ලාටු වල සිරවුණු කුරුළු පිහාටු
කාලෙකින් නුලක් දැම්ම බැරි වුනා. අද දැකපු පුවතක් නිසා මේක දමන්න හිතුන.
මේ ඇම්බර් වල සිරවුණු කුරුළු අත්තටු/පිහාටු ගැන නුලක්.
සමහර ගස්වලින් වැගිරෙන ලාටු වලට (ඇම්බර්) පොඩි පොඩි සත්තු, කුරුමිණියන් වගේ අහුවෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ ඒවගේ කුරුළු පිහාටු ටිකක් හසුවෙලා තියෙන අවස්ථාවක්. අපුරුයි නේද?
මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?. මේ පිහාටු වලට අවුරුදු මිලියන 99ක් වයසයි

. හිතාගන්න බැහැ නේද? කුරුල්ලන්ගේ ආදිතමයන් ගැන කුරුළු පරිණාමය ගැන අද්යයනය කරන අයට මේවා ඉතාම වැදගත්. පිහාටුවල හැඩය, පැහැය, සැකැස්ම පවා මේවයින් බලාගන්න පුළුවන්. මේවා හොයාගෙන තියෙන්නේ මියන්මාරය කියන රටින් මෑතකදී. කුරුළු පිහාටු විතරක් නෙවි මුළු අත්තටුවම ඇම්බර් (ලාටු) වල හිර වෙලා තියෙනවා. ලාටු වල යමක් හිරවුනම ඒවා අවුරුදු මිලියන ගනම් ඒ විදියටම පවතිනවා. 3D සතුන් අද්යයනය කරන්න පුළුවන්.
ඇත්තටම අවුරුදු මිලියන 65 පෙර උල්කාශ්මයකින් ඩයිනසෝර් සම්පුර්ණයෙන් වදවුනා කියන කතාව වැරදියි. කොටසක් කොහොම හරි බේරුනා. ඒ ගෝල්ලෝ තමයි අද අපි දකින කුරුල්ලන්. කුකුළා සහ ඩයිනසෝර් දෙගොල්ලොගෙම ප්‍රෝටීන් ඉතා සමානයි. කුකුළා සහ කළුකුමා ලගම නෑදෑයන් ඩයිනසෝර්ලගේ.
මියන්මාරයේ මෙන්න මේවගේ පතල්වලින් තමයි මේවා හොයාගෙන තියෙන්නේ
source
bbc
http://www.cbc.ca/news/technology/bird-wings-amber-1.3655942
කාලෙකින් නුලක් දැම්ම බැරි වුනා. අද දැකපු පුවතක් නිසා මේක දමන්න හිතුන.
මේ ඇම්බර් වල සිරවුණු කුරුළු අත්තටු/පිහාටු ගැන නුලක්.
සමහර ගස්වලින් වැගිරෙන ලාටු වලට (ඇම්බර්) පොඩි පොඩි සත්තු, කුරුමිණියන් වගේ අහුවෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ ඒවගේ කුරුළු පිහාටු ටිකක් හසුවෙලා තියෙන අවස්ථාවක්. අපුරුයි නේද?
මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?. මේ පිහාටු වලට අවුරුදු මිලියන 99ක් වයසයි

. හිතාගන්න බැහැ නේද? කුරුල්ලන්ගේ ආදිතමයන් ගැන කුරුළු පරිණාමය ගැන අද්යයනය කරන අයට මේවා ඉතාම වැදගත්. පිහාටුවල හැඩය, පැහැය, සැකැස්ම පවා මේවයින් බලාගන්න පුළුවන්. මේවා හොයාගෙන තියෙන්නේ මියන්මාරය කියන රටින් මෑතකදී. කුරුළු පිහාටු විතරක් නෙවි මුළු අත්තටුවම ඇම්බර් (ලාටු) වල හිර වෙලා තියෙනවා. ලාටු වල යමක් හිරවුනම ඒවා අවුරුදු මිලියන ගනම් ඒ විදියටම පවතිනවා. 3D සතුන් අද්යයනය කරන්න පුළුවන්. ඇත්තටම අවුරුදු මිලියන 65 පෙර උල්කාශ්මයකින් ඩයිනසෝර් සම්පුර්ණයෙන් වදවුනා කියන කතාව වැරදියි. කොටසක් කොහොම හරි බේරුනා. ඒ ගෝල්ලෝ තමයි අද අපි දකින කුරුල්ලන්. කුකුළා සහ ඩයිනසෝර් දෙගොල්ලොගෙම ප්‍රෝටීන් ඉතා සමානයි. කුකුළා සහ කළුකුමා ලගම නෑදෑයන් ඩයිනසෝර්ලගේ.
මියන්මාරයේ මෙන්න මේවගේ පතල්වලින් තමයි මේවා හොයාගෙන තියෙන්නේ
source
bbc
http://www.cbc.ca/news/technology/bird-wings-amber-1.3655942
Last edited: