ලිංගික අතවර නිසා ..
ලිංගික අතවර නිසා ජෝර්දානයේ මෙරට සේවිකාවන් පීඩාවට

ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් තමන් සේවය කරන කම්හලේ ප්‍රධානීන් අතින් දිගින් දිගටම සිදුවන ලිංගික හා කායික අතවර පිළිබඳව පැමිණිලි කර තිබේ.
ගෝලීය කම්කරු හා මානව හිමිකම් පිළිබඳ ආයතනය මගින් සකස්කරන ලද වාර්තාවක් මගින් මෙසේ කම්හම් සේවිකාවන්ට සිදුවූ අතවර පිළිබඳ සිදුවීම් ගණනාවක් ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජෝර්දානයේ දැවැන්ත අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන ක්ලැසික් ෆැෂන් නම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන්ට මෙසේ විවිධ අතවරයන්ට ලක්වීමට සිදුව ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එම කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන අනිල් ශාන්ත නම් තැනැත්තාට එරෙහිව පමණක් ඉදිරිපත් වූ පැමිණිලි 300 ක් පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනුම් දී ඇති බව ද අදාළ වාර්තාවෙහි දැක්වේ.
පසුගියදා ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක ශ්‍රී ලාංකික සේවකයින් සහ ඉන්දුනීසියානු ජාතික සේවකයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳ වාර්තා වුව ද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවගෝලීය කම්කරු හා මානව හිමිකම් පිළිබඳ ආයතන වාර්තාවෙහි සඳහන්ව තිබේ.
එය තමන් අතවරයන්ට ලක්කරන කම්හල් ජ්‍යොෂ්ඨ කළමනාකාරිත්වයට එරෙහිව සහ සිද්ධීන්ට සම්බන්ධ ඇතැම් ප්‍රධාන වැරදිකරුවන් ඉවත්කරන ලෙස ඉල්ලමින් මෙම ශ්‍රී ලාංකික සේවකයින් වර්ජනයක නිරතවීම මත ඇතිවූ අර්බුදයක් බව ද සඳහන්ය

Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=16650