ලැම්බොගිනි පාලකයන් සහ ගොවිදියනියන්

kinglanka

Banned
Jan 11, 2013
52
5
0
ලැම්බොගිනි පාලකයන් සහ ගොවිදියනියන්

නැගෙණියනි එන්න මේ සම්මානය ගන්න!

sis.jpg
එදා අප ගමනාන්තය අනුරාධපුරය විය. අප එහි ළඟාවීමට යොදාගත්තෙ කුරුණෑගල අඹන්වල හරහා වැටී ඇති මාර්ගයයි. සුදු පටි පැළඳි රාළහාමිලා කිහිප තැනකදීම මේ ගමනට 'රාජකාරිමය බාධා' කළහ. කන්නට උවමනා විට කබරගොයාවත් තලගොයා කරනා ට්‍රැෆික්‌ රාලහාමිලාගෙන් දඩයක්‌ නොකා ඒ සා දුරක්‌ පැමිණීමට 'භාග්‍යවන්ත' වූ අපව ගැටවදීද සුදු පටි රාලහාමිලා දෙදෙනෙකු විසින් නතර කළේය. ධාවනයේදී කිසිදු වරදක්‌ නොවූ බව හොඳින්ම දැනගත් අපේ පිරිසේ කිහිපදෙනෙක්‌ 'සිංහයන්' මෙන් වාහනයෙන් එලියට බැසගත්තේ තවත් වරක්‌ නැති වරදක්‌ පැටවීමට උත්සහ කළොත් රාළහාමිලාගේ කාකිකෝට්‌ ගැලවී වැටෙන්නට කථා කරන තරමේ ආවේගයකිනි. ආවේගශීලීවූවන් රාළහාමිලා සමග සංවාදයේය. වාග් විලාසය උණුසුම්ය. හිරු 'කෙළින් සිටගත්' මධ්‍යාහ්නය වුවද මේ පරිසරය සිසිල්ය. පාර දෙපසම සම දුරින් මෙන් විහිද පවතින පාරට සමාන්තර තුරු යායකි. ඊට ඔබ්බෙහි කුඹුරු යායකි. ගොවියෝ තවත් කන්නයක්‌ උදෙසා ඒ කුඹුරු මඩකරමින් සිටිති. මඩකොටන කුඹුරු යාය සිප පැමිණෙන මද සුළඟ මඩ ගන්ධය තවරාගෙන සිටියි. සැබැවින්ම ඒ එන්නේ ගඳක්‌ නොව නැවුම් කන්නයක සුවඳවත් පණිවුඩයකි. මේ සුන්දර පරිසරය සිසාරා මා දෙනෙත් අරමුණකින් තොරව ඒ මේ අත යයි. එහෙත් දුටු එක්‌ දසුනකින් ඉබාගාතේ දිවගිය ඇස්‌ එකතැන නතරවිය.

sis1.jpg
ඉහළට එසවෙන උදලුතලයක්‌ මඩ අතරට කිඳාබසී. ඒ උදලුතලය පොළොව පෙරලමින් නැවත ඉහළට එසවෙයි. විශේෂය පොළොව පෙරළීම නොවේ. පොළොව පෙරලන ඒ උදැල්ල දරා සිටින දෑතයි. ඒ වතෙහි පෙනුමෙන්ම ඒ දෑතේ සියුමැලි බව කිවහැකි අයුරකි. ඒ සුන්දර වතකි. එහි අමුතු පිං පාටකි. ඇය හිරිමල් තරුණියකි. හිරු රැසින් ඒ මුහුණ රතුව ඇති සෙයකි. සුළඟ සමග පොරබදන කෙහෙ රැළි කිහිපයක්‌ ඒ මුහුණ මත වැටී ඒ මේ අත පැද්දෙනුයේ 'මගෙ දුවේ. අනේ ඔය විඩාබර මුහුණ ටිකක්‌ පිරිමදින්නම්' කියන්නාක්‌ මෙනි. ඇය සිටිනුයේ මහ ඈතක නොව, පාර අද්දරම ලියෑද්දේය. මට ඇයව ඉතා හොඳින් පෙනෙයි. එහෙත් ඇයට අප ගැන වගක්‌ නැත. මේ සුන්දර දියණිය ගොවි රජකු පරිද්දෙන් කුඹුර සමග ඔට්‌ටුවෙමින් සිටින්නීය. මේ සියුමැලි ස්‌ත්‍රී පෙනුම යට සැඟව ඇති මහා වීර්යයක සවිය කෙසේද යත් එය පොළොව පෙරලන්නට තරම් සමත්ය. සායකින් හැට්‌ටයකින් සැරසුණු මේ තරුණිය, තරුණයන් සියයකගේ ආත්ම ශක්‌තිය ඉක්‌මවන ජවයකින් අභිෂේකව මේ කුඹුරුයායේ රැජිණ බවට පත්ව සිටින්නී යෑයි මට සිතෙයි.

ඇය සමග කථා කිරීමට අවැසිය. අද කාලේ යෞවනය ෆේෂල්, ෆේස්‌බුක්‌, ෙµdaන් අතරේ සීනි බෝල රස සොයද්දී, මැය උදැල්ල අතින් ගෙන කුඹුරට බැස, හෙට පීදෙන ගොයම් කරලක බත් රස සොයන්නීය. අද කාලේ යෞවනය සීත කාමරයකට කොටුවූ රැකියා සොයද්දී මේ යෞවනිය ඒ ගොයම පීදෙන පොළොව සිය ගතින් වෑහෙන දහඩියෙන් සරු කරන්නීය. ඉතින් ඇය සමග වචනයක්‌ කථා නොකර යනු කෙලෙස...

පාරේ වාහනයක ගිය තරුණයෙකු ලෙසින් මා, තරුණ ඇයත් සමග අහේතුකව කථා කළහොත් ඇය කුමන ප්‍රතිචාරයක්‌ දක්‌වයිද? විනෝද චාරිකාවක්‌ යන නඩයක, චාරයක්‌ නැති කොල්ලෙකු තමන්ට විසුලු කිරීමට දරණ ප්‍රයත්නයක්‌ ලෙසින් ඇය මාව වරදවා තේරුම් ගතහොත් ප්‍රතිචාරය දරුණු වියහැකිය. ඇය එසේ නොවී සත්භාවය හඳුනාගනිමින් මා සමග කථා කළද මේ ගම්මණ්‌ඩියක දකින අනෙකුන් ඇයට පදයක්‌ හැදීමටද බැරි නැත. උත්සහය අතහැරදැමීමට සිත කියයි. එහෙත් එලෙස කළ හොත් මා මේ රටේ සිටින පාඨකයන්ට අසාධාරණයක්‌ කළා වන්නේයෙ. මන්ද, වත පුරා පුයර තවරාගෙන, 'මොඩ්ම මොඩ්' ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු 'දේදුන්නෙන් සමනලියන්'ට වඩා පත්තර පිටු සැරසිය යුත්තේ පොළොවේ පය ගසාගෙන මේ පොළොව සමග ඔට්‌ටුවන මේ සැබෑ දියණියන්ගේ රුවෙනි. ඇය ඒ සඳහා ඉහළින්ම සුදුසුය.

මම ධෛර්යය උපද්දවා ගත්තෙමි.

මේ අතර ට්‍රැෆික්‌ රාලහාමිලා සමග ආවේගශීලී සංවාදය සුහද සාකච්ජාවක්‌ බවට පත්ව, එනම් සියල්ල ඉතා හොඳින් විසඳී මා ගමන් සගයන් පොලිසියත් සමග සිනහමුසු මුහුණින් මොනවාදෝ කියමින් මා සිටින දෙසට පැමිණේ.

ඒ දසුන මට කියන්නේ මේ මගේ ඉලක්‌කයට පොලිස්‌ ආරක්‍ෂාව, අනුග්‍රහය ලබාගත හැකි මොහොතක්‌ බවයි.

'මහත්තයා, අර ගෑණු ළමයාද ඒ කුඹුර තනියෙන්ම කරන්නේ?'

මම පොලිස්‌ නිලධාරීන්ගෙන් ඇසුවේ ඔවුන් මෙතැන නිතිපතා ගැවසෙන, තතුදත් පිරිසක්‌ විය හැකි බැවිනි.

'අපොයි ඔව්. පුදුම කෙල්ලෙක්‌. මේ ළමයා තමයි ඒ කුඹුර කරන්නේ. අම්මත් එක්‌ක තමයි කුඹුරට ඇවිත් හිටියේ. දැන්නම් අම්මා දවල් බත ගේන්න ගිහිල්ලද කොහෙද? අපිත් බලාගෙනයි සිටියේ. ඒ ළමයා එක සීරුවට වැඩ'

පොලිස්‌ රාළහාමිලා ඉතා සුහදශීලීවීම මගේ ඉලක්‌කය පහසුකරවන්නක්‌ය.

මම මාගේ අනන්‍යතාව පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට සහතික කර, මගේ මාධ්‍ය අවශ්‍යතාව ඔවුනට කියා සිටියෙමි.

'ඇත්තටම මේ වගේ අය ගැන තමයි පත්තර වල ලියන්න ඕනෑ. ගිහින් කථාකරන්න' පොලිස්‌ නිලධාරීන් මා ධෛර්යමත් කළේය. ඒ වචන වල මට අවශ්‍යවූ රැකවරණයද විය.

'මිස්‌, මම 'දිවයින' පත්තෙරෙන්. අහම්බෙන් වාහනේ මෙතැන නතරකළහම මිස්‌ව දැක්‌කා. පත්තරේට මිස්‌ ගැන ආටිකල් එකක්‌ කරන්න හිතුනා. අකමැත්තක්‌, වැඩට බාධාවක්‌ එහෙම නැතිනම් මට මිස්‌ගේ විස්‌තර ටිකක්‌ දෙනවද?'

පෙනෙන මානයේ සිට මාධ්‍ය හැඳුනුම්පත පෙන්වමින් සහ 'නංගි' යන වචනය වෙනුවට වඩාත් වෘත්තීය මට්‌ටමේ අමන්ත්‍රණයක්‌ ලෙසින් 'මිස්‌' යන්න යොදමින් ඇය තුළ යම් විශ්වාසනීයත්වයක්‌ ගොඩනැගීමට මට අවැසි විය.

ඇය ලැජ්ජාවෙන් සිනාසී බිම බලාගෙනම ඇගේ උදැල්ලට විරාමයක්‌ ලබාදුන්නාය.

වචනයෙන් ප්‍රතිචාරයක්‌ නොවූවද ඇය ඇගේ වැඩ නතර කිරීමෙන් මාගේ කාර්යයට යම් අවසරයක්‌ ඇති බවකි මට දැනුනේ.

මා අතවූ හඬ පටිගත කිරීමේ මෙවලම ක්‍රියාත්මක කරමින් එය ඈ දෙසට පාගෙනම මම ප්‍රශ්න ඇසීම ඇරඹීමි

'නම මොකක්‌ද?'

"අනුරුද්ධිකා පුෂ්පමාලා බණ්‌ඩාරනායක"

එහා ලියෑද්දේ බිම හානා ට්‍රැක්‌ටර් හඬින් වූ බාධාව මැදින් යන්තමින් මට ඇගේ නම ඇසිණි.

ඇය අපව තේරුම් ගෙන ඇත. එනිසා ඇය දැන් අප සමග කථාකරන්නීය.

'වෙන මොකුත් රස්‌සාවක්‌ කරනවද? නැතිනම් තවම ඉගෙනගන්නවද?'

මම ප්‍රශ්න ඇසීම වේගවත් කළෙමි.

'මම බාහිර උපාධිය කරනවා'

'මොන විශ්වවිද්‍යාලයෙද?'

'පේරාදෙණිය'

'වයස කීයද?'

'විසි තුනයි'

අද කාලේ කුඹුරක්‌ ඇස නොගැටුණ තරුණියන් බොහොමයක්‌ සිටින රටක, උදැල්ලක්‌ නොඇල්ලු යෞවනයක්‌ සිටින රටක, මඩ ටිකක්‌ ඇගේ ගෑවීම අවමානයක්‌ ලෙස සිතන තාරුණ්‍යයක්‌ බිහිව ඇති රටක මේ උගත් කෙල්ල ඒ කිසිවක්‌ තුට්‌ටුවකටවත් මායිම් නොකර පාර අද්දරම ලියෑද්දේ කුඹුරු කොටන්නීය.

'අද කාලේ තරුණ පිරිමි ළමයි පවා කුඹුරකට බහින්න ලැඡ්ජයි. ඒත් ඔයා කෙල්ලෙක්‌ වෙලත් මේ පාර අයිනේ කුඹුරු වැඩ කරනකොට ලැ-ජාවක්‌ වගේ දෙයක්‌ දැනෙන්නේ නැද්ද?'

මම නොඅසා සිටින්නට නොහැකි දෙයක්‌ ඇගෙන් අසුවෙමි.

'සමහර වෙලාවට පාරෙ යන අය ඔච්චම් කරගෙන යනවා. ඒත් ඉතින් ඒවා මට මොකටද? මම වැරදි දෙයක්‌ නෙමෙයිනේ කරන්නේ. අපිට ජීවත්වෙන්න මම සාධාරණ දෙයක්‌ කරනවා. මම හිතන්නේ එච්චරයි. ඔච්චම් කරන ඒවා මම ගාණකට ගන්නේ නැහැ. මොකද තමන්ගේ පවුලේ තත්ත්වය හැටියට ගැලපෙන දෙයක්‌ කරන්න වෙනවා'

ඇය කියන්නේ මන්දිරයක නූපන් බැවින් ඇයට උදැල්ල අතට ගන්නට සිදුවූ බවද? එහෙත් මන්දිරවල නූපන් මොනතරම් දෙනෙක්‌ උදැල්ල අතට ගැනීමට ලැඡ්ජද, කම්මැලිද....

ඒත් නැගෙණිය ඔබ...

ඇය දැන් හිස ඔසවා අපදෙස බලමින් කථා කරයි. ඒ කියන්නේ ඇය දැන් අපත් සමග සෘජු අදහස්‌ දැක්‌වීමක යෙදෙන බවය. එහෙත් මම ඇය සමග කථාකරන්නේ අපහසුවෙනි. මන්ද නියර මඩවී ඇති බැවින් නියරට ගොඩවනු නොහැකිව, පාර සහ කුඹුරු අතර ඇති බෑවුමේ සිට ඇඟ සමබර කරගනිමින් කථා කිරීමට මට වෙනම වෙහෙසක්‌ දැරිය යුතු බැවිනි. මේ අතර අපේ ගමන් සගයෙකු වූ ප්‍රවීණ ජායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතාද මා මෙන්ම අපහසුවෙන් වුව කැමරාව දරමින් ස්‌ථානෝචිතව සිය දායකත්වය ලබාදෙයි.

අපි නැවතත්a විමසන්නට ගතිමු.

'මේ කුඹුරු වැඩ හුරුවුනේ කොහොමද?'

'අපිට පොඩිකාලෙ ඉඳලා මේවා කරලා හුරුයි. අපේ තාත්තා නැහැ. මමයි අම්මයි මල්ලියි නංගියි එකතුවෙලා කුඹුරු කරනවා'

පියා නොමැති පවුලට ඇය පියෙකු වී සිටින්නීය. එවෙලෙහි පවුලේ අන් කිසිවකු එහි නොසිටියද ඇය තනිපංගලමේම කුඹුරු කොටන්නීය.

'මෙතැන ඔයාලට කුඹුරු කොච්චර තියෙනවාද?'

 
  • Like
Reactions: Rex921

kinglanka

Banned
Jan 11, 2013
52
5
0
'මේවා අපේ කුඹුරු නෙමෙයි. අපේ ලොකු අප්පච්චිලාගේ ඒවා. ඒa ගොල්ලො මේවා නොකරන නිසයි අපි කරන්නේ'

මේ මොන තරම් අපූරු කෙල්ලක්‌ද?

ඇය කුඹුරු කොටන්නේ තමන්ගේ දේපලක්‌ රැකගැනීමට නොවේ. මුඩුවන්නට ගිය බිමකි ඇය අස්‌වද්දනුයේ. ඇගේ කියා බිමක්‌ නොවුණත්, මේ බිමෙන් ඇය දැයට බත සපයන්නීය.

එපමණක්‌ද ඇය නීර්භයය. මගේ පහත පැනයට ඇය ලබාදුන් පිළිතුර එය සනාථ කරවන්නකි.

'මේ කාලේ ගොඩක්‌ දෙනා මී උණ වගේ ලෙඩ රෝග වලට බියෙනුත් කුඹුරු වලට බහින්නේ නැහැ. ඔයාට එහෙම බයක්‌ දැනෙන්නේ නැතිද?'

'එහෙම බයක්‌ දැනෙන්නේ නැහැ. හුරුපුරුදු දෙයනේ. අනික ජීවත්වෙන්න නම් මොකක්‌හරි කරන්නත් වෙනවනේ. එහෙම බයවුනොත් කොහොමද ජීවත්වෙන්නේ'

ඇය පවුලේ ජීවිකාව උදෙසා ජීවිත අවදානම වුව බැහැර කරන්නීය.

'ඔයාලට කන්න අඳින්නයි, ඔයාට ඉගෙනගන්නයි මේ කුඹුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?'

මම ඔවුන්ගේ 'ආර්ථික විද්‍යාව' දැනගනු පිණිස ඇසුවෙමි.

'නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් එහෙම ආදායමක්‌ බලාපොරොත්තු වෙන්න බෑ. වතුර නැතිව පහුqගිය කන්නය වැඩ කරගන්නම බැරිවුනා. මගේ මල්ලි පොඩි රස්‌සාවක්‌ කරනවා. එයා තමයි මට ඉගෙනගන්න සල්ලි දෙන්නේ'

ඔවුන්ගේ ජීවිත ගෙවෙන ආකාරය ගැන සිතාගත හැකිය. සියල්ලෝ හැකි පමණින් මේ ජීවන යුද්ධය ජයගැනීම පිණිස වෙහෙසෙති. එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරති. අපූරු පවුලකි.

'ඔයා වගේ කුඹුරට බැහැලා මෙහෙම වැඩකරන තවත් ගෑණු ළමයි මේ ගමේ ඉන්නවද?' මම ඇසුවේ ඇගේ 'විශේෂත්වය' ගැන සහතික කර ගැනීමටය.

'මේ ගමේ නං... මම දැකලා නැහැ මහත්තයො. කුඹුරුවලට බහින මගෙ වෙන යාළුවෙක්‌ ගැනවත් මම නම් දන්නේ නැහැ'

පේනතෙක්‌ මානයට විහිදෙන කුඹුරු යාය පුරා ඇස යෑවූ මට ඈ කියන දේ තවත් සහතික විය.

'හොඳයි ඔයාට රැකියාවක්‌ ලැබුණා කියමු. එහෙම වුනොත් ඔයාට කුඹුරු අතහරින්න වෙයි නේද?'

'නැහැ මහත්තයෝ. ඒත් ඉඩ ලැබෙන වෙලාවට මම කුඹුරට බහිනවා'

මගේ පැනයට ඇය ඉතා සෘජුව පිළිතුරු දුන්නාය.

'මේ එන්නේ මගේ අම්මා' ඇය කුඹුර දෙසට එන මැදිවයස්‌ කාන්තාවක්‌ පෙන්වුවාය.

අම්මා, රන්මැණිකා, ඇගේ 'දූ මැණිකට' ඇඹුල රැගෙන එන්නීය.

'අම්මා බොහොම ධෛර්යවන්ත දුවෙක්‌ ලබන්න පිං කරලා තියෙනවා නේද?' අපෙන් එහෙම ඇසුනේ හදවතින්මය.

'මම මේ දවස්‌ වල ඔපරේශන් කරලා ඉන්නේ මහත්තයො. ඒ හින්දා මට මේ දරුවත් එක්‌ක කුඹුරට බහින්න විදිහක්‌ නෑ. ඒත් තනියෙම කියලා මගෙ කෙල්ල නිකං ඉන්නේ නැහැ. දැක්‌කමත් ලෝබයි මහත්තයො, එක සීරුවට වැඩ '

සෙනෙහසේ කඳුලක්‌ ඒ මවගේ ඇස්‌ කොනේ නලියද්දී ඒ ආදර්ශවත් ස්‌ත්‍රීත්වයට සිතින් ආචාර කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු.

එහෙත් එයට ප්‍රථම ඔවුන්ගේ ලිපිනය දැනගත්තෙමු. ඒ ඇය වෙනුවෙන් යම් උපකාරයක්‌ කරන්නට අවස්‌ථාව සැලසුනහොත් ඒ වෙනුවෙනි.

අපි අපේ මුඛ්‍ය කාර්යය නිමවා කොළඹ පැමිණියෙමු. ඇගේ කථාව ලියන්නට දින කිහිපයක්‌ ගතවිය. ඒ අතර කාලයේදී කුරුණෑගලට අනෝරා වැහි වැටුණි. මට ඇයව මතක්‌ විය.

අනේ ඈ ඒ සා මහන්සියෙන් අස්‌වැද්දූ කුඹුර ඒ දෙගොඩතලා යන වතුරට හසුවීද?

නැගෙණිය නුඹේ උත්සාහය ජල රකුසා බිලිගත්තේද?

දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාම කෙල්ලෙක් බං :yes: :yes: :yes: අපෝ ඔය කුරුණැගල පාරේ පොලිසියේ උන් ජරාව කන්නම බලන් ඉන්නෙ:growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රටක් වටින් කෙල්ලෙක්....ගොඩක් ස්තූති‍යි මේ ලිපි‍ය අපිත් එක්ක බෙදාගත්තට......

    Rep+
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,073
    9,777
    113
    එක තැනක නෑ
    දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොලොවෙ පය ගහලා ඉන්න සුන්දර ,අහිංසක ගෑනු දරුවෙක්....මේ කෙල්ල කසාද බඳින කොල්ලට කවමදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ....:)