ලිංගිකත්වය
අලෙවි කිරීමට ඇත
සල්ලි නැත්තම් නිකන් හරි
අනේ මේ බලන්න
කෝ බලන්නකෝ
මේ මේන්
මෙහෙමත් වනචාරිකමක්
බල්ලට අලුත් තෑග්ගක්;
සදාචාරය
සංස්කෘතිය තියාගත්තා;
හදිස්සියකදී අනිත් උන්ට
බනින්න
මනුස්සකම මොකටද මට විතරක්
ආදරය මොකදට රාගය තියෙද්දී
අනික් අය බණ කිව්වට ඒවා ප්‍රයෝගිකද
හෙහ් මේ මොන විකාරද
හැම දේම විකිණෙන යුගයක ඕකත් මොකද්ද
අපිට මොකෝ තව බැන්නත්
අනේ නිකාහිටහන්

7+







