ලිංගික ප්‍රශ්න දොස්තර ගාවට ගෙනියන්න කලින

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ලිංගික ප්‍රශ්න දොස්තර ගාවට ගෙනියන්න කලින

    ආර්ථික අහේනිය ඉස්සරහ දොරෙන් ගෙට ගොඩවෙනකොට ආදරය පෑල දොරෙන් එලියට යනවලු. විවාහයන් කැඩී බිඳී යාමට සුලබ හේතුවක් වුණේ ආර්ථික ප්‍රශ්න කියල බොහෝ විට මතුපිටින් පෙනෙන්නේ තියෙන දෙයක්. දෙන්න දෙමාල්ලන්ගේ ආරවුල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියල කතාවක් හැදෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.
    ඒත් ඒ පවුලක් පන්සලක් වෙලා ඉන්න දෙන්නෙක් දිහා පිටත ඉඳන් බලන් ඉන්න කෙනෙකුට කියන්න පුලුවන් කතාවක් විතරයි. ඇත්තටම විවාහයන් කැඩී බිඳී යාම කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත වෙල තියෙන්නෙ ලිංගිකත්ව ගැටලු. අද උසාවි වල දික්කසාද නඩු නඩත්තු නඩු එමටයි.
    ඊට හේතුවක් විදිහට වැඩි කොටසක් අත් පත් කරගෙන තියෙන්නේ අනියම් සම්බන්ධ කම්. මෙහෙම අනියම් සම්බන්ධකම් ඇතිවෙන්නේ සල්ලාල කමක් වන්චර කමක් හින්ද නෙවෙයි. පවතින සම්බන්ධකම් රුස්සන්නේ නැති වීමයි මේකට හේතුව. අද සමාජය සංකීර්ණයි එක් එක් අයගේ අවශ්‍යතාවයන් විවිධයි.
    බලාපොරොත්තුවන දෑ විවිධයි. අත්පත්කර ගත හැකි දේ ගැන තොරතුරු ප්‍රමාණය විශාලයි. දැනුම විශාලයි. කිසිවෙකුටත් එක තැනක නැවතින්නට අවශ්‍ය නැහැ. හඹා යන්න.. අත්පත් කර ගන්නයි හැමෝටම ඔනේ.. ඒ ජිවිතය හැකි උපරිමයෙන් විඳින්නයි ඕනේ..ඉතින් විවාහය කියන එක තුලත් පවතින්නේ මේ තත්වයමයි.
    විවාහ සංස්ථාව කැඩී බීදීයාම වලක්වා ගන්න නම් මේ ගැන සීමාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලම හිතන්න වෙනවා
    දෙදෙනකු විවාපත් වෙන්නේ ලිංගික වුවමනාවන් පදනම් කරගෙනම නොවුවත් විවහයක් හොඳින් පවත්වාගෙන යාමට හොඳ ලිංගික සබඳතාවයක් පැවැතීම අත්‍යාවශ දෙයක්.
    හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කොහොමද? අද කතා කරන්න හිතුවේ ඒ ගැන. ගොඩක්ම සරල ආකරයෙන් මේ පැහැදිලි කළ හැකියි.


    දෙදෙනකු අතර වන හොඳ ලිංගික සම්බන්දතාවයක් සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක විදියට දෙවර්ගයකට වෙන් කළ හැකියි.
    අභ්‍යන්තර සාධක අතරින් මිනිසාගේ ප්‍රධානතම ලිංගික අවයවය වන්නේ මොළයයි. ලිංගික කාර්යය සඳහා මිනිසාගේ මනසේ බලපෑම ඉහල අගයක් ගන්නවා. ඊට දෙවෙනිව නොදියුණු ජීවීන්ගේ ලිංගික ක්‍රියාවේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ හෝමෝන. අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය ලිංගික ක්‍රියාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිංගික ක්‍රියාව සඳහා අවශ්‍ය වන හෝමෝන ශ්‍රාවය කිරීම අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුකරනවා.
    මිනිස් සමාජයේ සංස්කෘතික ලක්ෂණ සහ සමාජ ආකල්ප ලිංගික ක්‍රියාවලියේ බාහිර සාධකයක්ව පවතියි. එනම් ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් ජාතිය ආගම අනුව වන වෙනස්කම් භුගෝලීය දේශගුණික විෂමතාවයන් අනුව අනුව වන වෙනස්කම් ආදී වශයෙන් දැක ගත හැකිය.

    එහෙත් මිනිසා නම් සත්වයා කුමන සංස්කෘතික හෝ සමාජ වටපිටාවක් තුල හිඳිමින් ලිංගික ක්‍රියාවලියට එක්වන්නේ වූවද ඒ සිදුවන ආකාරය අවස්ථා සතරකට වෙන් කර ගත හැකිය.


    ආසාව (desire )
    ලිංගික ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ ආසාවයි. පුරුෂයින්ගේ ලිංගික ආසාව Testosterone නම් හෝමෝනය මගින් උත්තේජනය කරනවා.
    මෙම ආසාව ඇතිවීම සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්. හෝමෝන වල බලපෑම වගේම ලිංගික උත්තේජනයක් සපයන කලා නිර්මාණ, භාෂාව, ශබ්ද, පින්තූර ආදිය ලිංගික සම්බන්ධතාවයක් සඳහා ආසාව වර්ධනය කරවයි.


    උද්දීපනය (arousal )
    මෙයින් අදහස් කෙරෙන්නේ ලිංගික ක්‍රියාකාරිත්වය සඳහා ශරීරය සකස්වීමය. ලිංගේන්ද්‍රියයන්ගේ වෙනස් කම් ඇති වෙනවා. පුරුෂයන්ගේ ශිෂ්ණයේ පවතින corpora cavernosa කියන පටකයට රුධිරය පිරීම නිසා එය දැඩි ශක්තිමත් භාවයට පත් වෙනවා.
    කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ මෘදු පේෂි පටකය සැහැල්ලු බවට පත් වීම නිසා යෝනි මාර්ගය විවෘත වෙනවා. ඒ වගේම ස්වසන වේගය වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වාගේ කායික ලක්ෂණ ඇති වෙනවා.


    සුරතාන්තය (orgasm)
    සුරතාන්තය ලිංගික ක්‍රියාවලියේ උපරිම තෘප්තිමය අවස්ථාවයි.


    සිඳී යාම (resolution )
    ශරීරය සහ ලිංගික අවයව නැවත පෙර තිබූ තත්වයට පත් වීම.
    ලිංගික ක්‍රියාවලියේදී සුරාන්තයට පත්වීමේ සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට ගත වෙන කාලය සමාන නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ලිංගික උද්දීපනය ලැබීමට පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ගත වෙනවා.


    ඒ වගේම පුරුෂයකුට එක්වරක් උපරිම තෘප්තිමත් අවස්ථාවට පත් වුනාට පස්සේ නැවත උපරිම තෘප්තිමත් අවස්ථාවක් ලැබීමට යම් කාලයක් ගත විය යුතුයි. නමුත් කාන්තාවකට කෙටි කාලසිමාවකදී උපරිම තෘප්තිමත් අවස්ථා කිහිපයක් ලබන්න පුළුවන්. මේ කරුණු ගැන ලිංගික ක්‍රියාවලියේදී අවධානය යොමු කිරීම අතිශය වැදගත් කාරනාවක් බොහෝ කාන්තාවන්ට සිය ලිංගික ජීවිතය නීරස අත්දැකීමක්ව ඇත්තේ සිය සහකරුවා මේ පිළිබඳව නොදැන සිටීමය.
    අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා.
    සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා මේ ගැන දැන සිටීම මෙන්ම එම ගැටළු නිරාකරනය කර ගැනීම අවශ්‍යය.


    Knowledge - දැනුම. ලිංගිකත්වය පිළිබඳ දැනුවත් භාවය
    Motivation - පෙළඹීම. ලිංගික ක්‍රියාවේ යෙදීම සඳහා දෙදෙනාගේම පෙළඹීම සහ කැමැත්ත
    Communication - සන්නිවේදනය. අන්‍යොන්‍ය වශයෙන් ලිංගික සම්බන්ධතාව ප්‍රායෝගික තලයට ගෙන ඒම සඳහා සහකරුවන් අතර හොඳ සන්නිවේදනය ක්‍රමයක් පවත්වා ගතයුතුය.
    Satisfaction - තෘප්තිමත් භාවය. මෙහිදී ලිංගික ක්‍රියාවේ යෙදෙන දෙදෙනාම තෘප්තිමත් භාවයට පත් වීම අපේක්ෂා කරන බව දෙදෙනාම දැන්සිටිය යුතුවා මෙන්ම ඒ අනෙකාට ලබාදිය යුතුය.
    Experience - පළපුරුද්ද
    Anxiety - ආතතින්ගෙන් පෙලීම. මෙය ලිංගික තෘප්තිය අඩු වීමට හේතු වෙයි
    Physical disorders - කායික රෝගාබාධ වලින් පෙලීම
    Mental disorders - මානසික රෝග වලින් පෙලීම
    Drugs - ඖෂධ - ඇතැම් ඖෂධ නිසා ලිංගික ගැටළු ඇති විය හැකිය
    Smoking, alcohol, substance abuse - මත්ද්‍රව්‍ය - මත් වතුර, දුම් පානය ලිංගික තෘප්තිය අඩු කිරීමට හේතු වෙයි.
    සමහර විට මේ යම් කරුණක් හෝ කිහිපයක් විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදා කර තිබිය හැක. නමුත් ඉතා පැහැදිලිවම කිව යුතු දේ නම් මේ සියල්ලටම උත්තර තිබෙන බවයි.එහෙත් අනෙක් වැදගත්ම දේනම් ඒ සඳහා ඔබ යායුත්තේ කවුරුන් ළඟටද යන්න දැන සිටීමය.
    මෙවැනි ගැටළුවකින් පෙළෙනවා නම් ඔබට කළ හැකි හොඳම දේ ළඟම ඇති රජයේ රෝහලෙන් වෛද්‍ය උපදෙස් පතන එක. නමුත් ඔබ වෛද්‍යවරයකු හමු වීමට යායුත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක්, තමන්ට තනිව විසඳාගත නොහැකි ගැටළුවක්, තම පවුල් සම්බන්ධතාවය බිඳවැටීමේ අවදානමක් ඇති ගැටළුවක් නම් පමණයි. මන්ද අන් සියල්ල ඔබ දෙදෙනාට කතිකා කොට විසඳගත හැකි නිසාය.

    ඒ ඒසේ වන්නේ නම් ඉදිරි දොරෙන් එන මොන අහේනියට වුවත් ඔබ දෙදෙනාගේ 'ආදරය' පෑල දොරෙන් යවන්නට බැරි තරම් විශාල වේවි.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නාරි හා ප්‍රසව වෛද්‍යවරුත් ඇවිල්ලා ඉගෙන ගන්න තැනක් බං කිරිය කියන්නේ.

    නිකමට බලපන් මේකේ ගිය නූල්...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    patta machan..
    godak watinawa.

    eth samahara ganu innawa hena pandithai.. oya kisi deyak therum ganne na..
    ehema kenek badinna unoth dukama tamai

    rep+++
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාරි හා ප්‍රසව වෛද්‍යවරුත් ඇවිල්ලා ඉගෙන ගන්න තැනක් බං කිරිය කියන්නේ.

    නිකමට බලපන් මේකේ ගිය නූල්...

    කෝ බලන්න.පරණ නූල් ටිකක් දියන් බලන්න