ලාංකිකයන් රවටා ලක්ෂ ගණනින් මුදල් ගරන විද&#3546

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලාංකිකයන් රවටා ලක්ෂ ගණනින් මුදල් ගරන විද&#3546

    [FONT=&quot]
    [/FONT]
    " දියුණු වෙන්න උදව් කරන්නම් , ඔයාගේ නමට බැංකු ගිණුමක් ඇරලා පොත මට දෙන්න " ප්‍රවේසමෙන් .! ශ්‍රී ලාංකිකයන් රවටා ලක්ෂ ගණනින් මුදල් ගරන විදේශිකයන්ගේ ජාවාරමක් .!

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙරට තුල රැඳි සිටිමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රවටමින් , ඔවුන්ගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කළ නයිජිරීයානු ජාතිකයෙක් නීතියේ රැහැනට කොටුව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]සැකකාර නයිජිරීයානු ජාතිකයා ශ්‍රී ලාංකිකයන්ට දියුණු වීමට උදව් කරන බවටත්, දිනුම්වලින් ත්‍යාග හිමිවී ඇති බවටත් පවසා මෙලෙස විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් රැසකගෙන් රුපියල් ලක්‌ෂ ගණනක්‌ වංචා කර ඇති බව සදහන්.[/FONT]
    [FONT=&quot]ගොඩ්වින් න්වාබන් වැනි නමැති අදාල තිස්‌ හැවිරිදි නයිජීරියානු ජාතිකයා මීට මාස තුනකට පමණ පෙර උණවටුනට පැමිණ ශ්‍රී ලාංකිකයෙකු හමුවී තමන්ට නතරවීමට නිවසක්‌ සොයා දෙන ලෙස එම ශ්‍රී ලාංකිකයාගෙන් ඉල්ලා ඇත.[/FONT]
    [FONT=&quot]ඒ අනුව ශ්‍රී ලාංකිකයා මසකට රුපියල් තිස්‌ දහසක කුලියට මෙම නයිජිරීයානු ජාතිකයාට නතරවීමට නිවසක්‌ සොයා දී ඇත.

    ඉන්පසු දෙදෙනා අතර මිත්‍රත්වයක්‌ ගොඩනැඟී ඇති අතර සැකකාර නයිජිරීයානුවා මෙම පුද්ගලයාගේ නිවසට යැමටත්, ඔහු නයිජිරීයානුවාගේ කුලී නිවසට යැමටත් පුරුදු වී ඇත. මේ අතර සැකකරු ශ්‍රී ලාංකිකයාට පවසා ඇත්තේ ඔහුට දියුණු වීම සඳහා උදව් කිරීමට කැමති බවය. ඒ සඳහා බැංකු ගිණුමක්‌ ආරම්භ කර දෙන බවත් බැංකු පොත සහ ඒ. ටී. එම් කාඩ්පත තමා ළඟ තබාගන්නා බවත් සැකකාර නයිජීරියානුවා පවසා තිබේ.
    [/FONT]
    [FONT=&quot]එසේ බැංකු පොත සහ කාඩ්පත තමා ළඟ තබා ගන්නේ එයට මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔහු එම මුදල් ලබාගෙන අනවශ්‍ය ලෙස වියදම් කරන නිසා බවත් සැකකාර නයිජීරියානුවා පවසා ඇත. ඒ අනුව ඔක්‌තොබර් 20 වැනි දින ගාල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට ගොස්‌ නයිජිරියානුවා රුපියල් තුන් දහස්‌ පන්සියකින් ශ්‍රී ලාංකිකයාගේ නමට ගිණුමක්‌ ආරම්භ කර පොත සහ ඒ. ටී. එම්. කාඩ්පත සැකකරු ළඟම තබාගෙන ඇත.

    මේ අතර පසුගිය දිනක සැකකාර නයිජිරීයානුවා ශ්‍රී ලාංකිකයාගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්‌ථාවේ ඔහු නිවසේ සිට නැත. එහෙත් ඔහුගේ ඥාති තරුණියක්‌ හා තවත් කාන්තාවක්‌ එම නිවසට පැමිණ ඇත. එහිදී තරුණිය සමග මිත්‍ර වූ සැකකරු ඇයට ද දියුණු වීම සඳහා උදව් කිරීමට කැමැති බව පවසා ගිණුමක්‌ ආරම්භ කරදීමට එම බැංකුවටම එන ලෙස පවසා තිබේ.

    ඒ අනුව ඇය අනෙක්‌ කාන්තාව ද සමග ඉකුත් දින බැංකුවට ගිය අවස්‌ථාවේ සැකකරු රුපියල් පන් දහසක්‌ තැන්පත් කොට ඇයගේ නමින් ගිණුමක්‌ ආරම්භ කර පොත සහ කාඩ්පත තමා බාරයට ගෙන ඇත. මෙහිදී තරුණිය ඉල්ලා ඇත්තේ තමාගේ යෙහෙළියටද උදව් කරන ලෙසය. එම ඉල්ලීම අනුව සැකකරු රුපියල් පන් දහසක්‌ තැන්පත්කර එම කාන්තාවගේ නමින්ද ගිණුමක්‌ ආරම්භ කර එම පොත සහ ඒ. ටී. එම්. කාඩ්පත තමා බාරයට ගෙන ඇත. මෙම මුදල් ඔබලා අනවශ්‍ය ලෙස වියදම් කරාවි යෑයි පවසා මොහු එසේ ඒ. ටී, එම්. කාඩ් පත තම භාරයට ගෙන තිබේ.

    මේ අතර ඉකුත් 13 වැනිදා බැංකුවේ කළමනාකරු උණවටුනේ පුද්ගලයාටත් කාන්තාවන් දෙදෙනාටත් දුරකථනන ඇමතුම් දී ඔවුන්ගේ ගිණුම් හරහා විශාල මුදල් වංචාවක්‌ සිදුවන බවට පෙනී යන නිසා වහාම බැංකුවට එන ලෙස පවසා ඇත.

    එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු අන්තර් ජාලය ඔස්‌සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුනට පිටරටින් භාණ්‌ඩ ගෙනැවිත් දෙන බවත් විවිධ ත්‍යාග හිමිව ඇති බව පවසා ඒවා රේගුවෙන් නිදහස්‌ කර දීමට රේගු ගාස්‌තු ලෙස පමණක්‌ මුදල් තැන්පත් කරන ලෙස දන්වා මෙම ගිණුම් අංක තුන ලබාදී තිබෙන බවත්ය. ඒ අනුව පුද්ගලයින් රැසක්‌ ගිණුම් තුනට මුදල් තැන්පත් කර ඇති අතර දින කිහිපයක්‌ ඇතුළත සැකකරු එම ගිණුම්වලින් රුපියල් තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ ලබාගෙන තිබෙන බව සද්‍යහන්.

    පසුව තරුණිය සැකකරුට දුරකථන ඇමතුමක්‌ දී ගාල්ලට එන ලෙස පවසා ඇත. එවිට සැකකරු කළුවැල්ල ප්‍රදේශයේ වෙළඳ සලක්‌ අසලට පැමිණ ඇති අතර එහිදී ඔවුන් සැකකරු අල්ලා ගෙන සිටියදී පොලිසිය ගොස්‌ අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුට මෙයට පෙරද මෙවැනි චෝදනාවක්‌ තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කඩුවෙල උසාවියේ නඩු පවරා ඇති බවත් වැඩි දුරටත් අනාවරණය වී තිබේ.
    [/FONT]
    [FONT=&quot]මෙවැනි වංචාකරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙසත් , තමන්ගේ බැංකු පොත් සහ බැංකු කාඩ් පත් අන්සතු නොකරන ලෙසත් , දිනුම් ඇදීමකින් ජයග්‍රහනය කර තිබේ යැයි කියූ පමණින් කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.[/FONT]
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තව ඔහොම වෙලා මදි අපේ ගොන්නුන්ට. දැන් තමා අපේ එවුන් ජාත්‍යන්තරේ ඉන්නේ මොන වගේ කට්ට කයිරාටිකයන් ඉන්නවද කියලා දැනෙන්න ගන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අනේ යකෝ මුන්ට අහු වෙන ගොන්නු ඉන්නවනෙ
    ගෑනු නං තව කමක් නෑ :P