙසෙන්නේ දහසක් පමණ නූගත් ජනතාවක් ය. ඒ උගේ දැනුමේ දිග පළලය.
මාධ්‍යයට ක්‍රීඩකයන් ඇති කරන්නටත් නැති කරන්නටත් හැකි වූයේ එදා ය. ඒ ක්‍රිකට් තරඟයක් ගැන තොරතුරු දැන ගන්නට පත්තරයක් එන තුරු මග බලා සිටි කාලයේදී ය. අද ලොව කොතැනක පැවැත්වෙන තරඟයක් වුව සජීවීව නරඹන්නට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත. පත්තරයෙන් ටී.වී. නිවුස් වලින් තොරතුරු කියන්නට පෙර මහජනයා සජීවීව තරඟය නරඹා අවසානය. පත්තර වලට කළ හැක්කේ මහජනතාව දුටු දේම නැවත විකුණන්නට ය. එදා මෙන් අද බොරු කියන්නට බැරිය. බොරු පෙන්වන්නටත් බැරිය. ක්‍රීඩකයන් ඇති කරන්නටත් නැති කරන්නටත් තමන්ට හැකි යයි ජඩමාධ්‍ය කරුවන් සිතා සිටිනවා නම් ඒ උන් ගොනාට ඇඳ ගැනීමකි. තම තරහා කාරයාට මඩ ගැසීමට නම් ජඩමාධ්‍ය කරුවන්ට හැකියාව තිබේ. ඒ බව ශ්‍රී ලංකාවේ ඇතැම් රූපවාහිනී නාලිකා, පුවත්පත් පසුගිය දිනවල මොනවට විදහා දැක්වූහ. නමුත් සියළු දේ තෝරා බේරා විශ්ලේෂනය කිරීමට අවශ්‍ය තොරතුරු පහසුකම් අද බුද්ධිමත් ජනතාව සතුය. එබැවින් අප්‍රසන්නලා වැනි ජඩමාධ්‍ය කරුවන්ද, ගොසිප් ලංකා වැනි ජඩ ඕපා දූප කරුවන්ද මේ බැව් සිහි තබා ගෙන තම බඩ රස්සාව රැක ගැනීම සඳහා පනම් හතරක් හොයා ගන්නේ නම් මැනවි.
-රජ්ගම පැණිවත්තේ ආනන්ද සමරවික්‍රම විසිනි (සංවාදයට විවෘතයි)
(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.18, ප.ව.6.30)