1973 ඛනිජ තෙල් අර්බුදයෙන් දැවැන්ත ආර්ථීක වාසියක් ලැබූ සෞදි අරාබිය එම අතිරේක මූල්‍ය සංචිත සිය වහාබ් දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීමට යෙදවීය. සෞදි අරාබියේ වහාබ් ආගමික දර්ශනය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාල රාශියක් ස්ථාපිත කළේය. එයට අමතරව ආගමික ප්‍රචාරය සඳහා විශාල මුදලක් ආයෝජනය කළේය. ශ්‍රී ලංකාවේ වහාබ් ආගමික දර්ශනය සේන්දු වූයේ මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන නැගෙනහිර පළාතේ කාතන්කුඩි නගරයට ය. මුලින්ම සෞදි අරාබියේ විවිධ සංවිධාන හරහා ප්‍රජා ව්‍යාපෘතීන් සඳහා මුදල් ලබා ගනිමින් නැගෙනහිර පළාතේ ‘වහාබ්‘, ‘තව්හීද්‘ සඳහා පදනම ලබා ගත්තේය. ‘වහාබ්‘ ආගමික අන්තවාදයට කැමැත්තක් දැක්වූ නැගෙනහිර මුස්ලිම් තරුණයන්ට අරාබි ආගමික විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යත්ව ලබා දීම හරහා ද ‘වහාබ්‘ ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම විශ්ව විද්‍යාලයන්හි අධ්‍යනය කළ තරුණයෝ ලංකාවට පැමිණ වහාබ් අන්තවාදය දේශනා කිරීමටත් ‘මදරාස‘ හෙවත් නව ආගමික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් ප්‍රමුඛත්වය ගත්හ. එහි ආරම්භක ස්ථානය වූයේ නැගෙනහිර කාතන්කුඩි නගරය යි. ඒ සඳහා විශාල වශයෙන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර ගලා අවේය.