ලිංගික ශක්තියට ලිංග ආහාර

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ලිංගික ශක්තියට ලිංග ආහාර

    -----> ලිංගික ශක්තියට ලිංග ආහාර
    මෙය ඉතාමත්ම අප්‍රසන්න, අමිහිරි කතාවකි. එහෙත් එම කතාවේ රසවත් පැත්තක්‌ද තිබේ. එම රසවත් පැත්ත ඔබට කීම වරදක්‌ නැතැයි සිතමි. ගිලිහී ගිය සිය කාය ශක්‌තිය යළි සක්‍රීය ලෙස වර්ධනය කර ගැනීම සඳහා අපේ සමහර වැඩිහිටියන් නොයෙක්‌ විධියේ බෙහෙත් හේත් ප්‍රයෝජනයට ගන්නා බව අපි අසා ඇත්තෙමු. දුබල වූ කාය ශක්‌තිය සක්‍රීය කරන එවැනි පෙති වර්ග අලෙවි කිරීමට තිබෙන බව කියන වෙළෙඳ දැන්වීම් ද නිතර නිතර පුවත්පත්වල පළවන බව අප දැක ඇත්තෙමු.

    අක්‍රිය වී ගිය කාය ශක්‌තිය ඉක්‌මනින්ම සක්‍රීය කර ගැනීමට සමහර සතුන්ගේ අවයවයන් නොහොත් ඉන්ද්‍රියන් අනුභව කිරීමෙන් පුළුවන් කමක්‌ ලැබෙන බව චීනයේ වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද සමීක්‍ෂණයකින් සොයාගෙන තිබේ. අශ්වයන්, බූරුවන්, එළුවන්, බල්ලන්, ගෝනුන් සහ මුවන් වැනි සතුන්ගේ (අවයවයන්) ජනනේද්‍රියෙන් සහ වෘෂණයන් ලිංගුස්‌ මෙන් සාදා අනුභව කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවද මෙම විද්‍යාඥයන් පිරිස පෙන්වාදී තිබේ.

    මේ අනුව දැන් චීනයේ බේජින් නුවර සමහර හෝටල්වල සතුන්ගේ අවයවවලින් සාදන ලද රස කෑම අනුභව කිරීම සඳහා විශේෂ කුටි ඉදිකර තිබෙන බව ඒ.එෆ්.පී. පුවත් සේවය කියා සිටියි. අශ්වයන්ගේ ජනනේද්‍රියෙන්a ලිංගුස්‌ ඉතාමත්ම රසවත් කෑමක්‌ බව කියන ෂියාවෝ නමැති කෝකියා මෙය අනුභව කිරීමෙන් වැහැරී නැතිවී ගිය කාය ශක්‌තිය ඉක්‌මනින්ම ලැබෙන බවත් කෙනෙකුගේ අක්‍රීයවී ඇති කාමාශා නැවත වැඩෙන බවත් කියා සිටියි.

    පිරිමි සතුන්ගේ අවයව යොදාගෙන කෑම පිළියෙල කිරීමට තමන් පුහුණුවක්‌ ලැබුවේ වයස දහතුනේදී සිට යෑයි කියන ෂියාවෝ තමන් පමණක්‌ නොව තම පවුලේ සියලු දෙනාම දැන් සතුන්ගේ ඉන්ද්‍රියන් යොදාගෙන රසවත් කෑම පිසීමට පුහුණුවක්‌ ලබා සිටින්නේ යෑයිද කියා සිටියි. සතුන්ගේ අවයව යොදාගෙන රසයෙන් හා ගුණයෙන් පිරි කෑම පිළියෙල කරන විශේෂ හෝටලයක්‌ චීනයේ තිබේ. Guo li zhuang නමින් හැඳින්වෙන මෙම සුපිරි හෝටලය වැඩියෙන්ම ජනප්‍රියවී ඇත්තේ එහි ව්‍යාපාරිකයන් හා ප්‍රභූන් අතරය. සතුන්ගේ අවයවයන්ගෙන් පිළියෙල කරන ලද කෑම පිඟානකට මෙම හෝටලය ඩොලර් 200 ක්‌ නොහොත් අප මුදලෙන් රුපියල් විසිහයදාහක්‌ (රු.26000) අය කරයි. "අපේ හෝටලයට වැඩි දෙනෙක්‌ එන්නේ පිරිමි. ඒ අය දන්නවා සතුන්ගේ අවයව යොදා හොඳම ප්‍රතිඵල ගෙන දෙන කෑම වර්ග පිළියෙල කරන්නේ අප බව. අපේ සත්ව ආහාර ගැනීමෙන් පසු ඔවුන්ගේ නැතිවී ගිය කාම ශක්‌තිය යළි වර්ධනය වූ බවත් ඔවුන් කියා සිටිනවා යෑයි Guo li zhuang හෝටලයේ කළමනාකාරිය වන ලී යන්ෂුහි කියා සිටියි. බැටළුවන්ගේද යෑක්‌ ගවයන්ගේද (තිබ්බතයේ සතෙකි) සීල් මුහුදු සතුන්ගේද, සර්පයන්ගේද ශිෂ්නයන් හා අවයව යොදාගෙන පිළියෙල කරන ලද විශේෂ කෑම වට්‌ටෝරුවක්‌ ද තම හෝටලයේදී ලබාගත හැකි යෑයි ලී කියා සිටියි.


    image.jpg


    තමන්ගේ වැහැරී ගිය කාය ශක්‌තිය යළි ලබා ගැනීමට සතුන්ගේ අවයව අනුභව කිරීමෙන් පුළුවන් යෑයි චීන ජාතිකයෝ තදින්ම විශ්වාස කරති. "සතුන්ගේ ජනනේද්‍රිය සහ වෘෂණය අනුභව කිරීමෙන් පසු ඕනෑම කෙනෙකුගේ ශක්‌තිය යළි වර්ධනය වන බව කියන ලී මේ නිසා සංවාසයේදී ඔවුනට නියම තෘප්තියක්‌ ලබා ගැනීමට අවස්‌ථාවක්‌ ලැබෙන බවද කියා සිටියි. මේ අතර පාකිස්‌තානයේද සතුන්ගේ අවයව යොදා කෑම පිළියෙල කරන බොජුන් හල් කීපයක්‌ම තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවය කියා සිටියි. මෙම බොජුන් හල්වල වැඩියෙන්ම අලෙවිකරනු ලබන්නේ එළුවන් සහ බැටළුවන්ගේ හෘදවස්‌තුව, මොළය, වකුගඩුව සහ වෘෂණය යන අවයව වලින් සාදන ලද කෑම වර්ගය. සංවාසයේදී උපරිම වින්දනයක්‌ ලබා ගැනීමට හැකියාවක්‌ ලැබෙන බැවින් පිරිමින් වැඩි පිරිසක්‌ තමන්ගේ පුංචි බත් කඩයට පැමිණ සතුන්ගේ අවයවයන් යොදා පිළියෙල කරන ලද ආහාර අනුභව කරන බව කියන ජහාර් හයට්‌ නමැති කෝකියා තමන් මෙම කෑම ඔවුනට පිළිගන්වන්නේ තක්‌කාලි, ඉඟුරු, ගම්මිරිස්‌ සහ කොත්තමල්ලි මිශ්‍රණයක්‌ සමග යෑයිද කියා සිටියි.

    4.jpg


    "සර්ප ලේ" ද නැතිවී ගිය කාය ශක්‌තිය යළි සක්‍රීය කර ගැනීමට යොදා ගන්නා හොඳම වාජිකරණ බෙහෙතක්‌ බව කියනු ලැබේ. "සර්ප ලේ අලෙවි කරනු ලබන වෙළෙඳසැල් කීපයක්‌ම ජාකර්තා ගුරටින් නගරයේ තිබෙන බව වාර්තා වෙයි. "සර්පා ලේ" ඉඳහිට පානය කිරීමෙන් නැතිවී ගිය කාම ශක්‌තිය වර්ධනය වන බවද කියනු ලැබේ. ලේ ගැනීම සඳහා යොදා ගන්නා සර්පයකුට රුපියා (ඔවුන්ගේ මුදල් ඒකකයකි) 70000 නොහොත් ඩොලර් හයක්‌ ගෙවන බව කියයි. පානය කරනු ලබන සර්ප ලේ වලට මී පැණි බිංදු කිහිපයක්‌ ද මිශ්‍ර කරන බව කියති. සර්ප ලේ බීමෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, වැනි රෝග සුවවෙන බව ඔවුහු මත පළ කරති. බේජින් නගරයේ ව්‍යාපාරිකයකු වන වෙයි ජින්ග්ශේන්ග් නිතර නිතර සත්ව අවයව ආහාරයට ගන්නා කෙනෙකි. "ඇත්ත වශයෙන්ම මගේ නැතිවී ගිය කාය ශක්‌තිය මං නැවත ලබා ගන්නේ සත්ව අවයව අනුභව කිරීමෙන් මෙම ආහාර ගැනීමෙන් පසු මගේ හිසකෙස්‌ වැටීම සම්පූර්ණයෙන්ම නතර වුණා මුළු දවස පුරාම මට දැනෙන්නේ උෙද්‍යාaගී භාවයක්‌. තෙහෙට්‌ටුව නිසා හැමදාම මා දවල්ට ටිකක්‌ නිදාගන්න ඕනෑ වෙලා තිබුණා. නමුත් දැන් එහෙම අවශ්‍යතාවයක්‌ නැහැ. සියල්ල යථා තත්ත්වයට පත්වී ඇති බවයි මට හැඟෙන්නේ. යයි ජින්ග්ෂෙන්ග් කියා සිටියි. සතුන්ගේ සමහර ශිෂ්නයන් ගැන කතා කරන ඩූ යුමෙයි නමැති කෝකියා මුවාගේ ශිෂ්නය ගෝනුන් තුන් දෙනකුගේ ශිෂ්නයට වඩා ප්‍රබල යෑයිද කියා සිටියි. ඩූ යුමෙයි ගැහැනු කෝකියෙකි. පිරිමින්ට මෙම ආහාර පිළිගැන්වීමේදී ඔවුන් අසන ප්‍රශ්න නිසා තමන් ඉතාමත් අපහසුතාවයට පත්වන බව කියන ඇය තමන් කරන්නේ රාජකාරියක්‌ බැවින් සියල්ල ඉවසා දරා ගන්නා බවද කියා සිටියි. "මං කරන්නේ අසාමාන්‍ය රාජකාරියක්‌. එයින් මං ලොකු තෘප්තියක්‌ මෙන්ම සතුටකුත් ලබනවා ඩූ කියා සිටියි.

    00001945_medium.jpeg


    0089c-guo-li-zhuang-penis-restaurant.jpg


    penis-restaurant-6.jpg


    තමන්ගේ අක්‍රිය වූ කාය ශක්‌තිය යළි ලබා ගැනීම සඳහා සතුන්ගේ අවයව වැඩි වශයෙන්ම ආහාරයට ගනු ලබන්නේ චීන ජාතිකයන් බව ඒඑෆ්පී පුවත් සේවය සඳහන් කරයි. මෙය දැන් ජපානය, පාකිස්‌තානය, ඉන්දුනීසියාව වැනි රටවලටද පැතිර යමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. තමන්ගේ කාය ශක්‌තිය ගිලිහී ගිය විට "ව්‍යාග්‍රා" වැනි ශක්‌තිය වඩන පෙත්තක්‌ ගැනීමට බටහිර ජනතාව පුරුදු වී සිටිති. සමහර විට චීනා සොයා ගත් මෙම වාජීකරණය තව නොබෝ දිනකින් බටහිර රටවලටද පැතිර යැමට බොහෝදුරට ඉඩ තිබෙන බව පෙනේ.


    Sheep-Penis-640x250.jpg


    Guolizhuang-The-Chinas-Famous-Penis-Restaurant-2.jpg


    beijing-penis-restaurant6.jpg


    0000193c_medium.jpeg

    ආතර් යූ. අමරසේන මහතා විසින් 2013 වසරේ දිවයින පුවත්පතට ලියන ලද ලිපියකි, ඡායා රූප අන්තර්ජාලයෙන්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංගලිංග
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙවිවරැන්ගෙන් පවා වැදුම් පිදුම් ලැබු මිනිසා අන්ත තිරිසන් තත්වයට පත් වී ඇත. අනාගතේදි මේ තත්වෙ කොහෙ නවතිවිද. මොහතක සැපක් හින්ද මිනිසා නොකරන දෙයක් නැනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    වේටර් මල්ලී මට බීෆ් පයි කොත්තුවයි ප්ලේන් ටී එකයි දාන්න
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වේටර් මල්ලී මට බීෆ් පයි කොත්තුවයි ප්ලේන් ටී එකයි දාන්න
    119ට කතා කරලා පයි කොත්තුවකුයි පුක් කොත්තුවකුයි ඉල්ලලා කෙස් එකක ගියෙ උබද දන්නෙත් නැ:yes::yes::shocked:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මිනිසා අන්ත තිරිසන් තත්වයට පත් වී ඇත :(