ලිංගිකව

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    යම් පුද්ගලයකු ලිංගිකව ප්‍රාණවත්වීමේ දී හා ලිංගික ක්‍රියාවන්වල යෙදීමේ දී ඇතිවන මානසික හැගීම් හා ශාරිරික වෙනස්කම් රාශියක් පවතියි.
    එය අදියර 4කින් පැහැදිලි කළ හැකිය.

    1. පිබිදීම

    මෙය විනාඩි කිහිපයක සිට පැය කිපයක් දක්වා පවතින අතර, සංවේදී උත්තේජනය, සිතුවිලි හා කල්පනා මුලින්ම හටගනී. මේ නිසා ලිංගික ක්‍රියාකාරකම් සහ සමීපභාවය ඇතිවෙන අතර හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය ක්‍රමයෙන් වැඩිවේ. තවද මාංශපේශි වල තදගතිය ඇතිවන අතර පුද්ගලයාගේ ලිංගික අවයවයන්ට රුධිරය ගලා ඒම වැඩිවේ. මේ අවස්ථාවේදී පියයුරුවල පුඩු ඝෘජු වීමත් කාන්තාවකගේ පියයුරු පිරිපුන් වී විශාල වීමත් සිද්වන බවක් දැනෙයි.
    පුරුෂයෙකුගේනම් වෘෂණ ඉදිමී සාමාන්‍යය ස්වරූපයට වඩා දැඩි බවක් ඇතිවන අතර ශිෂ්නය ප්‍රාණවත් වෙයි.


    2.පූර්ව පිබිදීම ( Plateau )
    ශාරීරික හා මානසිකව ලබන යම් යම් උත්තේජන දිගින් දිගටම පැවතීමෙන් පූර්ව පිබිදීමේ තත්ත්වයට පත්වන අතර එහිදී ඉහත පිබිදීම යන අදියර යටතේ අප සදහන් කල වෙනස්වීම තව තවත් උත්සන්න වීමට පුළුවන.


    3.සුරතාන්තය

    සුරතාන්තය වෙනත් අයුරකින් හැදින්වුව හොත් එය ලිංගික ප්‍රතිචාර චක්‍රය උච්ච වීම ලෙස සදහන් කළ හැකිය. අප ඉහත සදහන් කල පූර්ව පිබිදීම යන අවධියේ උපරිමයේ දී ලිංගික ආතතිය හදිසි‍යේ බලවත් ලෙස මුදාහැරීමක් සිදුවෙයි. එය තත්පර කීපයක කාලයක් පුරා පමණක් පවතියි. සමහර කාන්තාවන් හට එවිට ශරීරය පුරාම පලු හට ගැනීමක් ද ඇතිවීමට ඉඩ ඇත. සමහර කාන්තාවන්ට ඒ සමගම යෝනි මාර්ගයේ තද ගතියක් ඇතිවන අතර පුරුෂයන්ට තම ශිෂ්නයේ ක්‍රමානුකූල හැකිලීම් සහ පුරුෂ ධාතු පිටවීම සිදුවේ.


    4. නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම

    ප්‍රකෘති භාවයට පත් වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ශරීරය පෙර තිබූ සාමාන්‍යය තත්ත්වයට පත් වීමය. ප්‍රකෘති තත්ත්වයට පත්වීමේදී රසායන ද්‍රව්‍යවල පිටවීමක් සිදුවන බැවින් ශරීරයට සනීපයක් දැනේ.
    පුරුෂයන් ස්ත්‍රීන් තරම් ඉක්මනින් ප්‍රකෘති තත්ත්වය කරා පැමිනෙන්නේ නැත. ඒ සදහා යම් කාලයක් ඔවුනට ගත වේ. නමුත් කාන්තාවන්ගේ තත්ත්වය එය නොවේ. කාන්තාවන් ඉක්මණින්ම ප්‍රකෘති තත්ත්වයට පත්වන අතරම මේ නිසා ඔවුන්ට කීපවාරයක්ම සුරතාන්තයට පත්වීමේ හැකියාව පවතියි.

    545720_114727932000048_561509710_n.jpg


    Honda nam salakala yanna :lol: