ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි. එනමුදු, එම අතලොස්සක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වී තිබීම අපට ආඩම්බරය ගෙන දෙන්නකි. ‘ලාක්ෂා’ යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවතෙන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. ලාක්ෂා කර්මාන්තය සඳහා කෙප්පිටිය හා තෙලකිරිය යන කෘමි විශේෂ වලින් ලබා ගන්නා ලාකඩ භාවිත කරනු ලැබේ.

laaksha3.jpg


laaksha4.jpg


1630 දී දෙවන රාජසිංහ රජතුමා හට තම මාලිගයේ ජනෙල් හා දොරවල් එවකට ඉන්දියාවේ ජනප්‍රිය වී තිබු ලක්ෂා කර්මාන්තයෙන් අලංකාර කිරීමට අවශ්‍යය වූ හෙයින් රට පුරා අඬබෙරකරුවන් යැවීය. දුෂ්කර ගමක වාසය කල පුසප්පු නම් නිර්භීත පුද්ගලයෙක් මෙම අභියෝගය භාරගෙන ශ්‍රී ලංකාවට ආවේනික කැටයම් වලින් සහ ලාක්ෂා වැඩ වලින් පරිපූර්ණව මාලිගාව ඔපවත් කරනු ලැබුවා. මෙයින් සතුටු වූ රජ ඔහු හට ගම් නියන් ගම් හා ඇතෙකු තෑගී කල බව ඉතිහාසයේ සඳහන් වනවා. තමන් හට තෑගී කල ගම් බිම් කරා ඇදුනු පුසප්පු ගමන් කල ඇතා වැතිරුණු ස්ථානය හපිහිඩ නමින් හඳුන්වා පසුව හපුහිඩ ද යථා කාලයේ පල්ලේ හපුවිට නමින්ද හඳුන්වනු ලැබුවා. පුසප්පු ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තයේ පෙර ගමන්කරු වන අතර පල්ලේ හපුවිට ලාක්ෂා කර්මාන්තය ආරම්භක ස්ථානය ලෙස සැලකෙනවා.

348px-King_Rajasingha_II_1608-1687.jpg


නියපොතු වැඩ සහ පට්ටල් වැඩ ලෙස ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකක් ඇත. මෙයින් නියපොතු වැඩ ලංකාවට ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ සෙසු රට වලදීද හඳුනා ගත හැකිය.

ලාකඩ එහෙමත් නැත්නම් වෙළඳ පොලේ චලෙට් නමින් හඳුන්වන මෙය වර්තමානයේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා. ඉන්පසු ලාකඩ දියකර වර්ණ සමග මුසුකර ලාක්ෂා කැබලි නිර්මාණය කර ගනු ලබනවා. ගිනි සපු හා ගං සූරිය ලි වර්ග ලාක්ෂා කර්මාන්තය සඳහා යොදා ගන්නා අතර එය පළමුවෙන් කපා පොතු ගසා ලියවන පට්ටලය ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයට සවිකර කැර කැවීමෙන් ලාක්ෂා ආලේප කර ගනු ලබනවා. ඉන්පසු පන් කොලයකට පොල්තෙල් ආලේප කර පිරි මැදීමකින් භාණ්ඩයේ ඔපවත් බව වැඩි කර අවසානයේ කටුවක් ආධාරයෙන් ශ්‍රී ලංකාවට අවේණික කැටයම් වලින් සුන්දර වන මෙය වෙළඳ පොලට පැමිණෙනවා. ලාක්ෂා ආලේප කිරීමෙන් සුන්දර වූ සේසත්, හැරමිටි, බට නලා, අළු බඳුන්, ආබරණ මංජුසා හා තවත් බොහෝ දේ ඔබට මිලදී ගන්න පුළුවන්.

laaksha1.jpg


laaksha2.jpg



laaksha5.jpg


laaksha6.jpg


වර්තමානය වන විට මෙම සුන්දර කර්මාන්තය මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේ හපුවිට, ලැලීඅඹේ හා යාබද තවත් ගම් කිහිපයක පමණක් පැවතෙන අතර ලාක්ෂා කර්මාන්තයේ තවත් අංගයක් වන බීරළු වැඩ තංගල්ල ආශ්‍රිත අඟලමදුව ගම් පියසේ තවමත් දක්නට ලැබෙනවා.

අමුද්‍රව්‍ය මිල අධිකවීම, පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම, කර්මාන්තය පුහුණු කරන ස්ථාන නොමැති වීම, පරම්පරාවෙන් පරම්පරාවට ලාක්ෂා කර්මාන්තය විකාශනය නොවීම නිසා අවුරුදු 400 ක් පමණ පැවතුනු ලාක්ෂා කර්මාන්තය පරිහානියට ලක්වීමට අපේ දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස කනගාටුවීමට කරුණකි.

කතෘ : දිනේෂ් ඩෙකර්
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්....ගොඩක් නොදන්නා කරුණු ඉගනගත්තා
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්....ගොඩක් නොදන්නා කරුණු ඉගනගත්තා...තැන්ක්ස්++:yes::yes::D
     
    • Like
    Reactions: Pissu_Matta

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්....ගොඩක් නොදන්නා කරුණු ඉගනගත්තා...තැන්ක්ස්

    You must spread some Reputation around before giving it to Pissu_Matta again.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් මේවා කරන මිනිසුත් දැන් අඩුවිගන යනවා අලුත් අලුත් ආය මේවා කරන්න කැමතිනැ