//ගෝඨාභය කිරඹකන්දගේ නියම ඝාතකයා පෝලින් ද? එසේත් නැතිනම් ඇය වෙනත් අයෙකු විසින් ඇටවූ අති සාර්ථක සැලසුමක ඉත්තෙක් පමණක්ද? නැතිනම් මෙය අවාසනාවන්ත අණතුරක්ද? මෙය දන්නේ බොහෝවිට පෝලින් පමණක් විය හැකියි. මරණ දඬුවම ලිහිල් වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබන පෝලින්, 80 දශකයේ අග භාගය වද්දී නිදහස ලබා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය වග සැලයි.//
මේ කියන පෝලින් කෘස් කියන කාන්තාව 1970 දශකයේ අගදී පමණ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ යම් උදව්වක් මත ජනාධිපති සමාවක් මගින් නිදහස් වෙලා තිබුනා. ඒ කාලයේ ඇය කොළඹ හොරණ 120 මාර්ගයේ තියන කහතුඩුව කියන ගමේ පන්සල පාරේ ගෙයක් කුලියට අරගෙන හිටියා. එහිදී ඇයව හැඳින්වුණේ "මිසිස් ස්ටැන්ලි" කියලයි. ඇයගේ ස්වාමි පුරුෂයා ලෙස හැඳින්වුන තැනැත්තා ස්ටැන්ලි මහතා ලෙස හැඳින්වුනා. ඇය කව්ද කියන එක ඒ නිවෙස් හිමියන් පමණක් දැන සිටි රහසක්. ඒ කාලයේ ඇය කුඩා ළමයින් සඳහා ඉංග්‍රීසි පංති පැවැත්වුවා. මේ ගමේ මිනිසුන් ඇයගේ අතීතය දන්නවානම් ඇය මරා දැමුවා යැයි කියන දරුවාගේ වයසේ ළමයින්, මේ පන්ති වලට යවන්නේ නැහැ. මේ නිවෙස් හිමියන්ගේ පුතෙකු මාගේ ඉතාම හිතවත් මිතුරෙක් වී සිටිය නිසා මා මේ ගැන දැනගත්තාට පසුගිය වසර 40 හෝ ඊටත් වැඩි කාලයක් පුරාවට මම මේ පිළිබඳව කිසිවෙකුට හෙළි කලේ නැහැ. දැන් නම් ඔවුන් ජීවතුන් අතර සිටීවි යැයි හිතන්න අමාරු නිසයි මෙය ලියුවේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට ගිය බව ඇත්තයි. නමුත් ඒක සිදු වූයේ අසූව දශකයේ මුල මිස අග නොවන බවත් මට විශ්වාසයි.