ළමයා ලොකු ළමයෙක් වෙන එකේ ඉඳන් සිංහලුන්ගේ ලොකුකම පෙන්නිල්ලනේ තියෙන්නේ. දානේ මළ ගෙදර උනත් එහෙමයි. අම්මලා තාත්තල මැරෙනකල් ළමයි වෙන රටවල. උන් එහෙ ඉඳන් මාසෙට 20,000ක් එවලා හිතන්නේ උන්ගේ යුතුකම් කරා කියලා. වයසක මිනිහා අසනීප වෙද්දී ගැනී තෙල් ගානවා. ගෑනි අසනීප වෙද්දී මිනිහා තෙල් ගානවා. හැබැයි ඇහුවම වයසක ඩබල උජාරුවෙන් අනිත් උන්ට කියවනවා. ඊට පස්සේ මැරුණම අරුන් ඇවිත් ලෝකෙට පේන්න ලොකුවට මළගෙවල් ගන්නවා, ලොකුවට දානේ ගෙවල් ගන්නවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ නෙවේ එන්නේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් වියදම් කරලා ගෙන්නන්නේ. ලැජ්ජා වෙන්න ඕනේ ඒවාට.