ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි

    ලැජ්ජ නැති කම!
    "ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල මේකට පදනම් වූ කථාව මොකද්ද කියල.... හරි මම අද කියන්න හදන්නෙ මේ කියමනේ නිධාන කථාව... ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු කරන අය අල්ල ගන්න හිතාගෙන වත්තට වෙලා හිටිය ඒත් වැඩක් වුණේ නෑ මුදලි තුමා එහා කොනට යනකොට මෙහා කොනෙන් ගැහැණුන් සහ ළමුන් රිංගලා ඇවිත් පළතුරු කඩනව මුදලිතුමාට වත් බය නෑ...




    කොහොම හරි මුදලි තුමාගේ උත්සාහයත් අසාර්ථක වුණා කියමුකෝ....ඔන්න ඒ වෙලාවෙ රජවාසලේ කවටය අන්දරේ එතනින් ගියා ඔන්න වරද්දගන්න එපා අපේ බ්ලොග් ලියන ඉන්දරේ එහෙම නෙවෙයි හරිද....මුදලි තුමා අන්දරේට මේ කතාව කිව්ව අන්දරේ හොඳට කල්පනා කරල මම වැඩේ භාරගන්නම් කියල කිව්ව ඔන්න පහුව දා අන්දරේ වත්තට ආව ඇවිත් ඇඳුම් ටික සේරම ගලවලා අමු හෙළුවෙන් වත්තෙ එහාට මෙහාට යන්න පටන් ගත්තා..... සුපුරුදු පරිදි පළතුරු කඩන්න ආපු ගැහැණුන් සහ ළමුන් ට මේක දැකල හොඳටම ලැජ්ජහිතුණා සමහරු නම් කෑ ගහගෙන දිව්වෙ... ඔන්න ඒ ලැජ්ජාව නිසාම එදායින් පස්සෙ මේ කිසි කෙනෙක් වත්තෙ හතර මායිමෙ පස් පාගන්න ආවෙ නම් නෑ.

    අන්දරේ මහ මුදලි තුමාට මෙන්න මෙහෙම කියපි මහමුදලි තුමෝ "ලැජ්ජනැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි" නේද? කියල.
     
    • Like
    Reactions: amila256 and binoj