ලැම්බෝගිනි_SUV

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී.

    urus_01-640x427-c.jpg


    ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මෙලෙස දියත් කර තිබේ.

    ඉහළ සුඛෝපභෝගී පංතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද රථයක් වන මෙහි මිල බදු රහිතව ඇමරිකානු ඩොලර් දෙලක්ෂය ඉක්මවනු ඇත.

    අශ්වබල 650 ක 4.0 litre V8 twin-turbo එංජිමකින් එන මෙය පැයට කිලෝමීටර 305 ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත් SUV රථයකි.

    එසේම තත්පර 3.6 ක් තුළ පැයට කිලෝමීටර 100 ක වේගයක් ලබා ගැනීමට මෙය සමත් බව ලැම්බෝගිනි සමාගම පවසයි.

    ලැම්බෝගිනි යනු ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන් සමාගමේ අනුබද්ධ සමාගමකි.


    lamborghini-urus-concept-ph.jpg

    Urus-01.jpg

    Urus-02.jpg

    Urus-03.jpg



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල හැබැයි ඕක උන්ගේ පලවෙනි SUV එක නෙවෙයි මචං :)

    640px-Lamborghini_LM002_Gen1_Type129_1986-1993_1988_frontleft_2013-03-17_U.JPG
     
    • Like
    Reactions: Oli_Vili