ඔය දොස්තර උපාදි වලට ශිෂ්‍යයෝ දක්වපු විරෝද්යේ තියෙන්නේ නම් ඔය පන්ති වල අවුලක් නෙවෙයි. එතන වෙන්නේ , තමන් කරපු කැපකිරීම එක්ක ලැබුන දේ තමන්ට පේන දුරකින් මුදලට විකිනෙන කොට ඇතිවන විරෝදය වගේ දෙයක්.. එතන ඔය කියන ලෙඩ්ඩු ගැන හිතල කරන විරොදයක් නෑ . මම කාලයක් class කරා AL individual . එක සිරා පොෂ් ගෙයක් සෙට් උනා පට්ටම සල්ලි(තට්ටු 3,4 ක ගෙයක් , දකින දකින තැන වැඩකාරයෝ, සික්කෙකුත් හිට්යා, බල්ලෝ බලාගන්නත් වෙනම උන් ). අම්ම තමයි ගොඩක් වෙලාවට මම යන කොට හිටියේ. specialist කෙනෙක් . AL ගැන දුවටවත් අම්මටවත් එච්චර ගානක් තිබ්බේ නෑ , කොහොම හරි මෙහෙ uni එකකට යන්න ඕනේ කියලා දෙයක් තිබ්බේ නෑ . උන් හෙන අමුතු ලෝකෙක ඉන්නේ, බාහිර ලෝකේ වෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් නෑ වගේ. කෙල්ලත් අනේ මන්ද , ඔහේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නව වගේ . උන් කොහොමත් දන්නවා කට්ටක් කන්න දෙයක් නෑ ඉස්සරහට යන්න කියලා, sure එකට result එන්නත් කලින් රට යන්න ඇති..
ඒකට සෙට් උන අනිත් උන් නිදිමරාගෙන , stress එකේ වැඩ exam වලට. සල්ලි හොදට තියන උන් පවා..ඉතින් ඒ වගේ අය uni ගියාම නිදහස්ව හිතන්න බැරිනම්, ඒ වගේම dgree එකක් එළියේ සල්ලි වලට දෙද්දී පොඩි අවුලක් එනවා ඒ dgree එකේ තියන demand එකත් එක්ක ලංකාවේ..
පැරසයිට් ෆිල්ම් එකෙත් ඔය අදහසම දෙනවා
මටත් සෙට් උනා මෙහෙන උදාහරණයක්
එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක්.
දුප්පත් පවුලක ඉපදිලා, ඉංජිනියරින්ග් කරලා පස්සෙ ටියුෂන් කරලා සල්ලි හොයන්න ඔනි නිසා.
එකෙන් ධනවත් වෙච්ච පුද්ගලයෙක්.
මිනිහා ඉහළ මධ්‍යම පන්තියට සෙට් වෙන්න ට්‍රයි කරනවා එත් බැහැ වගෙ.
මොකද ආකල්ප අතින් අර පහල මධ්‍යම පන්තියෙ තමා.
ළමයින්ව ටියුෂන් මැරෙව්වා කොහොම හරි කැම්පස් දාගන්න
ලොකු පුතා නම් ඉංජීයරින් ගියා
පොඩි පුතයි දුවයි මෙහෙ ඉංජිනියරින්ග් යන්න මදි උනා ෆිසිකල් යැවුවෙ නැහැ
ඔසී වල මොනාෂ් යුනි එකට යැවුවා ඉංජිනියරින්
ඒ වගෙම ගෙදර තිබ්බා වාහන 5 ක් විතර. සෙරම ජපන් වාහන
ඔන්න ඉඳලා ඉඳලා පොර ගත්තා බෙන්ස් කාර් එකක් ( සී 180)
හයියො පට්ට ගොඩයා කියන්නෙ මිනිහා කාර් එකෙ යනගමන් කියනවා
"හැමොම කාර් එක දිහා බලනවා නෙද "
අර බෙන්ස් එකෙ තියෙන සෙන්සර්ස් අනං මනං ගැජට් ගැන මිනිහා හරි වර්ණනාව ,පැදපු ජපන් වාහනෙට බැන්නා පළු යන්න.
හැබැයි මිනිහා බෙන්ස් එක යුස් කරෙ ටික දවසයි.
විකුණන්න හෙව්වා බෙන්ස් එක ,ආයෙ ජපන් වාහනෙටම බැස්සා.
තව දෙයක් .පොර පොඩි පුතාව මොනාෂ් එකට යවන්න ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු බලලා මට කියනවා "බලන්නකො එහෙ කැම්පස් ,අපෙ එව්වා වගෙද ? අපෙ එව්වා නිකන් එහෙ ඉස්කොල වගෙ "
මිනිහා ගොඩයා උනාට ළමයින්ව පොෂ් කරවන්න සැහෙන්න ට්‍රයි කරා
එත් පොෂ් පාට නම් ගන්න බැරි උනා එක්කෙනෙක්ගෙන්වත් නිදහස් අධ්‍යාපනෙ තියෙන විභාග වලින් ඉහලින් සමත් වෙන්න පට්ට ගෙමක් දුන්නා.
ළමයි උනත් ඒ පොෂ් ලයින් එකට ආවෙම නැහැ නිකන් ලඟින් ගියා