ලාභදායී ගඩොල්

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේක ලියන්න හිතුණේ මේ ත්‍රෙඩ් එක නිසා
    http://elakiri.com/forum/showthread.php?t=1833578
    මම දැන් කාලෙකට කලින් (අවුරුදු 3කට විතර) ගෙයක් හදන්න පටන් ගත්තා... මම හිතුවේම සිමෙන්ති ගඩොල් වලට වඩා වෙනස් විදියක් කරනවා කියලා. පස්සේ සෑහෙන්න හොයලා හොයලා පස්-සිමෙන්ති ගඩොලින් ගෙදර හදන්න හිතුවා. මෙ ගඩොල් ඔරෙන්ජ් ඉලෙක්ට්‍රිකල් එකෙන් ගන්න පුළුවන්. ටිකක් ගණන් වැඩියි. ගඩොල එකට එකක් ලොක් වෙන තාක්ෂණය නිසා බිත්ති බඳිද්දි සිමෙන්ති ඉතාම අඩුවෙන් වැය වෙන්නේ. ඒ වගේම ඉක්මණින් බඳින්න පුළුවන් නිසා වැඩකුලියත් අඩු වෙනවා. මම මේ ගැන ගාල්ල නිවාස අධිකාරියෙන් ඇහුවම ඒ අය මට මැෂින් එකක් කුලියට දුන්නා. මම ගෙදරදීමයි ගඩොල් හදා ගත්තේ. මේකට ඇලෙන සුළු බව අඩු රතු පස් ඕන වෙනවා. ලොකු කැට නැති වෙන්න හලාගත්තු පස් වලට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කරලා වතුර යාන්තමින් ඉහලා මැෂින් එකට දාලා ප්‍රෙස් කරනවා. සාමාන්‍යයෙන් සිමෙන්ති බ්ලොක් ගලක් මැෂින් එකෙන් අතට ගන්න බැරි වුණාට මේ ගල හදපු ගමන් අතට ගන්න වුණත් පුළුවන්. ඊට පස්සේ සති දෙකක් වතුර දාලා පදම්කලාම යකඩ වගේ හයියයි. ඇත්තටම සිමෙන්ති බ්ලොක් ගලකට, පුච්චපු රතු ගඩොලකට වඩා මේක පට්ට හයියයි.
    Home1.jpg

    මගේ බ්ලොග් එකේ මං මේ ගැන විස්තරයක් ලිව්වා. මෙතනින් බලන්න
    http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html
    තාම මම ගෙදර කාමර දෙකයි හදලා තියෙන්නේ. දැන් අවුරුදු තුනක් වෙනවා. කිසිම අවුලක් වෙලා නෑ. ගේ ඇතුළ හොඳට සිසිල්. මම ගේ ඇතුළ පැත්ත කපරාරු කළා. නැත්නම් ඇතුළ අඳුරුයි. පිටත නම් කපරාරු කළේ නෑ. මේ දවස්වල තාප්පෙ බඳිනවා මේ ගඩොලින්ම. හදලා ඉවර වුණාම පින්තූර දාන්නම්. ජයවේවා. (මම නිතර ඔන්ලයින් එන්නෑ... ආපු විගස ප්‍රශ්න තිබේ නම් උත්තර දෙන්නම්)
    නැත්නම් මට ඊමේල් එකක් දාන්න
    [email protected]
    ප.ලි. මෙතන කිසිම මාකටින් වැඩක් නෑ.. මොකද මම මේ ගඩොල් හදලා විකුණන්නෑ...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔය මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ගණන් කොහොමද
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඔය මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ගණන් කොහොමද

    මම ගත්තේ ගාල්ලේ නිවාස අධිකාරියෙන්
    මාසෙටම 3500යි කුලිය.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ela machan
    ganna giyoth gadolak keeyak weida
    මම අන්තිමට බලද්දි (අවුරුදු 3කට කලින්) ඔරෙන්ජ් එකේ ගලක් 42යි. දැන් නම් වැඩි ඇති. ගෙදර හදා ගත්තොත් වැඩිම වියදම යන්නේ ලේබර් කොස්ට් එක
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කොළඹ තියෙනවද දන්නේ නැහැ නේද
    නිවාස අධිකාරියේ කොළඹ ඔෆිස් එකෙන් අහපං මචං... නැතිවෙන්න විදියක් නෑ... නර්ඩ් එකෙත් තියනවා මං හිතන්නෙ
    සල්ලි වලටම මැෂිමක් ගන්නවා නං සීදුවෙ සේරම් එකේ තියෙනවා. ටිකක් ගණං හැබැයි