ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එහෙනම් ඉතින් පිටින් ආපු සුදුසුකම් ඇති අය පත්කරන්න ඕනේ ගමේම අය දාගෙන හරියන්නේ නැහැ.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Concept එක නම් ලස්සනයි, ප්‍රායෝගිකයි ඒත් ක්‍රියාත්මක කරද්දි මොන ප්‍රශ්න එයිද දන්නෙ නැ

    හරිනි අමරසූරිය දෙරණ 360 දි කිව්ව ඕක ගැන ...

    බලමු බලමු
    සුළු මූල්‍ය වංචා කතාවත් කිව්වද. නැත්තන් ලාල් කාන්ත අසම්පූර්ණව කියපු කතාව සාධාරණීකරණය කරන්න ඔනේ නිසා මොනවා හරි කිව්වද

    Lawyers lata margin ekak denna ona per client maximum mechcharai kiyala
    ඒක හරියන්නේ නෑ. ලෝයර්ස්ලාට යන වියදම විතරක් අඩු කරලා බෑ. කාලය කියන්නෙත් සල්ලි. අනික ඔය නඩුවක් කියන්නේ දිග ක්‍රියාවලියක්. ඊට වඩා සරල දෙයක් වෙන්න ඕනේ මේ මන් කියන දේ. ලෝයර්ස්ලා ගන්න ගාන අඩු කලා කියල විතරක් හරියන දෙයක් නෙමේ ඕක
    ------ Post added on Oct 2, 2024 at 11:15 PM

    ඔබ වරක් කියා තිබුණා ගෙවල් ඇතුළේ ෆැක්ටරි ටික එළියට යන්න ඕනෑ කියලා. ඒ කතාව මොකක්ද?

    අපේ රටවල තිබුණු නිෂ්පාදන ක්‍රමයට ආසියාතික නිෂ්පාදන රටාව කියලයි කියන්නේ. නිෂ්පාදනය කියන එක පෞද්ගලිකව තිබුණේ. මෙහෙම හිතමු. ඉස්සර බත් පිඟානක් ගත්තොත් බත් පිඟාන පුරාම ඉන්නේ තාත්තා. දැන් බත් පිඟාන ගත්තොත් මුළු ලෝකයම ඉන්නවා. හාල් එක රටකින්. සෝස් තිබුණොත් ඒක තව රටකින්. ව්‍යංජනයක් තව රටකින්. පිඟාන තවත් රටකින්. සමාජය ඉස්සරහට එනකොට පෞද්ගලිකව නිෂ්පාදනය විදියට ගේ ඇතුළේ තිබුණු නිෂ්පාදන ගෙයින් එළියට යනවා. ඒක අපේ රටට තේරුම් කරන්න තියෙන හොඳම උදාහරණය තමයි මහන මැෂිම. පරම්පරාවකට කලින් හැම ගෙදරකම මහන මැෂිමක් තිබුණා. ගෑනු ළමයෙක්ට දෑවැද්දට මැෂිමක් ඕනෑමයි. දැන් මහන මැෂිමක් අරන් යන්න කිසිම ගෑනු ළමයෙක් කල්පනා කරන්නේ නැහැ. එදා මැහීමේ කර්මාන්තය තිබුණේ ගේ ඇතුළේ. අද ඒක ගෙයින් එළියට ගිහින්. ඒත් තව ෆැක්ටරි කිහිපයක්ම ගේ ඇතුළෙන් එළියට යා යුතුයි. දැන් ගොඩාක් අය ගෙදරට වොෂින් මැෂින් එකක් ගෙනෙන්න බලනවා. අපි කියන්නේ, වොෂින් මැෂින් ගෙනැල්ලා රෙදි සේදීම ගේ ඇතුළේම තියාගන්න එපා. ඒක රෙදි හෝදලා මැදලා දෙන තැනකට බාරදෙන්න.


    ඒ ටික එළියට ගිය පවුල් දැනටම ඉන්නවා. අපේ සමාජයේ පන්ති භේදයක් තියෙනවා. ඉහළ ආදායම් තියෙන අය එළියට දීලා. ගොඩක් අය මේවා ඇතුළේ තියාගෙන ඉන්නෙ බැරිකමට. ආර්ථික ප්‍රශ්නයක්. අපේ ගේ ඇතුළෙ තවත් ගොඩක් තියෙනවා. කෑම කැපීම, කෑම ඉවීම, වළං හේදීම වගේ. තව දේවල් තමයි ළමයින් බලා ගැනීම හා වැඩිහිටියන්ට සැලකීම. පවුලේ දෙන්නා රස්සාවට යන්නත් ඕනෑ. අන්තිමේදී දරුවන්ට, වැඩිහිටියන්ට සහ ජෝඩුවට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ වැඩ පවා එළියට යන්න වෙනවා. දරුවන් රැකබලා ගැනීමට හොඳ මධ්‍යස්ථාන අවශ්‍යයි. දරුවාව සතුටින් තියන, දරුවා ගැන දන්න අයව අවශ්‍යයි. දෙමාපියන්ට සියලු‍ පහසුකම් දුන්නත් කාමරයක් ඇතුළේ අම්මෙක් තාත්තෙක් ඉන්න එක ලොකු අපරාධයක්. එයාලාට පුළුවන් නම් තමන්ගේ වයසේ, තමන්ට ඇසුරු කරන්න පුළුවන් අය එක්ක විනෝදයෙන් ඉන්න. ඒක ලොකු දෙයක්. අපි හිතනවා අපේ සංස්කෘතිය අනුව ගේ ඇතුළේ මාපියන් රැකබලාගැනීම තමයි හොඳම දේ කියලා. ගෙවල් පන්සීයක් වෙන වෙනම උයනවාට වඩා හොඳ නැද්ද ගෙදරින් එළියේ, රසටම උයන තැනකින් කෑම කන එක. තනි තනි ගෙවල්වල නිෂ්පාදනය වෙන දේවල අතිරික්තය අපතේ යෑමත් නවතිනවා. ඉතින් ආර්ථිකයටත් යහපත්.


    අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.


    ඔබ රසවිඳින කලාකෘති මාක්ස්වාදී, ප්‍රගතිශීලී ඒවා විය යුතුද?

    මම ඕනෑ කලාකෘතියක් රසවිඳිනවා. අමරදේව මහත්තයාගේ සිංදුවක තියෙනවා, ‘බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා – සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා’ කියලා. මේකෙ තියෙන්නේ සෞන්දර්යයනේ. මේක විඳින්න පුළුවන්. කෙනෙක්ට අහන්න පුළුවන් ඔබ මාක්ස්වාදියෙක්නේ. ඔබට මේකෙ සෞන්දර්යයෙන් ඇති වැඬේ මොකක්ද කියලා. ඒකෙන් සමාජ ප්‍රගමනයට වෙන්නේ මොකක්ද කියලා. සමාජ ප්‍රගමනයට හේතුවෙන කලා නිර්මාණත් තියෙනවා. ඒක විතරක්ම තියෙන්න ඕනෑද කියන එකයි ප්‍රශ්නය. පණිවුඩයක් එක්ක සෞන්දර්යාත්මක දෙයක් කියන කලා නිර්මාණත් තියෙනවා. ඒත් හැම එකකින්ම පණිවුඩ ඕනෑ නැහැ. කොහොම වුණත් සමහර නිර්මාණවල අන්තර්ගතය ප්‍රතිගාමීයි. එහෙම නිර්මාණ ගැන විවේචනයක් තියෙනවා. කලාව වෙනුවෙන් මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. හැම වෙලාවෙම වාහනයෙන් යද්දී සිංදුවක් අහනවා. හිටපු ගමන් ෆෝන් එකෙන් ‘එන්ටර් ද ඩ්‍රැගන්’ බලනවා. මම බෲස්ලිගේ ෆිල්ම්වලට කැමතියි. කව්බෝයි ෆිල්ම්වලටත් කැමතියි. ජිම් කෙලීගේ ෆිල්ම් බලනවා. ‘ද ගුඞ් ද බෑඞ් ද අග්ලි’ වගේ පරණ ෆිල්ම් බලනවා. හිටපු ගමන් බන්දු ටෙනීගෙ ෆිල්ම් එකකුත් බලනවා. ගෙදර ඉද්දී ටී.වී. එකේ චැනල් මාරු කරගෙන යනවා. පොතක් බලාගන්න ඉඳගත්තොත් ඒකත් කරනවා. සුචරිත ගම්ලත් තමන්ගේ පොතක පෙරවදනේ කියලා තියෙනවා, ‘සාහිත්‍ය කලාවෙන් විහීන කෙනෙක්ට අඩු අංතට්ටුවකුත් වලිගයකුත් විතරයි’ කියලා. ‘එහෙම අය තණකොල බුදින්නේ නැති එක ගොනුන්ගේ වාසනාව’ කියලා.■

    ලින්ක්
    ඔය ගමට අධිකරණ බලය කතාව මුලින්ම ලාල් කාන්ත කියද්දි මටත් හිතුනා මේ යකා පිස්සෙක්ද කියලා. ඒත් දැන් දවස් දෙක තුනකට කලින් මට පෞද්ගලිකව වෙච්ච වංචාවක් ගැන නිකමට වගේ ඔලුවට ආවා ඒත් එක්ක ලාල් කාන්තගේ මේ කතාව ගලපලා බලද්දි තමයි මට හිතුනේ ඇත්තටම ඒ කතාවේ වටිනාකමක් තියෙනවා කියලා. නිකමට හිතපන් තමන්ට ලක්ෂ 5 ක 6 ක වංචාවක් උනොත් කවුද ඕකට උසාවිය දක්වා ගිහින් සාඪාරණය ඉටුකරගන්නේ. ඒ වියදමත් එක්ක ඒ සල්ලි අතඇරලා දාලා ඉන්න එක ලාභයි. ඔය වගේ වංචාවක් හෙට අනිද්ද මේ කතාවට විරුද්ධ කෙනෙක්ට වුනානම් එදාට තමයි ඌටත් හිතෙන්නේ පොලීසියට එහයින් අධිකරණයට යටින් අධිකරණ බලය සහිත සරල ආයතනයක් තියෙන්න ඕනේ කියලා
    ------ Post added on Oct 2, 2024 at 11:24 PM
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සුළු මූල්‍ය වංචා කතාවත් කිව්වද. නැත්තන් ලාල් කාන්ත අසම්පූර්ණව කියපු කතාව සාධාරණීකරණය කරන්න ඔනේ නිසා මොනවා හරි කිව්වද


    ඒක හරියන්නේ නෑ. ලෝයර්ස්ලාට යන වියදම විතරක් අඩු කරලා බෑ. කාලය කියන්නෙත් සල්ලි. අනික ඔය නඩුවක් කියන්නේ දිග ක්‍රියාවලියක්. ඊට වඩා සරල දෙයක් වෙන්න ඕනේ මේ මන් කියන දේ. ලෝයර්ස්ලා ගන්න ගාන අඩු කලා කියල විතරක් හරියන දෙයක් නෙමේ ඕක
    ------ Post added on Oct 2, 2024 at 11:15 PM
    මෙතනින් ගිහින් බලන්න ... Time stamps එක clip කරා link එකට ඒ ප්‍රෂ්නෙ අහන තැනට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක මාත් කල්පනා කරා බං.. මට නං හිතෙන්නෙ ඕකෙන් වෙන හොඳත් තියෙනව නරකත් තියෙනව ..
    ලංකාව වගේ සමාජයක ප්‍රතිගාමී සමාජයක ඕක ප්‍රායොගික නෑ තාම මට හිතෙන විදිහට..
    දැන් ලංකාවෙ දිසා අධිකරණ කියල තියෙන්නෙත් ඕකම වගේ නේද.. දිසා අධිකරණ ක්‍රියාවලිය කාර්‍ය්‍යක්ශම කරා නං ඔයිට වඩා හොඳයි කියලයි මට නං හිතෙන්නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ඕව කතා කරන්න කලින් දැනට තියෙන අදිකරණ ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕනේ. නඩුවක් අහල ඉවරුනම අවුරුදු 10-20 යනවා. නඩු කල්දමන එක නතර කරන්න ඕනේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
    ඊට වඩා හොඳයි ඉස්සර තිබුන ගම් සභා හාමු මහත්තයාගේ නඩු තීන්දු තීරණ ගැනීම
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අඩෝ.. හරිනි නියම තැන ටච් කලා...ලාල්කාන්ත ඒ කතාව සිල්ලර තැනක ඉඳන් කියන්නේ නිකන් ගමේ ඉන්න කොල්ලටයි බල්ලටයි හැමෝටම නඩු අහන්න පුලුවන් කියනවා වගේ.. අනුර කතාව පටලවා ගත්තා. හරිනි හරිම තැනින් අල්ල ගත්තා කතාව. මාත් කියන්නේ ඒ කතාව.ලොකු ලොකු මූලික අයිතිවාසිකම් නඩු අහන ඒවා නෙමේ ඒවා උපරිමාධිකරණයෙන් කරපුදෙන් ඒත් සමහර නඩු සරල අධිකරණයකින් කරන්න පුළුවන්

    ඕව කතා කරන්න කලින් දැනට තියෙන අදිකරණ ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕනේ. නඩුවක් අහල ඉවරුනම අවුරුදු 10-20 යනවා. නඩු කල්දමන එක නතර කරන්න ඕනේ
    ඒ ප්‍රශ්නෙත් අඩු වෙනවා මේ යෝජනාවෙන්
    ------ Post added on Oct 2, 2024 at 11:45 PM
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩෝ.. හරිනි නියම තැන ටච් කලා...ලාල්කාන්ත ඒ කතාව සිල්ලර තැනක ඉඳන් කියන්නේ නිකන් ගමේ ඉන්න කොල්ලටයි බල්ලටයි හැමෝටම නඩු අහන්න පුලුවන් කියනවා වගේ.. අනුර කතාව පටලවා ගත්තා. හරිනි හරිම තැනින් අල්ල ගත්තා කතාව. මාත් කියන්නේ ඒ කතාව.ලොකු ලොකු මූලික අයිතිවාසිකම් නඩු අහන ඒවා නෙමේ ඒවා උපරිමාධිකරණයෙන් කරපුදෙන් ඒත් සමහර නඩු සරල අධිකරණයකින් කරන්න පුළුවන්


    ඒ ප්‍රශ්නෙත් අඩු වෙනවා මේ යෝජනාවෙන්
    ------ Post added on Oct 2, 2024 at 11:45 PM
    ඔව් ලාල් ල අමු මිනිස්සු නෙ ... ඉතින් professional reading එකක් ප්‍රෂ්නෙකට දෙන්න ටිකක් අමාරු ඇති ..
    අනුර ලාවට නාගත්ත වගෙ ඒක .. ඖලක් නැ හරිනි ශේප් කරානෙ 😴😴
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඕක මාත් කල්පනා කරා බං.. මට නං හිතෙන්නෙ ඕකෙන් වෙන හොඳත් තියෙනව නරකත් තියෙනව ..
    ලංකාව වගේ සමාජයක ප්‍රතිගාමී සමාජයක ඕක ප්‍රායොගික නෑ තාම මට හිතෙන විදිහට..
    දැන් ලංකාවෙ දිසා අධිකරණ කියල තියෙන්නෙත් ඕකම වගේ නේද.. දිසා අධිකරණ ක්‍රියාවලිය කාර්‍ය්‍යක්ශම කරා නං ඔයිට වඩා හොඳයි කියලයි මට නං හිතෙන්නෙ
    නෑ දිසා අධිකරණය සරල නෑ. මේ කතාව ඊට වඩා යටින් තියෙන එකක්. නියාමනය හරියටම වෙන්න ඕනේ. නිකන් සාමවිනිසුරුලට ගිහින් නඩු අහන්න දෙන්න හොඳ නෑ. අධිකරණයේ අත්දැකීම් තියෙන වගකීමත් තියෙන අය තීරකයෝ විදිහට පත් වෙන්න ඕනේ. පොලීසිය හා දිසා අධිකරණය එක්ක අතරමැදි සම්බන්ධයක් තියෙන තැනක් උසාවියක් කිව්වට උසාවියක්මත් නෙමේ වගේ
     
    • Like
    Reactions: Robinhood wage ekek