ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City

    මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි.

    ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම් හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ.

    ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි.

    මේ වකවානුවේ දීම අකුණු ආරක්‍ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ, සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි.

    "හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය.

    "ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත.

    දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය.

    මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය.
    මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය.

    මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි.

    මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්‍රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි.

    බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි.

    අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි.

    නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි.

    මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත.

    නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009).

    වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි.

    "දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?"

    "මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective) පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි.

    "මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි.

    මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි.

    තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි.

    එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය.

    කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.

    මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි.

    මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී.

    ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි.

    ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි.

    දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.

    එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි.
    මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ඉහත කරුණු මත දැඩි මානසික ආතතියකට ගොදුරුවන සමස්ත පහල මධ්‍යම පාන්තික සමාජය නිරතුරුවම තම ව්‍යසනයට හේතු සොයයි. පංසලේ, පල්ලියේ, මංගල්‍ය-අවමංගල්‍ය උත්සවයේ, කාර්යාලයේ, කැන්ටිමේ, පාර තොටේ මෙම පිරිස හමුවන හැමවිටම වාගේ සංවාද ගොඩ නැගෙන්නේ තමා පත්වී ඇති අසීරු තත්වය පිළිබඳවයි. මෙහිදී ඔවුනට එක් කාරණයක් පසක් වෙයි. එනම් තමා තනිවී නොමැති බවයි. අනෙකාටද තමාගේ ගැටළුව ඇත. අනෙකාත් තමන්ගේ වලේම සිටීම බොහෝ දෙනෙකුට සහනකාරී හැඟීමක් ඇතිකරයි.

    උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වයට හේතුව තමාගේ පැවැත්මේ අඩු ලුහුඬු කම් බව පිළිගැනීමට මේ කිසිවෙකුත් මැලිවෙති. ඒ වෙනුවට තවත් කාරණා සිය ගණනක් ඔවුන්ගේ සාකච්චා මණ්ඩපයට පැමිණෙයි. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, අන්‍යාගමිකයන්, අන් වර්ගයන් (ජාතින්), ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශපාලන දෝෂ, රැකියා ප්‍රධානීන්ගේ දෝෂ, නෑදෑයන්ගේ බලපෑම්, අසල්වැසියාගේ බලපෑම් ආදී කරුණු රාශියක් මේ අතර වෙයි. තමන්ගේ අභාග්‍යට හේතුව ලෙස තමන්ගෙන් ස්වායත්ත සාධකයක් සෙවීම මිනිස් ගතියයි. ඒ අතින් පහල මධ්‍යම පාන්තිකයා සුපිරි මිනිසෙකි.

    මෙම තත්වය මැනවින් වටහා ගත් පිරිසක්ද මෙම සමාජ ස්ථරය තුලම ජිවත් වෙයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදීන්, කපටි දේශපාලකයන්, දුස්සීල පුජ්‍ය පක්ෂය, බඩගෝස්තරවාදීන් (දේශීය මෙන්ම විදේශීය බලවේග මත යැපෙන) ආදීන්ය. කලින් කලට ඔවුහු කුමක් හෝ රංගනයක් වේදිකා ගත කරති. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බිම වන්නේ පහල මධ්‍යම පන්තික සමාජයයි.

    කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේද මෙම පහල මධ්‍යම පංතියයි.

    පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ.
    පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.
    පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත.
    පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.
    මහාචාර්ය ගෝරාන්ට අනුව මෙම තත්වයෙන් සමාජයක් ගලවා ගත හැකි එකම ක්‍රමය නම් සමාජ මානසිකත්වය (societal mindset) වෙනස් කිරීමයි. තමා ජිවත්වන සමාජ ස්ථරය තේරුම් ගැනීම සහ ඊට අනුරූපව තම සිතුම් පැතුම්, බලාපොරොත්තු (expectations), ජිවන රටාව සහ වියදම් සකස් කරගැනීම පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත. මෙහිදී අවධාරණය කල යුත්තේ වර්තමානය තුල තමා අයත්වන සමාජ ස්ථරයේ සැබෑ ලෙස ජීවත්වීමට සමාජය හුරුකිරීම මිස ඉහල සමාජ ස්ථරයන් කරා පුද්ගල මට්ටමින් හෝ සමාජයක් ලෙස පියනැගීම වාරණය කිරීම නොවේ.
    විෂම සමාජයක ඉහත පියවර ක්‍රියාත්මක කිරීම කිරීම පහසු නැත. එහෙත් අප කෙසේ හෝ මේ සඳහා සමාජ නායකත්වයක් සොයා ගත යුතුය.

    සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම් ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක.
    සමාජයේ ජිවන රටාව යහපත් වන විට එය ආර්ථික වශයෙන් සවිමත් වෙයි. සවිමත් ආර්ථිකයක් ඇති සමාජයක වාර්ගික, ආගමික, දේශපාලනික විෂමතා වියත් සංවාද (educated dialogues) බවට පත්වෙයි. එවිට බොහෝ ගැටළු, ගැටළු නොවන බව බහුතරයකට ඒත්තු යයි.
    මේ නායකත්වයට උර දීම අප සැමගේම යුතුකමකි.

    ඉස්සුවා මෙතනින්
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි නූලක් මචෝ..
    සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    සුපිරි නූලක් මචෝ..
    සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
    ඔන්න ඕතන තමා අවුල එන්නෙ මචො
    ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයද්දි ගොඩාක්ම එන්නෙ බටහිර රටවල් වල මිනුම් දඬු නෙ ?
    අපි එව්වා ගලපගන්න ට්‍රයි කරනව අපිට.
    එත් වෙනස්.
    අපෙ උන් අර ජෙනරෙෂන් වෙන් කරන්නෙ මිලෙනියල්ස් ,බෙබිබූමර්ස් ආදි වශයෙන්. එව්වත් බටහිර මිනිම්දඬු වලට ගැලපෙන එව්වා.
    අපිට හරියන්නෙ නැහැ. ටිකක් සංකීර්ණයි .

    ඩොකාල ,ලොයර්ල ,ඉංජො ගත්තොත් බන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙන ගෙන තැනකට එන අයනෙ බහුතරය.
    ඔතන ගොඩාක් අය වත්කමක් තියෙන සාමාන්‍ය පවුල් හො දුප්පත් පවුල්වල අය .

    මට නම් හිතෙන්නෙ ඉන්කම් එක වගෙම ඒ ඉන්කම් එකෙන් අපි කරන දෙවල් පිලිබඳ ආකල්ප තමා මෙතන බලපාන්නෙ

    ගොඩක් මිනුම් දඬු කාලයත් එක්ක වෙනස් වෙන්න වෙනස් කරගන්න වෙනවා.

    නිකන් හිතපන් ඉස්සර බෙන්ස් කාර් එකක් පැද්දෙ ක්ලාස් එකක් තියෙන මිනිහෙක්.
    එක නිසා ඒ කාලෙ ඊට පල්ලෙහා හිටිය මිනිස්සු බෙන්ස් කියන වාහනෙ තත්වෙ මනින දෙයක් විදියට දැක්කෙ .
    එක නිස ඒ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ මාත් මගෙ තත්වෙ උඩ දාගන්න බෙන්ස් කාර් එකක් ගන්නවා කියල කවදා හරි.
    එත් අද බෙන්ස් කාර් හැම තැනම.
    අපෙ පැත්තෙ පර්චස් 10 ක් තිබ්බනම් ඇති බෙන්ස් එකක් ගන්න
    ඉතිං ඒ කාලෙ හිතපු දෙ අදට ගලපන්න පුළුවන්ද ?
    ගැටළුවක් තියෙනවා .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි..

    පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ ගෙවන ගමන් class එක පන්නගන්න තරම් දෙයක් කරගනන අමාරුයි මට හිතෙන විදිහට.. හම්බම කරත් බැරි වෙයි..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Thiththa aththa machan.

    Ihalama panthiyath kisima awulak nathuwa samagiyen innawa. Pallehama unuth samagiyen innawa. Madyama panthiye (wisheshayen pahala madyama panthiye) un eka eka dewal walata randu karagannawa un un atharama.

    Deshapalanaya honda udaharanayak. Deshapalakayan wenuwen eka eka un kade yanawa. Yaluwo nadayo ekka randu karagannawa tharaha wenawa. Habai un kade yana deshapalakayo athulen hondata yalui. Un ekata party danawa, wedding walata invite karagannawa. Onna okai thathwe...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    රනිල් වගේ උන් තමයි ඉහල මධ්‍යම පන්තිය /දානපති කියන්නේ .. දැන් ඔතන ඉන්න සෙට් එකම එහෙමයි කියලා කියන්න එපා.
    එකයි උන්ට පහල ගැන හරි අවබෝදයක් නැත්තේ.. හැබැයි දැන් නම් දනපතියෝ කියන අය ඔය විදියට ගන්න බෑ . දැන් වැඩිම සල්ලි තියෙන්නේ දෙසපාලුවන්ට්යි ,ඒ ඒ ක්ෂත්‍ර වල හොරුන්ටයි
    පහල මද්‍යම පන්තිය ගැන කියලා තියන දේ නම් හරියටම හරි බන්..... ඇවිදින ණය මිනීගොඩවල් වගේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි..

    පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ ගෙවන ගමන් class එක පන්නගන්න තරම් දෙයක් කරගනන අමාරුයි මට හිතෙන විදිහට.. හම්බම කරත් බැරි වෙයි..
    ඩොකාල ඉංජන්ට වගෙම අනික් වෘතිකයන්ටත් පවුලෙන් ලැබෙන පාරම්පරික දෙයක් හො විවාහයෙන් දැවැද්දට හම්බ වෙන දෙයක් හො නැත්තම් ගොඩ දාගන්නවා බොරු.
    වෘතියෙන් මිලියන ගණන් හොයන මට්ටමට එන්නෙත් කීයෙන් කීදෙනාද ? ඒ අයත් අවුරුදු 50 ත් පැනලා.

    රනිල් වගේ උන් තමයි ඉහල මධ්‍යම පන්තිය /දානපති කියන්නේ .. දැන් ඔතන ඉන්න සෙට් එකම එහෙමයි කියලා කියන්න එපා.
    එකයි උන්ට පහල ගැන හරි අවබෝදයක් නැත්තේ.. හැබැයි දැන් නම් දනපතියෝ කියන අය ඔය විදියට ගන්න බෑ . දැන් වැඩිම සල්ලි තියෙන්නේ දෙසපාලුවන්ට්යි ,ඒ ඒ ක්ෂත්‍ර වල හොරුන්ටයි
    පහල මද්‍යම පන්තිය ගැන කියලා තියන දේ නම් හරියටම හරි බන්..... ඇවිදින ණය මිනීගොඩවල් වගේ...
    රනිල් ලා ,ලංකාවෙ ටොප් ලෙවල් එකෙ බිස්නස් මන්ලා වගෙ අයත් ඉන්නවා.
    එත් බලපන් ඉහල පන්තියෙ කියලා අපි හිතුවාට එතනත් අවුලක් තියෙනවා.
    මහින්ද රාජපක්ෂ බලපන් .රටෙ ජනාධිපති විධායක දෙවතාවක්
    එත් අතෙ වශී බොලයක් කරකව කරකව ඉන්නෙ ?
    ලොකුයි කියන සමහරක් බිස්නස් මන්ලා වගෙම සමහරක් පොලිටික්කොත් ජොතීශ්‍ය පස්සෙ දෙවාල පස්සෙ දුවනවා.
    තිරුපති යනවා ශිව ලිංගෙ වන්දනා කරන්න.

    අන්න එකයි මෙතන කියන්නෙ
    ඉන්කම් එකෙන් පොතෙ උගත්කමෙන් විතරක්ම මනින්න බැහැ
    මානසිකත්වෙ සහ ආකල්පත් වැදගත්.
     
    Umba kiwwa hari manasikathwaya thamai.

    Samanyen Mark Zuckerberg, Bill Gates wage kotipathi aya bohoma sarala widiyata andinne palandinne. Habai lankawe pahala madyama panthiye podi rassawak karana kenek penna tie/coat dagena yanna kamathiy. Patta widiyata naya wela hari gewal/wahana /wedding lokuwata ganna kamathiy.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    aneka oya sarala kiwwata hodama quality dewal un use karanne.
    ape aya sarala kiyanne laba kiyana ekata bn :sorry:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    aneka oya sarala kiwwata hodama quality dewal un use karanne.
    ape aya sarala kiyanne laba kiyana ekata bn :sorry:

    Unta ithin salli thiyenawane ewa ganna.
    Ape godak unta salli nathuwa ne wiyadan wena dewal ganne. Anunta penna ne.
    Kiwwa wage manasikathwayak thiyenawa ihala panthiye un thamai tie/coat andinne kiyala. Ithin meeharak wage ona thanatai epa thanatai hama ekakatama andinna gannawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    aneka oya sarala kiwwata hodama quality dewal un use karanne.
    ape aya sarala kiyanne laba kiyana ekata bn :sorry:
    මෙකනෙ බන් කොච්චර කොලිටි උනත් ඒ මිනිස්සුන්ගෙ ඉන්කම් ලෙවල් එකට සාපෙක්ෂව ඒ අඳින පලඳින දෙවල් බොහොම පොඩි දෙවල්.
    අපෙ මාසෙ පඩිය අරගෙන පඩියට වඩා කැටයම් දාන්න යනවා ණය වෙලා.
    ඉහල පන්තියෙ කියලා පෙන්වන්න හදනවා.
    ණය බර ඔළුවෙ. ඒ එක්කම ලෙඩ රොග

    අනික මෙහෙම දෙකුත් මන් නිරික්ෂණය කරා

    අපෙ පහල මධ්‍යම පාන්තික උගත් කියන උන්ගෙ හැටි බලපන්
    තරබාරු ශරීරය,අපෙ උන් මහත්තයා ගාන්නෙත් බඩ ගෙඩියටනෙ
    අමාරුවෙන් හදාගත්ත වෙන්ඩ ඉංග්‍රිසි ඇක්සන්ට් එක ,දේශපාලනයෙ විවෙචන දැකීම,නිතරම කේන්ති යන මානසිකත්වය. මොකද ස්ටෙටස් පෙන්වන්න තමන්ට දරන්න බැරි දෙවල් කරලා පීඩනයෙන් ඉන්නෙ.
    තමන්ට වඩා අඩුවෙන් වත්කම් ඇති මිනිස්සු නූගතුන් ලෙස සැළකීම වගෙ ගොඩක් දෙවල් තියෙනවා එකි නොකී මෙකි ගොඩාක් ලක්ෂණ තියෙනවා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Kiwwa wage manasikathwayak thiyenawa ihala panthiye un thamai tie/coat andinne kiyala. Ithin meeharak wage ona thanatai epa thanatai hama ekakatama andinna gannawa.
    මෙකනෙ බන් කොච්චර කොලිටි උනත් ඒ මිනිස්සුන්ගෙ ඉන්කම් ලෙවල් එකට සාපෙක්ෂව ඒ අඳින පලඳින දෙවල් බොහොම පොඩි දෙවල්.
    අපෙ මාසෙ පඩිය අරගෙන පඩියට වඩා කැටයම් දාන්න යනවා ණය වෙලා.
    ඉහල පන්තියෙ කියලා පෙන්වන්න හදනවා.
    ණය බර ඔළුවෙ. ඒ එක්කම ලෙඩ රොග

    අනික මෙහෙම දෙකුත් මන් නිරික්ෂණය කරා

    අපෙ පහල මධ්‍යම පාන්තික උගත් කියන උන්ගෙ හැටි බලපන්
    තරබාරු ශරීරය,අපෙ උන් මහත්තයා ගාන්නෙත් බඩ ගෙඩියටනෙ
    අමාරුවෙන් හදාගත්ත වෙන්ඩ ඉංග්‍රිසි ඇක්සන්ට් එක ,දේශපාලනයෙ විවෙචන දැකීම,නිතරම කේන්ති යන මානසිකත්වය. මොකද ස්ටෙටස් පෙන්වන්න තමන්ට දරන්න බැරි දෙවල් කරලා පීඩනයෙන් ඉන්නෙ.
    තමන්ට වඩා අඩුවෙන් වත්කම් ඇති මිනිස්සු නූගතුන් ලෙස සැළකීම වගෙ ගොඩක් දෙවල් තියෙනවා එකි නොකී මෙකි ගොඩාක් ලක්ෂණ තියෙනවා
    ubata oka balanna one nam campus ekakata palayan
    lankawe
    hodata wen wela thiyenne sthara 3 nama
    royal giyapu un wenama(podi kale idalama)-wadiya campus eke radenne naha.lectures witharayi

    api wage adu adayam pawul wala un wenama-meken samaharak try karanawa ara middle set ekata ekathu wenna .un nam nathi welama yanawa .therum gatta un wena wikara naha ,unge wade karanawa.

    ita passe mada set eka(lokuma set eka)-oya campus wala wiplawa karanne menna mun thamayi godakma .ita passe hama detama t shirts print karanawa ,rag karana ewa okkoma bahuthare me aya.kapi penime manasikatwaya

    uba kiwwa hari oya mada set eka tikak amathuyi
    wenama lokeka inne .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් වගේ උන් තමයි ඉහල මධ්‍යම පන්තිය /දානපති කියන්නේ .. දැන් ඔතන ඉන්න සෙට් එකම එහෙමයි කියලා කියන්න එපා.
    එකයි උන්ට පහල ගැන හරි අවබෝදයක් නැත්තේ.. හැබැයි දැන් නම් දනපතියෝ කියන අය ඔය විදියට ගන්න බෑ . දැන් වැඩිම සල්ලි තියෙන්නේ දෙසපාලුවන්ට්යි ,ඒ ඒ ක්ෂත්‍ර වල හොරුන්ටයි
    පහල මද්‍යම පන්තිය ගැන කියලා තියන දේ නම් හරියටම හරි බන්..... ඇවිදින ණය මිනීගොඩවල් වගේ...

    Hariyata Hari.
    Lankawe wanchawen Salli hoyana un wediyi.

    E wagema menna meka comment ekaka tibune.
    Me prashne matath tiyenawa.

    "පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත."
    මෙන්න මේක කොහොමද වෙන්නේ කියල විස්තර කරන්න පුලුවන්ද?
    පහල මධ්‍යම පන්තියේ මනුස්සයෙකුට කොහොමද කෝටියක් වියදම් කරල වෛද්‍ය උපාදියක් ගන්නේ? ලක්ශ 30ට 40ට බන්ග්ලාදේශයේ, චීනයේ උපාධි තියෙද්දී තම දරුවන් ලන්කාවේ තියාගන්න උත්සාහ කරන්නේ පහල මධ්‍යම පන්තියද?

    දක්ශතාවය මත උපාධි පිරිනැමීම වෙනුවට මුදල මත උපාදධි පිරිනැමීම තුලින් හා ඒවාට තරගකාරීත්වය වැඩි කිරීම තුලින් ඔය කියන සමාජ ස්ථර පුලුල් වීම නෙවේද සිද්ද වෙන්නේ?
    මේ නොගැලපෙන මුග්ද උදාහරණය මෙතනට එබුවේ වෙන අරමුණකින්ද?
     
    • Like
    Reactions: Lahiru120 and Dredd

    ඔය දොස්තර උපාදි වලට ශිෂ්‍යයෝ දක්වපු විරෝද්යේ තියෙන්නේ නම් ඔය පන්ති වල අවුලක් නෙවෙයි. එතන වෙන්නේ , තමන් කරපු කැපකිරීම එක්ක ලැබුන දේ තමන්ට පේන දුරකින් මුදලට විකිනෙන කොට ඇතිවන විරෝදය වගේ දෙයක්.. එතන ඔය කියන ලෙඩ්ඩු ගැන හිතල කරන විරොදයක් නෑ . මම කාලයක් class කරා AL individual . එක සිරා පොෂ් ගෙයක් සෙට් උනා පට්ටම සල්ලි(තට්ටු 3,4 ක ගෙයක් , දකින දකින තැන වැඩකාරයෝ, සික්කෙකුත් හිට්යා, බල්ලෝ බලාගන්නත් වෙනම උන් ). අම්ම තමයි ගොඩක් වෙලාවට මම යන කොට හිටියේ. specialist කෙනෙක් . AL ගැන දුවටවත් අම්මටවත් එච්චර ගානක් තිබ්බේ නෑ , කොහොම හරි මෙහෙ uni එකකට යන්න ඕනේ කියලා දෙයක් තිබ්බේ නෑ . උන් හෙන අමුතු ලෝකෙක ඉන්නේ, බාහිර ලෝකේ වෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් නෑ වගේ. කෙල්ලත් අනේ මන්ද , ඔහේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නව වගේ . උන් කොහොමත් දන්නවා කට්ටක් කන්න දෙයක් නෑ ඉස්සරහට යන්න කියලා, sure එකට result එන්නත් කලින් රට යන්න ඇති..
    ඒකට සෙට් උන අනිත් උන් නිදිමරාගෙන , stress එකේ වැඩ exam වලට. සල්ලි හොදට තියන උන් පවා..ඉතින් ඒ වගේ අය uni ගියාම නිදහස්ව හිතන්න බැරිනම්, ඒ වගේම dgree එකක් එළියේ සල්ලි වලට දෙද්දී පොඩි අවුලක් එනවා ඒ dgree එකේ තියන demand එකත් එක්ක ලංකාවේ..
     
    Last edited:

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි.

    ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම් හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ.

    ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි.

    මේ වකවානුවේ දීම අකුණු ආරක්‍ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ, සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි.

    "හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය.

    "ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත.

    දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය.

    මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය.
    මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය.

    මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි.

    මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්‍රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි.

    බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි.

    අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි.

    නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි.

    මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත.

    නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009).

    වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි.

    "දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?"

    "මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective) පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි.

    "මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි.

    මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි.

    තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි.

    එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය.

    කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.

    මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි.

    මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී.

    ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි.

    ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි.

    දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.

    එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි.
    මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය.
    👏👏👏👏
     
    • Like
    Reactions: Lahiru120