ලිංගාශ්‍රිත රෝග
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් වෙමු
ලිංගාශ්‍රිත රෝග යනු ලිංගික ඇසුර මගින් බෝවන රෝගය. මේවා විවිධාකාර වේ. බොහෝ රෝග මගින් රෝග ලක්ෂණ ඇති කරන බැවින් හදුනා ගැනීම පහසුය. නමුත් බොහෝවිට මේවා පිළිබඳ ඇති අඩු අවබෝධය නිසා රෝග ලක්ෂණ අඩු වී යනතෙක් හදුනා ගැනිමට අපහසු වේ. නමුත් භයානක තත්ත්වය වන්නේ රෝග ලක්ෂණ අඩු වුවද, රෝග කාරකය තවමත් ශරීරය තුළ තිබීමය. සාමාන්‍ය ජනතාව තුළ මේවා ගැන ඇති අල්ප වූ දැනුම නිසා සහ රෝග ගැන ඇති අනිසි බිය නිසා වෛද්‍යවරයකු මුණ ගැසීමට ඇති අකමැත්තයි. තවද ලිංගාශ්‍රිත රෝග ඇතිවීම සමාජයෙන් කොන් වීමට සහ ලැඡ්ජාවීමට හේතුවක් ලෙස ඇති මතයයි. බොහෝ ලිංගිකව බෝවන රෝග ප්‍රතිකාර නොකිරීමෙන් ඒවා තාවකාලිකව යටපත් වී ශරීරයේ අක්‍රිය තත්ත්වයේ පවතී. නමුත් මෙවැනි අය ගෙන් වෙනත් අයට ලිංගික ඇසුර මගින් මෙම රෝග බෝවීමට පුළුවන. එලෙස මෙම රෝග සඟවා ගැනිමෙන් සිදුවෙන්නේ තමාට හිතවත් වෙනත් අයට එම රෝගය බෝවීමේ අවදානම ඇති වී මයි. එබැවින් යම් ඇසුරකින් පසුව තමාට විෂබීජයක් ඇතුල් වී ද යන සැකය ඇති වුවහොත් කළ යුතු වඩාත් ම සුදුසු දෙය වන්නේ වෛද්‍යවරයකු මුණ ගැසී මේ බව පැවසීමයි. සමහර රෝග පිළිබඳ තොරතුරු එවලේම ලබාගත හැකි නමුත් සමහර රෝග පිළිබඳ පරීක්ෂා කිරිමට කල්ගත වේ. එබැවින් මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී කල්ගත වේ. එබැවින් මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම අවශ්‍ය වේ. ලිංගිකව බෝවන රෝග අතුරින් භයානක රෝගයක් ලෙස සැලකෙන්නේ HIV වෛරසය අසාදනය වීමෙන් වැළදෙන ඒඩ්ස් නමැති රෝගී තත්ත්වයයි. මෙම වෛරසය ක්‍රම කීපයකින් ශරීර ගත විය හැක. රෝගය ආසාදනය වූ අයකු සමග ලිංගික ඇසුරින් රුධිරය මගින් හෝ ආසාදනය වූ මවකගෙන් තම කුසෙහි සිටින දරුවාට හෝ මව්කිරි දීමේදී මෙම රෝග වෛරසය ශරීරගත විය හැක. මෙම රෝග වෛරසය ශරීරගත වී මාස 3-6 ක් පමණ ගත වූ පසු රුධිර පරීක්ෂණයක් මගින් වෛරසය ශරීර ගත වී ඇති බව තහවුරු කර ගත හැක. මෙවැනි සැකයක් ඇත්නම් එම රුධිර පරීක්ෂණය කරවාගෙන වෛද්‍යවරයකු මුණ ගැසිමෙන් ප්‍රතිකාර ආරම්භ කිරීමේ අවස්ථාව උදාවේ. මෙලෙස මුල් අවධියේ දීම ප්‍රතිකාර ආරම්භ කිරිමෙන් ලබාගත හැකි වාසි ඇත. එනම් ඒඩ්ස් රෝගි තත්ත්වය ඇතිවීම පමා කිරීමට අවස්ථාව ලැබේ. තවද රෝගය ශරීර ගත වූ පසු ගැබ් ගැනීමෙන් තම දරුවාට රෝගි තත්ත්වය ඇතිවීමේ අවදානම ඇත. එබැවින් ගැබ් ගැනීම වළක්වාලීම සඳහා සුදුසු පියවර ගත යුතුය. ගැබිනි මවකට HIV වෛරසය ආසාදන වී ඇත්නම් වඩාත් යෝග්‍ය දෙය වන්නේ දරුවාට මව්කිරි නොදී සිටීමය. මේ මගින් බොහෝ දුරට දරුවාට HIV වෛරසය ඇතුළු වීම මගහරවා ගත හැක. මේ සියල්ල කළ හැක්කේ මවට මේ පිළිබඳ අවබෝධයක් ඇත්නම් පමණි. නමුත් මෙම රෝග තත්ත්වය නිසා සමාජයෙන් කොන්වීමේ අවදානමක් ඇත්නම් රෝගින් ඒ පිළිබඳ වසන් කිරීමට මිස එළි කිරීමට කැමති වන්නේ නැත. එසේ කිරීමෙන් රෝගය රෝගියා සමග සමාජය තුළ සැගවී යයි. නමුත් වෛරසය ව්‍යාප්ත වීම වැඩි වේ. එබැවින් සමාජයේ ආරක්ෂාව පිණිස මොවුන් කොන් කිරිම නවතා ඔවුන්ට නිසි පිළිසරණ ලබා දිය යුතුය. අනෙක් වැදගත්ම කරුණ වන්නේ ඉහත සඳහන් කළ අයුරින් මිස වෙනත් කිසිම ඇසුරකින් HIV වෛරසය බෝවන්නේ නැත. කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති අය ඇසුරු කිරීමේදී අප ප්‍රවේශම් විය යුතුය. මීට හේතුව එම රෝග කාරක වාතය හරහා අපට බෝවිය හැකි බැවිනි. නමුත් HIV ආසාදිත පුද්ගලයකු සමග ලිංගික ඇසුරකින් හැර වෙනත් කිසිම ඇසුරකින් එම වෛරසය ආසාදනය සිදුවිය නොහැක. තව ද තමාට විශ්වාසවන්ත සහකරුවකු හැර වෙනත් අයකු සමග ලිංගිකව ඇසුරෙහි යෙදේ නම් කොන්ඩම් භාවිතා කිරිමෙන් ලිංගාශ්‍රිත රෝග බෝවීම වළකාගත හැක. මෙය කාන්තාවන් සඳහා ද සුදුසු ආරක්ෂාවීමේ ක්රමයකි. මේ සඳහා කාන්තාවන් සඳහාම විශේෂිත වූ කොන්ඩම් වර්ගද ඇත.

මම දවල් ගත්තු තැන් දාන්න කියාපු නිසාද කොහේද හොයාගන්න බැරිවෙන විදිහට ටිකක් එඩිට්වෙලා ! සමහර විට එහෙම නොවෙන්නත් ඇති. ඒ වගේම ඔයා ගත්තු කෙනාගේ නමවත් දාලා නැහැ මෙතන බලන්න මෙයා නමදාලා නියම හිමිකරුවට ගරුත්වය දීලා තියෙනවා
මම මේ ඔයාට කියන තුන්වෙනි පාරනේ 