ලිංගික ශ්‍රමය සපයන ශ්‍රී ලාංකික විශ්වවිද

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    ලිංගික ශ්‍රමය සපයන ශ්‍රී ලාංකික විශ්වවිද

    "දවසකට customers ලා දෙන්නෙක් ආවොත් රුපියල් 50,000 ක් ගන්න පුළුවන්. මගේ targetඑක සතියකට රු ලක්ෂ 3ක්. හැම දවසෙම එහෙම නෑ. මාසෙකට කොහොමත් ලක්ෂ 15කට වඩා හොයනවා. මම මේ ඉන්න Apartment එකට ලක්ෂයක් විතර ගෙවනවා. මේ Job එක කරනකොට පිළිවෙලට ලස්සනට ඉන්න ඕනි. අනික මම සමාජයේ ගණුදෙනු කරන පිරිස අනුවයි වැඩ ලැබෙන්නේ. මම ප්‍රතිපත්තියක් විදිහට සාමාන්‍ය තැන්වල යන්නේ නෑ. ඒ වගේම එකම කෙනෙක් දෙවරක් ආශ්‍රය කරන්නෙත් නෑ."

    ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක වන ඇය ලිංගික ශ්‍රමය සපයන්නියකි.

    අගනුවරින් දුර බැහැර පලාතක මූලික අධ්‍යාපනය ලැබූ ඇය 2015 වසරේ කොළඹ පැමිණියේ ජනමාධ්‍යවේදිනියක වීමේ සිහිනය ඉටුකරගැනීමේ අටියෙනි.

    එම උත්සහය අසාර්ථකව ගිය තැන ඇය උසස් අධ්‍යාපනය ලබන අතරවාරයේ මෙම රැකියාව තෝරාගෙන තිබේ.

    ඇය සිය ජීවිත කතාව සැකෙවින් බීබීසී සිංහල සේවයට හෙළි කළාය.

    "මට ඉෂාරා කියල කතාකරන්න. (එය ඇයගේ සැබෑ නම නොවේ) මම ඉපදුනේ 1994 අවුරුද්දේ. මගේ දෙමව්පියෝ රජයේ සේවකයෝ. මට තව එක වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. මම අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ කාන්තා පාසලක."

    පාසල් අධ්‍යාපනය පිළිබඳව ආවර්ජනය කළ ඇය සිය වෘත්තිය පිළිබඳව හැඳින්වීමට ප්‍රථම පාසල් කාලය සිහිපත් කළාය.

    "මම ඉස්කෝලේ කාලේ ලියන්න හරිම දක්ෂයි. මට උවමනාවක් තිබුණ ජනමාධ්‍යවේදිනියක් වෙන්න. මම ඒ දවස්වල පත්තර සඟරා වලට කවි ලියුවා. මම ඉස්කෝලේ මාධ්‍ය කවයේත් හිටියා. මට දැන් ඉතින් එහෙම ලියන්න වෙලාවක් නෑ. හිතට ලොකු දුකක් අවොත් විතරක් මම ලියනවා."

    කොළඹ නගරයේ අවිවේකී ජීවන රටාවකට හුරුවීම තමා බලාපොරොත්තු වූ රැකියාව නිසා සිදුවූවක් නොවන බව අමුතුවෙන් පැවසීමට ඇයට අවැසි නොවිණ.

    "මුලින් ගමයි කොළඹයි අතර වැඩි වෙනසක් දැනුණේ නෑ. හැබැයි දැන් ගමේ ගිහින් ඉන්න බෑ. මේ කරන රස්සාවත් එක්ක අමාරුයි. ගමේ යාලුවෝ හිතන්නේ මම ඉගෙන ගන්න අතරේ බැංකුවක වැඩ කරනවා කියලා. අනිත් කාරණේ මගේ Customers ලා ඔක්කොම ඉන්නේ කොළඹ මට මේ හොයන ගාන කොහෙත්ම හොයාගන්න බෑ."

    "මම තෘප්තිමත්"

    ඇය තමා කරන රැකියාව පිළිබඳ අතෘප්තිමත් ස්වභාවයක් නොදක්වන්නීය.

    එමෙන්ම කිසියම් අහඹු සිදුවීමකින් හෝ අතවරයකින් මේ රැකියාවට ඇදවැටුණු බව නොපවසන්නීය.

    ඇය පවසන්නේ, තම ස්වාධීන කැමැත්ත සහ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීම උදෙසා මේ රැකියාවට යොමුවූ බවය.

    රැකියාව මත සමාජයේ අඩු සැළකිල්ලක් යොමු නොවිය යුතු බව ඇය විශ්වාස කරන්නීය.

    "මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ වෙනත් රැකියාවක් කරන්නම හිතාගෙන නොවෙයි. හැබැයි මට දැනුම අවශ්‍යයි. මම දන්නවා මම දක්ෂයි. අනිත් තරුණ ළමයි වගේම ජීවිතේට මුහුණ දෙනවා. මේ අධ්‍යාපන කටයුතු එක්ක මම මේ දේට යොමුවුණා. කිසිම බලපෑමකින් නොවෙයි. පන්සල් යනවා පිං දහම් කරනවා. යහළුවෝ ආශ්‍රය කරනවා. සතුටින් ඉන්නවා. මම හිතනවා මම සමාජයට අවශ්‍ය කෙනෙක් කියලා. මම කාගෙවත් සතුටක් නැතිකරන කෙනෙක් නෙවි. මේ රස්සාවේදී මට යම් ප්‍රතිපත්ති තිබෙනවා. මට ඒ හැම එකක්ම හෙළි කරන්න බෑ."

    පිරිමි සමාජය දෙස වෛරී මනසකින් ද කටයුතු නොකරන ඇය ලිංගික ශ්‍රමය සැපයීම උදෙසා ශ්‍රී ලංකාවේ පවතින නීති ලිහිල් විය යුතු බව ද පවසයි.

    ගැහැණියකු සහ පිරිමියකු අතර ඇතිවන අනුරාගික බැඳීම යටපත් කරමින් පිරිමි මනස විකෘති වී ඇති බව ඇය සිය අත්දැකීම් ඇසුරින් පහදන්නීය.

    කෙසේ නමුත් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ කාන්තාවකට සිදුවන ලිංගික හිරිහැර පාලනය කිරීමට නම් පිරිමියා සතු ලිංගික ආතතිය තුරන් කළ යුතු බව ඇගේ අදහස වී තිබේ.

    "මාව ගණිකාවක් කළේ පිරිමි""පිරිමියා ලිංගික අසහනයෙන්"

    "දැන් ලංකාවේ බහුතරය porn movies බලනවා. ගොඩක් ඒවගේ තියෙන්නේ මවාපෑම් කියල දැන් මට තේරෙනවා. දෙදෙනෙක් අතර සාමාන්‍ය ලිංගික එක්වීමකින් එහාට ගිය විකාර ඕනෑතරම්. මේ දෙයට නිතර නිතර ඇබ්බැහි වන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් පිරිමි කියාගන්න බැරි අසහනයකින් ඉන්නේ."

    'බ්ලූ ෆිල්ම්' නිසා අවුල්වන පවුල් ජීවිත

    අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු එය ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර වරක් බීබීසී සිංහල සේවයට පැවසීය.

    "අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇති වීමට ඉඩ කඩ තියෙනවා," වෛද්‍යවරිය එහිදී පැවසුවාය.

    "ලිංගික දර්ශන නැරඹීමේ දී උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා," ඇය පැවසුවාය.

    මේ කියමන සනාථ වන ආකාරයේ අත්දැකීම් ඉෂාරා සිය ලිංගික සේවා සැපයීමේදී ප්‍රයෝගිකව අත්විඳි බව පැවසුවාය.

    "සමහරු අහනවා ඇයි ඔයා ලිංගික ක්‍රියාව අතරතුර මහා හයියෙන් කෑගහන්නේ නැත්තේ කියලා. සමහරු විවිධ හිංසා කරලා සතුටු වෙන්නද අහනවා. තවත් අය එයාලා ඉදිරියේ නටන්න කියනවා. සමහරු විවිධ කෑම වර්ග ඇඟේ තවරා සතුටු වෙන්න අහනවා. මේවගේ නොයෙක් විකාර. හැබැයි පොදුවේ ගත්තම බොහෝ දෙනෙක් පිරිමි අදාළ මූලික ක්‍රියාවේදී අසමත්," ඇය පවසන්නීය.

    සාමාන්‍ය ලිංගික ක්‍රියාවකින් ඔබ්බට ගොස් සතුටක් බලාපොරොත්තු වීම තුළ පිරිමි සිත යම් ෆැන්ටසියක අතරමං වී ඇති බව ඇයගේ අදහසය.

    මේ තත්වය පාලනය කිරීමට නම් ගැහැණිය ලිංගික මෙවලමක් නොවන බව පිරිමියා අවබෝධ කරගත යුතු යැයි ඇය විශ්වාස කරන්නීය.

    "ලිංගික අධ්‍යාපනය වැදගත්"ලිංගික කැමැත්ත: "පොලිසිය, පාසල සහ දෙමව්පියන් දරුවන් දැනුවත් කළ යුතුයි"

    කාන්තා ලිංගික ශ්‍රමිකයින්ගේ වෘත්තීය අවදානම කොටස් කිහිපයකට වර්ග කළ හැකිය.

    සමාජ ඇසුරේදී එවැනි කාන්තාවක් වෘත්තිමය ප්‍රසිද්ධ භාවයකට පැමිණීම තුළ ඇය සෙසු කාන්තාවකට වඩා අනාරක්ෂිත වීම එක් අවදානමකි.

    එමෙන්ම සමාජ රෝග වාහකයෙකු බවට පත්වීමේ අවදානම පහව නොයන තවත් ගැටලුවකි.

    අපේක්ෂා නොකරන අවස්ථාවක ගැබ් ගැනීම එවැන්නකි.

    මේ අවදානම් ස්වභාවය හමුවේ ආරක්ෂා වන්නේ කෙලෙසද යන්න බීබීසී සිංහල සේවය ඇගෙන් විමසීය.

    "ඒ ප්‍රශ්ණ ඔක්කොටම දෙන තනි උත්තරය මම මගේ වෘත්තිය බාල කරන්නේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ අවදානම සියයට සියයක් නෑ කියන දේ. මම දැන් මේ දේට යොමුවුණ මුල් මාස කිහිපයට වඩා මම බුද්ධිමත්. අපි නොදකින සමාජයේ අහිංසකව අපිව හොයාගෙන එන පිරිසක් ඉන්නවා. නමුත් වෙලා තිබෙන්නේ මේ වෘත්තිය ගාල් කරලා තියනවා සමාජ විරෝධී ක්‍රියා සිදුවන තැන්වලට. එතනට නොවැටී ඉන්න එක තම තමන්ගේ නුවණ. මම එහෙම ඉන්න උත්සහ කරනවා. මම හිතනවා මේ ඔක්කොම අතරේ මම උසස් අධ්‍යාපනය ලබන එකත් ඒ උත්සාහයේ ප්‍රථිපලයක් කියලා," ඇය පවසන්නීය.

    "අපේ ලිංගික අධාපනය හරිම ලජ්ජාශීලියි. ප්‍රජනනය කියන පාඩම පන්තියේ උගන්වන ගුරුවරයා හැමෝටම වඩා ලජ්ජා වෙනවා. ඉතින් කොහොමද මේ ගැන අපි ඉගෙන ගන්නේ. මගේ සෞඛ්‍යය මම නිතර පරීක්ෂා කරනවා. ඒ විතරක් නෙවි එන මනුස්සය ගැනත් මම යම් අවබෝධයකින් ඉන්නේ. මම මතට, මත්ද්‍රව්‍ය හෝ දුම් බීමට ඇබ්බැහි වුණේ නෑ."

    "කාන්තාව ලිංගිකව විකිනෙනවා"

    Image copyrightGETTY IMAGES

    එමෙන්ම බොහෝ කාන්තාවන් සිය අවශ්‍යතා ඉටුකරගැනීම උදෙසා, ලිංගිකත්වය පිළිබඳව පිරිමින් දක්වන කැමැත්ත ප්‍රයෝජනයට ගන්නා බවද ඇය පවසන්නීය.

    "මම කැමතියි ඔයාගේ පපුවේ, ඉණේ ප්‍රමාණය දැනගන්න"

    "මගේ ආසාවක් තිබුණ රඟපාන්නත්. මම ලංකාවේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක් පවත්වන වැඩමුළු සඳහා එක්වුණා. එතැනදී මම දැක්කා කොච්චර කාන්තාවන් පිරිසක් ඒ මනුස්සයා දැලේ දාගන්න හදනවද කියලා. වයස අවුරුදු 16,17 ඉඳලා 40 ආසන්න කාන්තාවෝ ඒ අතරේ හිටියා. පිරිමින්ටම වැරදි කියන්න බෑ. මොකද මම අද මේ දේ කරන්නේ පිරිමින්ගේ වරදින් නොවෙයි. හැබැයි ඔන්න ඔයවගේ දේවල් පස්සේ ගිහින් අමාරුවේ වැටිලා අතින් අත ගිහින් පිරිමි නිසා මෙහෙම උන කියන්න බෑනේ."

    රුපවාහිනී නිවේදිකාවක් වීමට පැමිණි ගමනේ දී කොළඹ රුපවාහිනී ඩිප්ලෝමා නිකුත් කරණ පෞද්ගලික පන්ති කිහිපයක පාඨමාලා සම්පූර්ණ කර ඇති ඇය රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජන සන්නිවේදනය පිළිබඳව වන ඩිප්ලෝමා පාඨමාලාවක් ද සම්පූර්ණ කර තිබේ.

    "එහෙම දැනුමක් ලබාගෙන සමහර මාධ්‍ය ආයතන වලට ගියාම විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තමයි රටේ නමක් තියාගෙන ඉන්න මිනිස්සු අපි වගේ පොඩි කෙල්ලෝ ඉස්සරහ දනින් වැටෙන හැටි දැක්කම අපිටම ලැජ්ජයි. හැබැයි ඉතින් මේ මිනිස්සු එක්ක යහන ගතවන කෙල්ලෝ නැත්තේම නෑ. මොකද ඕනෑතරම් වරදාන වරප්‍රසාද ඒ හරහා ලැබෙනවා. හැබැයි ඉතින් කාලයක් ගියාම ඔක්කොම ඉවරයි ගහල පන්නන තැනට වැටෙනවා"

    "මම දවසක පොතක් ලියනවා"

    ලිංගික ශ්‍රමය ලබාදෙන තරුණ කාන්තාවක් ලෙස තම අත්දැකීම් කෘතියකට පෙරලීමට ද ඇය බලාපොරොත්තුවන ඇය පවසන්නේ, සිය අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් එවැන්නක් පළ කිරීම පහසු කටයුත්තක් නොවන බවය.

    "අද මගේ වයස අවුරුදු 25ක්. තව අවුරුදු 5 කින් මේ හැමදේම මම නවත්වන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඒක ඒ විදිහට නොවෙයි. මම කියන්නේ නෑ මට දැන්ම පුළුවන් වෙයි කියලා මේ රැකියාව නවත්වන්න. නමුත් මම වෙනස් වෙන්න ඕනි. ඒක මනුස්සයෙක් හොයාගෙන පවුල් ජීවිතයක් ගතකරනවා කියන බලාපොරොත්තුවක් නොවෙයි. එහෙම වෙන්නත් බැරි නෑ."

    ලිංගික ශ්‍රමය සැපයීම සම්බන්ධයෙන් "ඉෂාරා" වැනි විධිමත් අධ්‍යාපනය ලබන තරුණියන් දක්වන ප්‍රතිචාරය සමාජයට කෙතරම් දුරට බලපෑම් කරනු ඇතිදැයි යන ප්‍රශ්නය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් වෙත යොමු කළෙමු.

    ඇය පවසන පරිදි තරුණියන් ස්වාධීනව ලිංගික ශ්‍රමය සැපයීමට යොමුවීම නාගරික ජන සමාජ තුළ ප්‍රවණතාවක් බවට පත්වෙමින් පවතී.

    මෙවැනි සුවිශේෂී සිදුවීම් අධ්‍යයනයේදී උසස් අධ්‍යාපනයක් ලද තැනැත්තියක් වෙනත් රැකියාවක් තෝරාගැනීම පසෙකලා මේ සමග කටයුතු කිරීම අංශ කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැකි බව ද ඇය පෙන්වා දෙයි.

    අඩු ආදායම් ලාභී, අනපේක්ෂිත අතවරයකට ලක්වූ හෝ නොදැනුවත්කම නිසා කාන්තාවන් මේ රැකියාවට යොමුවීම පිළිබඳව සමාජයේ පැවති සාමාන්‍ය මතය දැන් වෙනත් දිශානතියක් ගෙන ඇති බව ඇය ගෙනහැර දක්වයි.

    කෙසේ වෙතත් මෙවැනි අධ්‍යාපනයක් ලද තරුණියක් මූලිකව අධික ලිංගික ආශාව නිසා එවැන්නකට යොමු වී පසුකලීනව ඒ හරහා ලැබෙන අධික මුදල් ප්‍රමාණය අනුව අඛණ්ඩව එහි නිරතවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    "අපි අවබෝධ කරගන්න ඕන තවමත් ලිංගික සේවා සැපයීම අපේ රටේ තහනම්. නමුත් දැන් දැන් බිහිවෙන පරම්පරාව ලිංගිකත්වය දිහා බලන්නේ සාමාන්‍ය විදිහට. මේ පරිවර්තනය තුළ මීට දශක දෙකකට එහා තිබුන ජන සමාජය සමග මේක ගලපන්න බෑ. මම කියන්නේ නෑ නීති වෙනස්විය යුතුයි කියා. නමුත් එවැනි පසුබිමක මෙවැනි කාන්තාවක් යම් රෝගයකට ගොදුරු වුණොත් ඇය කෙතරම් විවෘතව ඊට පිළියම් යොදාගනීද කියන සැකය මතුවෙනවා. මොකද සමාජය තාමත් මේ දිහා බලන්නේ වපර ඇසින්."

    "ඒ වගේම මේක ඉස්සර ඉහල සමාජයේ ඉතා වැඩි මුදලකට සිදුකෙරුණා. දැන් මධ්‍යම පාන්තික උගත් ගෑනු ළමයි තම මුල්‍ය අවශ්‍යතා උදෙසා මේ දේට යොමුවන එක වලක්වා ගන්න බැරිවෙලා තිබෙනවා. විය යුත්තේ අන්න ඒ පහළ ස්තරයට පැතිරීම පාලනය කිරීම. නමුත් අධ්‍යාපනය මෙන්ම මේ නීති පද්ධතියත් එක්ක කොතරම් දුරට එය කළ හැකිද කියන සැකය මතුවෙනවා. නමුත් මම විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට එවැනි අධ්‍යාපනයකට සුදුසුකම් ලබපු තරුණියකට මේ රැකියාව යෝජනා කරන තැනක නෑ. නමුත් යථාර්ථය තමයි ආශාව සහ මුදල කියන අසීමාන්තික අවශ්‍යතා දෙක," ඇය පැහැදිලි කළාය.
    BBC News / සිංහල.

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් ලෝකේ ආදරය කියන දේ සංකල්පයක් විතරයි...ඊට එහා වටිනාකමක් නැහැ.
    සල්ලි කියන්නේ හැමදේම නෙමේ උනාට ගොඩක් දේවල් කියන්නේ සල්ලි.....
     
    • Like
    Reactions: Lahiru120

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර කොල්ලුපිටියේ මැඩම් හිටිය කාලේ ඔහොම කෙල්ලෝ පාට් ටයිම් වැඩකලා. ගොඩක්ම සුද්දකලේ ලිබටි එකේ අලුතින් ෂොප්ස් දාපු කොල්ලොන්ව
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    BBC News ඕකෙ කියන එ වලින් කීයෙන් කියයිද sure කරන්න පුළුවන්. Left wing media at its best. මුන්ගේ article අනුව මේ ලෝකේ ඔක්කොම නරක වෙන්නේ පිරිමි නිසා. :lol: ගැනු ඔක්කොම angels ලා.

    Blue films ගැන කියලා තියෙන දේවල් නම් ඇත්ත එවුන්ට මන් දන්න තරමින් නම් fetish වගේ දේවල් අස්වාභාවික දේවල් නෙවේ.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako pattane sathiyata 3lak hoyanawa kiyanne. lankawe top 3% wage income ekak aththe
    thaman karana de gena thamanta aulak naththam ithin mokada
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිරිමි සමාජය දෙස වෛරී මනසකින් ද කටයුතු නොකරන ඇය ලිංගික ශ්‍රමය සැපයීම උදෙසා ශ්‍රී ලංකාවේ පවතින නීති ලිහිල් විය යුතු බව ද පවසයි.

    ලංකාවෙ පිරිමින් බහුතරයකට ලිංගික අවපීඩනය තමයි. ඒත් ගනිකාවන්ගෙ ඒ ගැටලුවට පිළිතුරක් හොයනවා කියන්නෙ තිබහට ලුනු වතුර බොනවා වගෙ වැඩක්. :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ලංකාවෙ පිරිමින් බහුතරයකට ලිංගික අවපීඩනය තමයි. ඒත් ගනිකාවන්ගෙ ඒ ගැටලුවට පිළිතුරක් හොයනවා කියන්නෙ තිබහට ලුනු වතුර බොනවා වගෙ වැඩක්. :rolleyes:

    You can get gf experiance now.no difference than wife,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පිරිමින් බහුතරයකට ලිංගික අවපීඩනය තමයි. ඒත් ගනිකාවන්ගෙ ඒ ගැටලුවට පිළිතුරක් හොයනවා කියන්නෙ තිබහට ලුනු වතුර බොනවා වගෙ වැඩක්. :rolleyes:

    :yes::yes::yes::yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලංකාවෙ පිරිමින් බහුතරයකට ලිංගික අවපීඩනය තමයි. ඒත් ගනිකාවන්ගෙ ඒ ගැටලුවට පිළිතුරක් හොයනවා කියන්නෙ තිබහට ලුනු වතුර බොනවා වගෙ වැඩක්. :rolleyes:

    Educated prostitute bn ...kuda bn danne eki phd ekta research krnwa athi:lol: