ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය

abijith

Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය සඳහා මඟ පෙන්වන උතුම් දර්ශනයක් ලෙස බෞද්ධ දර්ශනය හඳුන්වා දිය හැකිය. එය “කාමමිත්‍යාචාරය” ගෘහස්ථ සීලයක් ලෙසට නිර්දේශ කර ඇති අතර එමඟින් පති හා පතිනි දම් රැකීමට සමාජය පොළඹවාලයි. ගිහිකාම සම්පත් විදීමේදී පවත්වා ගත යුතු ආචාර ධර්ම බුද්ධ දේශනාව පැහැදිලිව දක්වා ඇත. පරදාර සේවනය පිරිහීමට කරුණක් බව පරාභව සූත්‍රයේ සඳහන් වේ. සිඟාලෝවාද සූත්‍රෙය් අඹුදරුවන් අරභයා පවත්වා ගත යුතු ආචාරධර්ම මෙහිදී ඉතා වැදගත් වේ. කාලාම සූත්‍ර දේශානාවේදී ගිහි සීලයට අදාළව ඉදිරිපත් කර ඇති කරුණුද යහපත් සමාජ සංවිධානයකට මඟ පෙන්වයි. පවුල තුළ යහපත් හා විශ්වාසවන්ත ස්වාමි භාර්යා සබඳතාවන් පවත්වා ගැනීම ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමේ ඒකායන විසඳුම වේ. එබැවින් භික්ෂුව නිරන්තරයෙන්ම පංසල වෙත පැමිණෙන දායක ප්‍රජාව හට අවවාද අනුශාසනා කිරීම යෝග්‍ය වේ. ස්වකීය අඹුසැමියන් කෙරෙහි නිරන්තරයෙන් ආදර ගෞරවයෙන් හා විශ්වාසවන්තව ජීවත් වීමේ අගය පහදා දීමත් සිදු කළ යුතුය. සමලිංගිකත්වය හා තවත් සමාජ ප්‍රශ්නයන් වළක්වා ගැනීමට නම් සමාජය මනෝ හා චර්යාත්මක වශයෙන් විපර්යාසයකට ලක් කළ යුතුයි. එසේම සමාජ ව්‍යසනයන් තුළින් ආරක්ෂා වීමට විශේෂයෙන් තම සමාජය තුළ පවත්නා සංස්කෘතික පසුබිම යහපත් ආචාරධර්ම ගරු කරන ප්‍රජාවක් බිහිවීම අනිවාර්ය වේ.

    බුදු දහම බුද්ධිය හා සදාචාරය පදනම් කර ගත් දර්ශනයක් මත ගොඩ නැගී ඇති දහමකි. එහිදී අනුන් සෙවීමට වඩා තමා සෙවීම අතිශය වැදගත් වේ.තමා හමුවේ ඇති අභියෝගාත්මක ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාවක් ස්වභාවයෙන්ම මිනිසාට තිබේ. එහෙත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. දරා ගැනීමේ ශක්තිය ඇති කෙනෙකු වෙත ගැටලුවක් ඇති වූ අවස්ථාවකදී එම ගැටලුවෙන් මිදී අලුත් තත්වයකට හැඩ ගැසීමට ඔහුට හැකියාව තිබේ. සිත සන්සුන් කර ගැනීමෙන් ජීවිතය දෙස නිදහස්ව බැලීමටත් වඩාත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පුද්ගලයා පෙළඹේ. අසහනකාරී හෝ පසුතැවීමේ අවස්ථාවන්ට ගොදුරු නොවේ. මධ්‍යස්ථව උපේක්ෂා සහගතව කටයුතු කිරීමට නම් සීලයත් භාවනාවත් ප්‍රගුණ කළ යුතුය. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව වැනි ගුණාංග දියුණු කර ගත් පුද්ගලයාට සහනශීලී ජීවිතයක් ගත කළ හැකි බව බුදු දහම අවධාරණය කරයි. බෞද්ධ සාරධර්ම මඟින් ජීවිතයක වටිනාකම අවබෝධ කරවීම ඉතා සුදුසුය.

    විශේෂයෙන් සමාජ ගැටලු විමසීමේදී ආගමික පසුබිම ඉතා වැදගත් කාර්ය භාර්යක් ඉටු කරයි. ඒ ඒ ගැටලු වල ස්වභාවය අනුව ක්‍රියා මාර්ග ගනු ලබන අතර එයින් බොහෝ දුරට ගැටලු නිරාකරණයට ඉඩ සැලසී ඇත. විශේෂයෙන් සමලිංගිකත්වය වැනි තත්වයන් පුද්ගලයාගේ චර්යාව පාලනය කිරීමට නිසි ලෙස නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන බව දක්නට ලැබේ. නිත්‍ය ගිහි සීලය වන පංචසීලය ගැන උනන්දුවක් දක්වන්නේ නම් එයට බොහෝ සමාජ ගැටලු විසදීමට උපකාර කර ගත හැකිය. පංචසීලයේ එන කාමය වරදවා හැසීරීමෙන් වළකීම යන ශික්ෂාපදයට අනුව දෛනික ජීවිතය ගොඩ නගා ගැනීමට හැකි නම් ඉන් බොහෝ පවුල් ප්‍රශ්න හා ඒ වටා ගෙතුණු තවත් ප්‍රශ්න මඟ හරවා ගත හැකිය. සමලිංගිකත්වය වැනි සමාජ ගැටලුවෙන් සමාජය මුදවා ගැනීමට පුද්ගල චරිත පාරිශුද්ධිය පවත්වා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා නිවැරදි මාර්ගය වන්නේ හැකිතාක් දුරට කාම වැරදි වලින් වැළකී ජීවත් වීමයි. පරදාර සේවනය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. එවැනි ක්‍රියා නිසා සමාජය තුළ ව්‍යසනකාරී තත්වයක් ඇති වන අතර කාමයේ වරදවා නොහැසිරීමෙන් මෙම රෝග හා ගැටලු වළක්වා ගත හැකිය.
    බෞද්ධ සමාජය බොහෝ සෙයින් භාවිතා කරන සිඟාලෝවාද සූත්‍රයේ පංච කාම සම්පත්තිය පිළිබඳ දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පරදාර සේවනය ප්‍රතික්ෂේප කරමින් කුමර කුමරි බඹසර අගය කළහ. කායිකව පමණක් නොව මානසික ස්පර්ශයද බුදුහිමියෝ ප්‍රතික්ෂේප කළහ. පරාභව සූත්‍රයේ එන“ඉත්ථි දුත්ථෝ සුරා දුත්ථෝ” යන්නෙන්ද ස්ත්‍රී ලෝලත්වය පිරිහීමට කරුණක් බව වදාළහ. තවද තමාගේ භාර්යාව හේතුකොට ගෙන නොසතුටු වූ යමෙක් ගණිකාවන් කෙරෙහි ලොල් වේද වෙනත් ස්ත්‍රීන් කෙරෙන් ආශා වේද එයද පිරිහීමට හේතු වේ. එසේම යමෙක් පර ස්ත්‍රීන් කෙරේ ගොස් අනාචාරයේ හැසිරෙන්නේ නම් ඔහු වසලයෙකු බව වසල සූත්‍රයේ සඳහන් වේ. වසලයා යනු සමාජය විසින් පිළිකුල් කරන්නෙකි. ඔහු කායික මානසික පිරිහීම පමණක් නොව සමාජ ගත පිරිහීමට ද ලක් වේ.

    බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් කතාන්දර තුළින්ද අඹු සැමි බැදීම පිළබඳ තොරතුරු දැක ගත හැකිය. නකුල මාතා නකුල පිතා පිළිබඳ කතා පුවත විමසීමේදී පැහැදිලි වන්නේ ඔවුන් අත්ම ගණනාවක් එකම අඹුසැමියන් ලෙස ජීවත් වූ බවයි. ඔවුන් දෙදෙනා අතර ඇති වූ පුංචි සිද්ධියකදී නකුල මාතා ප්‍රකාශ කරන්නේ සිහිනෙන්වත් වෙනත් පුරුෂයෙකු නොපැතූ බවයි. නකුල පිතා ද සිහිනෙන්වත් වෙනත් ස්ත්‍රියක් නොපැතූ බව ප්‍රකාශ කරයි. බුදුරජාණන් වහන්සේ එය අනුමත කරයි. මේ තුළින් ඔවුන්ගේ ආත්ම ගත බැදීම තහවුරු වෙයි. එහි සඳහන් වන කරුණු වලට අනුව සමාජ ප්‍රශ්න ඔවුන්ට නැත. කායික මානසික ගැටලු ඔවුන්ට ඇති නොවූ බව මෙයින් තහවුරු වේ.

    එකම සැමියෙක් එක බිරිදක් හෙවත් ඒකපති ඒකපතිනි සංකල්පය සමාජයේ බොහෝ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන සංකල්පයක් බව අවධාරණය කරයි. මෙසේ බෞද්ධ ඉගැන්වීම් අපමණ සංඛ්‍යාවකින් පවුල් සංස්ථාවේ යථා පැවැත්ම අගය කරන අතර සමීප හා උණුසුම් බැදීම් සහිත පවුල් ඒකකයක් ස්ථාපනය වීමෙන් සමාජ ගැටලු ස්ථීර වශයෙන්ම සමාජයෙන් නිවාරණය කළ හැකිය.
    සියලුම දේ සඳහා සෘජුව හා ප්‍රබලව බලපාන්නේ සිතයි. ඒ බව ධම්මපදයේ යමක වග්ගයේ සඳහන් වේ. සිත සංවරකර ගැනීම යහපත්ය. බාහිර අරමුණු වල ඇලී ගැලී කාම ස්පර්ශය විදිමින් කටයුතු කරන මිනිසා මෙලොවත් පරලොවත් අසතුටින් ගත කරයි. සිත සංවර කර ගැනීමේ මග භාවනාවයි. ජීවිතයේ හරය අවබෝධ කර ගෙන සීලාදී ගුණ ධර්ම ගරු කරමින් සදාචාරවත් දිවියක් ගත කිරීම බුදු දහම අවධාරනය කරයි. එලෙස කටයුතු කිරීම තුළින් ලෝක සම්මත දේ හා අසම්මත දේ නිවැරදිව තේරුම් ගත හැකිය. තමාටත් අන්‍යයන්ටත් හිංසා පීඩාකාරී නොවන ලෙස සතුටින් ජීවත් වීමට නම් සමාජ සම්මතයට ගරු කරමින් නිවැරදි ප්‍රතිපත්ති පුරණය අත්‍යවශ්‍ය වේ. මෙවැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී ලිංගිකත්වය ලෞකික දිවියේදී අවබෝධයෙන් සදාචාර සම්පන්නව භාවිතා කළ යුතු් බව පසක් නොවන්නේද?
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඉතා අගෙයි ..
    ඇත්තෙන්ම බටහිර වයිද්‍ය ක්‍රමයට ලිංගාශ්‍රිත රෝග නිවාරනයේ දෙවන පියවරත් මෙම ඔබ කියු පියවරයි .

    ළිංගාශ්‍රිත රෝග පාලන කිරිමේ ක්‍රමවේදය පියවර තුනකින් දක්වනව

    1. A- Abstinence - තමාගේ ස්තිර සහකරු ලබෙන තෙක් ලිංගික සබදතා නොපැවැත්වීම

    2. B- Be Faithful - ලින්ගික සහකරුවෙක් ඇති විට.. සැම විටම අන්යෝන්‍ය විශ්වාසය රැකීම

    3 C- Condoms - Correct and consistent use. එසේ නොහැකිනම් සැම ඉටටම හා නිවැරදිව කොන්ඩම් භාවිතය

    කෙසේ වුවද සැකයක් ඇති සෑම විටම රජයේ ලින්ගශ්‍රිත රෝග සායනයකට ගොස් නොමිලේ පරීක්ශාවක් කර ගැනීම වැදගත්
    https://www.aidscontrol.gov.lk/index.php?lang=en

    More info - Whats ap -+ 94 71 145 0100
     
    • Like
    Reactions: abijith

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    ඉතා අගෙයි ..
    ඇත්තෙන්ම බටහිර වයිද්‍ය ක්‍රමයට ලිංගාශ්‍රිත රෝග නිවාරනයේ දෙවන පියවරත් මෙම ඔබ කියු පියවරයි .

    ළිංගාශ්‍රිත රෝග පාලන කිරිමේ ක්‍රමවේදය පියවර තුනකින් දක්වනව

    1. A- Abstinence - තමාගේ ස්තිර සහකරු ලබෙන තෙක් ලිංගික සබදතා නොපැවැත්වීම

    2. B- Be Faithful - ලින්ගික සහකරුවෙක් ඇති විට.. සැම විටම අන්යෝන්‍ය විශ්වාසය රැකීම

    3 C- Condoms - Correct and consistent use. එසේ නොහැකිනම් සැම ඉටටම හා නිවැරදිව කොන්ඩම් භාවිතය

    කෙසේ වුවද සැකයක් ඇති සෑම විටම රජයේ ලින්ගශ්‍රිත රෝග සායනයකට ගොස් නොමිලේ පරීක්ශාවක් කර ගැනීම වැදගත්
    https://www.aidscontrol.gov.lk/index.php?lang=en

    More info - Whats ap -+ 94 71 145 0100
    ස්තුතියි දැනුවත් කලාට.
     

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    අර සාදුකෙනෙක් කිව්ව නේද බිජ්ජ දකින්නෙ නැතුව ගෑනි ට ලමයි දෙන්න ඕනෙ කියල
    ඕක දකින්නේ අල්ලන්නේ නැතිව මුත්‍රා කරන්නවත් බෑ නේද?බික්ෂුන් වහන්සේලාගෙන් අපි අහල අවබෝධ කරගන්න උත්සහ කරන්න ඕනේ මේ ජීවය නවත්තන විදියයි.ජීවය පවත්වන විදිය සංසර්ගයේ යෙදෙන විදිය ඒ සම්බන්ද උගතුන්ගේ අහල පොත් කියවල දැනුවත් වෙන්න ඕනේ. විශාකවත් සොවහන් වුනාට පස්සේ තමයි කසාද බැඳලා ළමයි හැදුවේ.

    ස්තුතියි
    ------ Post added on Jan 26, 2021 at 10:11 AM