ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

balconyGuy

Junior member
  • Mar 20, 2018
    36
    30
    18
    සිරි ලංකාවේ
    ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

    ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...
    (මේ පිළිබඳව මා මීට පෙරත් සාකච්ඡා කොට තිබෙනවා.)
    දශක දෙකක් පමණ අනේකවිධ කැපකිරීම කරමින් සිප්සතර ඉගෙන, තම උගත්කමට හා හැකියාවට ගැලපෙන රැකියාවක් ලබා ගත් ඕනෑම අයෙකුගේ සිහිනයකි තමන්ගේම කියා සුවපහසු, ආරක්ෂිත වාහනයක ජීවිත කාලයම තමන් නිසා දුක් විඳි තම අසරණ දෙමාපියන් හා ආදරණීයන් කැඳවාගෙන යාම. එක්තරා විදියකට එය රට සංවර්ධනයට සිය බුද්ධිමය දායකත්වය ලබාදෙන සියල්ලන්ගේම අයිතිවාසිකමක්..
    එහෙත් කොතෙක් දුරට ලංකාවේ රජය එයට පහසුකම් සපයනවාද යන්න පහත සරල උදාහරණ මගින් ඔබට පැහැදිලි කර දිය හැකියි.
    මා අධ්‍යාපනය ලබන්නේ මැලේසියාවේ. එය අනෙකුත් සංවර්ධිත රටවල් හා බලන කල ඒ තරම් මහා විශාල සංවර්ධිත රටකුත් නොවෙයි. කොටින්ම සිය අසල්වැසි සිංගප්පූරුව තරම්වත් දියුණු රටක් නොවෙයි. ඉතා මෑතකදී දියුණු වූ ආසියාතික රටක්.
    නමුත් මේ රටේ පුරවැසියෙකුගේ ආරක්ශිත, සුවපහසු වාහනයක් තමන් සතු කරගැනීමේ හැකියාව සලකා බලන්න.

    ඊට කළින් මෙහි සාමාන්‍ය වැසියෙකුගේ ආදායම දැන ගත යුතුයි.
    මෙහි පූර්ණ කාළීන කම්කරුවෙකුගේ අවම වැටුප රින්ගිට් (ඒ මෙහි මුදල් ඒකකය, දළ වශයෙන් රින්ගිට් එකක් රු. 40ක් පමණ වනවා. යහපාලන රජය බලයට එනකොට තිබුණේ 35ට පමණ.) 1,500 ක් පමණ වනවා.
    අර්ධ කාලීන හෝටල් සේවකයගේ (උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුගේ) නම් රින්ගිට් 1350 ක් පමණ.
    ආරක්ෂක නිලධාරියෙකුගේ වැටුප රින්ගිට් 1750 (අතිකාල නොමැතිව.) පමණ.
    ටැක්සි රියැදුරෙකුගේ මාසික ආදායම රින්ගිට් 4000-6000 ක් පමණ.
    විශ්වවිද්‍යාලයක ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුප රින්ගිට් 8000 + නිවාස දීමනා 1500.

    පහත සබැඳියෙන් දක්වා ඇත්තේ ලංකාවේ මුදළින් රු. මිලියන 2.9 කින් ඇරඹෙන වාහන මිළ දර්ශකයයි.
    https://www.carbase.my/perodua
    ලංකාවේ ලක්ෂ 29 ක් පමණ වන පැරඩුවා (බ්‍රෑන්ඩ් නිව්!) රථයක් රින්ගිට් 21145 ක්, එනම් ආසන්න වශයෙන් රු. ලක්ෂ අටහමාරකට මිළදී ගත හැකි බව ඔබට පෙනී යාවි.
    (වෙනත් නිෂ්පාදකයන් සහ මාදිළි සඳහා සපයා ඇති වෙබ් අඩවියේ උඩ ඇති ටැබ් භාවිත කරන්න.)

    මදක් පාවිච්චි කළ රථයක් නම් (ලංකාවේ වගේ නොවෙයි.) ඊට වඩා බොහෝ අඩු ගණනකට (භාවිත කළ කාලය හා තත්ත්වය (Condition) අනුව ඇතැම්විට ඉන් අඩක් හෝ 1/3ක් පවා විය හැකියි..!)
    වඩාත් සරළව මෙය පැහැදිළි කළහොත්....
    මැලේසියාවේ ආධුනික සරසවි ඇදුරෙකුට තමන්ගේ මාසික වැටුප මෙන් තුන් ගුණයකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් මිළදී ගත හැකියි!

    මෙය ලංකාවේ තත්ත්වය හා සන්සංදනය කර බලමු,
    ලංකාවේ මගේ වැටුප රු. 86,700. මගේ බිරිඳගේ වැටුප 34,800. ලංකාවේ මා පාවිච්චි කරන රථයේ වටිනාකම රු. මිලියන 2.4. එයත් 2004 වසරේ නිෂ්පාදිත (එනම් ව්සර 14ක් පැරණි එකක්). වාහනය සඳහා ගත් ණය වාරිකය
    මම රු. 49.600 (අවුරුදු 5 කට.) එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් මගේ මාසික ආදායමෙන් 56%ක්.
    ඒ අරමුණ වෙනුවෙන්ම බිරිඳ ගත් ණය වාරිකය රු. 17,900. එය ඇගේ වැටුපෙන් 51% ක්.

    අපේ පවුලේ මුළු ආදායමෙන් 55%ක් ම, අවුරුදු 5ක් ගතවනතුරු යන්නේ අවුරුදු 14ක් පරණ වාහනය වෙනුවෙන්...!
    මම ලංකාවේ පාවිච්චි කරන නිසාන් N16 වර්ගයේ රථයේ මැලේසියානු වෙළඳපොළේ වටිනාකම රින්ගිට් 12,800 පමණයි වන්නේ. ආසන්න වශයෙන් එය රු. 520,000 (පන් ලක්ෂ විසි දහසක්.).
    මා මැලේසියානු සරසවියක සේවය කරන්නේ යැයි මොහොතකට උපකල්පනය කරමු. එවිට මගේ මාසික වැටුප රින්ගිට් 8000 + 1500 = 9500 ක්.
    එම වැටුපෙන් 56% ගණනේ ඉතුරු කළොත් (ලංකාවේ මා වාහනය වෙනුවෙන් යොදවන ප්‍රතිශතය.) එය රින්ගිට් 5320 ක්.
    රින්ගිට් 12,800 එම අගයෙන් බෙදා බලමු.
    12800/5320 = 2.4

    ඒ කියන්නේ මාස දෙක හමාරක වැටුපෙන් මට මම ලංකාවේ පාවිච්චි කරන රථය අත්පිට මුදලට (රෙඩි කෑෂ් වලට) ගන්න පුළුවන්.
    බිරිඳගේ දායකත්වය නොසලකා හැරියත්, ඒ වාහනයම ගන්න, ඒ කැපකිරීමම කළොත් (වැටුපෙන් 56% වෙන්කළොත්) මට ලංකාවේදී මාස 60 ක් ගෙවන්න වෙනවා.
    ඒ කියන්නේ වාහනය කියන සාධකය පමණක් සැලකුවොත් ලංකාවේ ජීවන තත්ත්වය 25 ගුණයකින් පහත්..! (60 / 2.4 = 25)
    මා හා බිරිඳ නිදහස් අධ්‍යාපනය ලැබූ ණය ගෙවන්නට තිබෙන නිසා තත්ත්වය මෙසේ වූයේ යැයි ඇතැමෙක් තර්ක නගාවි.
    සංවාදයට විවෘතයි.

    fb එකෙන් උපුටා ගන්නා ලදී..(අපේ ලෙචෙක් දාපු post එකක්)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    apinam thama padinne foot cycle thama :yes:

    sri-lanka-man-bike-2.jpg
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    And our idiotic politician wants to control the number of vehicles in the road.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    if every sri lankan bought a car instead of going to work, what u would have to do is make it into a little home like a an RV and live in it on the road. our population is beyond the limit sri lanka can sustain. it's not governments' fault we have to suffer like this.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    සිරා කතාව මචං....පිං කෙත හෙල රං දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා!!!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ලංකාවේ මම දැකල තියෙනව බොහොම හොදින් සාර්ථකව ජීවත් වෙන මිනිස්සු.

    (1) දෙමව්පියන්ගෙන් ගෙයක් ඉඩමක් වහනයක් හම්බවෙන අය. ලංකාවේ සංස්කෘතියට අනුව දෙමව්පියන් මුළු ජීවිත කළෙම මහන්සිවෙලා ළමයින්ට ඉතුරු කරනවා. ගෙවල් ගන්නවා. ඉඩම් ගන්නවා. එහෙම පින්බර ළමයින්ට පොඩි ගානක් හම්බෙන රස්සවක් තිබුනානම් ඇති. මොකද එදිනෙද ජීවත් වෙන්න විතරයි ඕනේ. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්

    (2) දෙමව්පියන්ගෙන් උද්දවක් නැතිව තනිවම උත්සාහයෙන් ඉහලට එන අය. මේගොල්ලෝ මහන්සිවෙලා කැපවෙලා හොද රස්සාවකට ගිහිල්ල ලක්ෂයක දෙකක් පඩි ගත්තත් ගෙයක්,වහනයක් ගන්න එක ජීවිත කාලයක් වන්දි ගෙවන දුක්කිත වැඩක්.

    මේකයි යථාර්තය. අපි නම් (2) ඉන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City

    අපෙ රටෙ හොඳින් ඉන්න නම් උරුම වෙන දෙපලක් තියෙන්නම ඔනි බොහොදුරට.
    එහෙව් එකෙක්ට පොඩි පඩියක් අරන් ආතල් එකෙ ඉන්න පුළුවන් ,.ජොබ් එක තියෙන්නෙ ස්ටෙටස් එකට. :yes:

    උඹ කිව්ව දෙවෙනි කාණ්ඩෙ එවුන් ගන්න පඩිය ලොකු උනත් පට්ට කට්ටක් කන්න වෙනවා ලයිෆ් එක මට්ටමකට ගේන්න .එක්කො රටකට යන්න ඔනි නැත්තම් ලංකාවෙ බිස්නස් කරන්න ඔනි .
    නැතුව ස්ටෙටස් එකට ජොබ කරලා මිනිහෙක් වෙන්න අමාරුඉ.
    මාත් ඔය දෙවෙනි කාණ්ඩෙ හ්ටමා ඉතිං :yes:

    :yes::yes:
    සහතික ඇත්ත සහෝ. හුගක් දෙනෙක් රස්සාවට අමතරව පැත්තෙන් පොඩි business එකක් කරනවා කොහොම හරි ගොඩ යන්න

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ මම දැකල තියෙනව බොහොම හොදින් සාර්ථකව ජීවත් වෙන මිනිස්සු.

    (1) දෙමව්පියන්ගෙන් ගෙයක් ඉඩමක් වහනයක් හම්බවෙන අය. ලංකාවේ සංස්කෘතියට අනුව දෙමව්පියන් මුළු ජීවිත කළෙම මහන්සිවෙලා ළමයින්ට ඉතුරු කරනවා. ගෙවල් ගන්නවා. ඉඩම් ගන්නවා. එහෙම පින්බර ළමයින්ට පොඩි ගානක් හම්බෙන රස්සවක් තිබුනානම් ඇති. මොකද එදිනෙද ජීවත් වෙන්න විතරයි ඕනේ. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්

    (2) දෙමව්පියන්ගෙන් උද්දවක් නැතිව තනිවම උත්සාහයෙන් ඉහලට එන අය. මේගොල්ලෝ මහන්සිවෙලා කැපවෙලා හොද රස්සාවකට ගිහිල්ල ලක්ෂයක දෙකක් පඩි ගත්තත් ගෙයක්,වහනයක් ගන්න එක ජීවිත කාලයක් වන්දි ගෙවන දුක්කිත වැඩක්.

    මේකයි යථාර්තය. අපි නම් (2) ඉන්නේ

    :yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඒ රටවල මෙහෙම ඇති.
    කම්කරුවා ලබන පඩිය 1x යිනම්
    25ගුනයක් ලබන්න ඔනේ කෙනා 25ස් ගුනයක් ගන්නවා ඇති
    .
    24x ලැබිය යුතුකෙනා 24 ගුනයක් ගන්නව ඇති.
    5x ලබනන්න ඕනා දේසපාලකයා 5x ඇති

    එතකොට ජාතික ආදායම සාධාරනව බෙදීයනවා.

    ලන්කාවේ ජාතික ආදායමෙන් 60% ලබන්නේ ජනයහනයෙන් 30% ප්‍රතිශතයක් ( ඔයවගේ අන්කයක් මට.මතක විදියට.මේක ප්‍රසිද්ධ කාරනාවක්)

    ඒකියන්නේ කන කීපදෙනෙක් රම්පෙට පොරිහැලෙන්නම.කනවා අනිත් උන්ට ප්‍රතිලාබ ලබන්න තියන මුදලුත් එක්ක.

    14x කබන්න ඔනේ දේසපාලකයා 50000000xවගේ අරගන්නව. එතකොට ඒක බැලන්ස් කරන්න 1x ලබන්න ඕනේ එකාට 0.02x ලැබෙන විදියට අයවැයෙන් බැලන්ස් කරනවා.

    එතකොට උගේ සිහිනය කාර් එකක් නෙවෙයි, බයිසිකල් එකක්.

    ඒ කන අයට අපි දනගහලා වදිනවා.

    උදා. එතනෝල් වැට් බදුවන්චාව.
    බැරල් 100ක් ගෙනල්ල ආන්ඩුවට බැරල් 50කට බදු ගෙවනවා. හැබැයි. ඌ හදන බෝතල් ඔක්කොටම මිනිස්සුන්ගෙන් බදුමුදල ගන්නවා.
    ඌ රජයට දෙන්නේ ඒබදු මුදලින් බාගයයි.කොහොමද සැප.

    බැන්කු වන්චාව.
    පාඩුව පියවන්න මහබැන්කුවෙන් පොඩි බැන්කුවලට බරදෙනවා. පොඩි බැන්කුවලින් අපිගන්න නයට ගහන පොලිය 100%කින් වැඩිකරනවා.

    ඒකයි අපේ රටෙයි අරුන්ගේ රටවලයි වෙනස.

    Last edited:

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    :(:(:(

    (2) දෙමව්පියන්ගෙන් උද්දවක් නැතිව තනිවම උත්සාහයෙන් ඉහලට එන අය. මේගොල්ලෝ මහන්සිවෙලා කැපවෙලා හොද රස්සාවකට ගිහිල්ල ලක්ෂයක දෙකක් පඩි ගත්තත් ගෙයක්,වහනයක් ගන්න එක ජීවිත කාලයක් වන්දි ගෙවන දුක්කිත වැඩක්.

    මේකයි යථාර්තය. අපි නම් (2) ඉන්නේ [/SIZE][/QUOTE]
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ලංකාවෙ වාහන මිල ගැන කතා කරල වැඩක් නෑ.දේශපාලකයො හිතාගෙන ඉන්නේ උන්ට විතරයි වාහනයක් ඕනේ කියලා.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මගෙත් තත්වේ ඔකම තමයි... අවුරුදු 20ක් ඉගනගෙන දැන් තමා තෙරෙන්නේ කොච්චර අමාරුද කිය්ලා ගොඩ යන්න..මම වාහන වලට පට්ට ආසයි.. ජොබකට ගිය ගමන් වාහනයක් ගන්න හිටියේ... පස්සෙ හිතුනා ලක්ශ 18ක් දීලා අවුරුදු 20ක් පරන වාහනයක් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්න එක කියලා..