ලිංගික ක්‍රියා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලිංගික ක්‍රියා

    සුනඛයෙක්ට දරුණු ලෙස ලිංගික ක්‍රියා කල පුද්ගලයෙක් රිමාන්ඩ්


    රුපියල් විසි දහසක් වටිනා මාස තුනක් වයසැති පොමනේරියන් වර්ගයේ සුනඛයෙකු අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කළ එම සුනඛයා මරා දැමීමේ චෝදනාව මත බළන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    50 හැවිරිදි මෙම පුද්ගලයා අද(14) දින බළන්ගොඩ පොලීසිය විසින් බළන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ප්‍රධාන මහේස්ත්‍රාතවරයා නියෝග කලේ සැකරකරු මානසික වෛදවරයෙක් වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

    ඊයේ(13)දින ඊයේ රාත්‍රියේ සැකකරුගේ නිවසට යාබඳව සුරතලයට ඇති කරන ලද මෙම බැල්ලිය සැකකරුගේ නිවසට ගෙන ගොස් එම ලිංගිය ක්‍රියාව සිදු කිරීමත් සමඟ බැල්ලියගේ කෑ ගැසීම හිමිකාරියගේ නිවසට ඇසී තිබේ.

    පසුව හිමිකාරියගේ පුතා සැකකරුගේ නිවසට යන විට මෙම බැල්ලිය සමඟ සිටින ආකාරය දැක සැකකරු තල්ලූකර දමා බැල්ලිය නිවසට ගෙන පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාමට සූදානම් වුවත් බැල්ලිය මිය ගොස් තිබිණි.

    ඒ මෙහොතේ බැල්ලියගේ හිමිකාරිය 119 ජාතික ඇමතුම් පද්ධතියට දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසට පැමිණ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමටට පෙර සැකකරු බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛදවරයා වෙත යොමු කර තිබේ.
    බළන්ගොඩ පොලීසිය විසින් මිය ගිය බැල්ලියගේ සිරුර බළන්ගොඩ පශු වෛද්‍ය නිලධාරීවරයාට යොමු කර වාර්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.
    මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    නිවන් සුව බලු පැටියෝ නුඹට!​
     
    Last edited: