ලිංගික ශක්තිය ඇතිවීමට, මතක තබාගැනීමේ ශක්&#3501

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලිංගික ශක්තිය ඇතිවීමට, මතක තබාගැනීමේ ශක්&#3501

    ලිංගික ශක්තිය ඇතිවීමට, මතක තබාගැනීමේ ශක්තියක් ගොඩනැගීමට මත්පැන්

    tracking_id.php
    logo.png


    පාඩම් මතකයේ තියා ගන්න, පොඩි ගතියකට මත්පැන් පානය කරන බවකුයි තරුණ පූතුන් පවසන්නේ. මෙය සූලභ දෙයක් නොවූණත් කණ්ඩායම් ගැසී පාඩම් කරන පූතුන් මත්පැන් පානය සඳහා යොමූවන අවස්ථා තිබෙනවා.
    ඇත්තෙන්ම මේවා මිථ්‍යා විශ්වාස - ලිංගික ශක්තිය ඇතිවීමට, මතක තබාගැනීමේ ශක්තියක් ගොඩනැගීමට මත්පැන් කොහෙත්ම බලපාන්නේ නැහැ.මූලදී මේ සඳහා යොමූවන තරුණ පූතුන් පසූව අතහැර දමනවා යයි සිතා මත්පැන් පානය කරනවා. ඒත් පසූව මෙය අතහැර ගැනීම නම් ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ මූලදී මෙය අතහැර ගැනීම පහසූයි.මත්පැන් ප්‍රචාරය සඳහා නිෂ්පාදනයන් නොයෙක් මිථ්‍යා මත සමාජයේ පතුරනවා. විශේෂයෙන්ම පිරිමි දරුවන් වීරයන් ලෙසින් සළකන චරිතවලට මත්පැන් ඉතාම සමීප කර සමාජයේ එය සාමාන්‍ය දෙයක් බවට පත් කිරීම තුළින් දරුවන් පහසූවෙන් එයට යොමූ කරගෙන තිබෙනවා.




    • අරක්කු ටිකක් පානය කිරීම හෘදයට හොඳ බවක් සමාජයේ ඇතැම් කොටස් පිළිගෙන තිබෙනවා. එහි කිසිම සත්‍යතාවයක් නැහැ.
    • දරුවන්ගේ උදරාබාධවලට මත්පැන් ටිකක් දීම සූදුසූ බවක් ඇතැම් වැඩිහිටියන් පවසනවා. එහි කිසිම සත්‍යතාවයක් නැහැ.
    • එහිදී සිදුවන්නේ උදරාබාධයට අඬමින් සිටි දරුවා මත්පැන්තේ හැන්දක් හෝ පානයකිරීමේදී උගුර කටපිළිස්සීගෙන යන තත්ත්වයක් දැනෙන නිසා, උදරයේ වේදනාවට අඩන එක නැවැත්වීමයි. එවිට මව සිතන්නේ මත්පැන්වලට රෝගය සූවවූ බවයි.
    • මෙවැනි තවත් මිථ්‍යා විශ්වාසයක් ගැන කියන්නම්. එයත් තවමත් සමාජයේ පිළිගෙන තිබෙනවා. ඒ තමයි දරුවන්ගේ පණූ අමාරුවලට මත්පැන් දීම. මත්පැන්වලින් පණූවන් මැරෙන බව සමාජය පිළිගත්තද මෙහිදී සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
    • පණූවෝ ඉන්නේ උදරයේ මහ බඩවැලේ. මත්පැන් හැන්ද දරුවාට ලබාදීමේදි එය ඒ අසලකටවත් යන්නේ නැහැ. මත්පැන් ආමාශයෙන් පහළට පැමිණීමත් සමග එනම් කුඩා බැඩවැල මූල් හරියේදී සිරුරට උරාගන්නවා. ඉතිං පණූවන්ට මොන බලපෑමක්ද?
    • දරු ප්‍රසූතියේ වේදනාව මගහරවා ගැනීමට මත්පැන් ටිකක් පානයට දීම සූදුසූ බවක් පිළිබඳව කතාවක් අප සමාජයේ තිබෙනවා. එහිත් කිසිම සත්‍යතාවයක් නැහැ.
    • මෙවැනි මවකට පිරිත් පැන් ලබාදිමක් වගේ තමයි එය. මොකද අම්මාගේ මනසට එය බලපානවා. ඒමගින් වේදනාව අඩූවන බවක් මනස පිළිගන්නවා. මත්පැන් ලබාදීමත් ඒවගේ තමයි.
    • මත්පැන් හා සම්බන්ධ මේ මතවල කිසිම විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. මත්පැන් ප්‍රචාරය කිරීම සඳහා සමාජය සියූම් උපක්‍රම භාවිතා කරනවා.
    • මත්පැන්වලින් සිරුරට භයානක බලපෑම් ඇතිවෙනවා.
    • මත්පැන් මගින් අක්මා සිරෝසියාව, අධික රුධිර පීඩනය, ආමාශයේ විවිධ රෝග, ස්නායූ ආබාධ වගේම තවත් බොහෝ ආබාධ ඇතිකරනවා.
    • ගතියක් ගන්න, සමාජයේ ඉදිරියෙන් ඉන්න මත්පැන් අවශ්‍ය නැහැ. එය පිළිගෙන තිබෙන සත්‍යයක්.
     
    • Like
    Reactions: lgask

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මෙවැනි තවත් මිථ්‍යා විශ්වාසයක් ගැන කියන්නම්. එයත් තවමත් සමාජයේ පිළිගෙන තිබෙනවා. ඒ තමයි දරුවන්ගේ පණූ අමාරුවලට මත්පැන් දීම. මත්පැන්වලින් පණූවන් මැරෙන බව සමාජය පිළිගත්තද මෙහිදී සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
    -----------------------------------------------------------------
    panuwo tika weri wela pissu kelinawa athe ne ban,, :lol::lol::lol::lol: