ලැම්බොගිනි ටික ආපහු යවලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලැම්බොගිනි ටික ආපහු යවලා

බදු වංචා කතා බොරු.., ලැම්බෝගිනි 39ම ආපසු රට පටවයි

December 29, 2012 at 1:26 pm | Lanka C News.


lambogini.png
පසුගියදා කොළමඳ පැවති මෝටර් රථ වාහන තරගය සඳහා මෙරටට ගෙන්වූ මෝටර් රථ 39 තාවකාලික පදනම යටතේ මෙරටට ගෙන්වූ බවත් එම මෝටර් රථ සියල්ල දැනටමත් ගෙන්වූ රටවල් සඳහා යැවීමට නැව්ගත කර අවසන් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ඞී.එස්. ගුණතුංග මහතා පැවසීය.
නමුත් මෙම මෝටර් රථ 39 ගෙන්වීමේදී රුපියල් මිලියන 200ක රේගු බදු වංචාවක් සිදුවූ බවට ඇතැම් මාධ්‍ය පැවසුවත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් මෙම මෝටර් රථ සියල්ලම ගෙන්වූයේ ධාවන තරගය සඳහා පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
මෙම මෝටර් රථ ගෙන්වීම සිදුවූ ආකාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘මෙම සුපිරි තත්ත්වයේ මෝටර් රථ 39 මෙරටට ගෙන්වූයේ මෙම ධාවන තරගය සඳහා පමණයි. මෙම තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව තාවකාලික පදනම යටතේයි මේ මෝටර් රථ මෙරටට ගෙන්නුවේ. තාවකාලික පදනම යටතේ මෙරටට වාහන ගෙන්වනවා නම් ඒ සඳහා රේගුවට බදු අය කරන්න බැහැ. ඒක රේගු නීතින්ට අනුකූලයි. මොකද මේ වාහන සියල්ලම නැවත එම ගෙන්වූ රටවල් සඳහාම නැවත යවනවා.
සමහර මාධ්‍ය මිලියන 200ත් පමණ රේගුවට බදු වංචාවක් සිදු වුණා කියලා වැරදි අර්ථකථනයක් දුන්නා.
දැන් අපි එම මෝටර් රථ සියල්ලම නැවත ගෙන්වූ රටවල් වෙත යැවීමට නැව්ගත කොට අවසන්. එහෙම නොමැතිව කාටවත් තියා ගන්නම මෝටර් රථ ගෙන්වීමක් මෙතැනදී සිදුවුණේ නැහැ.
මේ නිසා මෙතැනදී කිසිම ආකාරයකින් රේගුව හරහා අක‍්‍රමිකතාවක් වුණේ නැහැ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.’


11,684 Viewers
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එංගලන්තෙට එවනවනම් මටත් එකක් නිකන් දීපිය
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එහෙම කොහොමද කාර් ආපහු රිටර්න් කරන්නේ.ඕවා ගන්නේ නෑ කම්පනි එක ආපහු.
ඔක්කොම ලොක්කගේ ගෙදර ගරාජ් එකේ ඇති.