ලිංගික_එක්වීමකින්_පසුව_කල_යුතු_දේවල්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    26,742
    12,607
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලිංගික එක්වීම ගැන අප බොහෝ දේ දන්නා මුත් එසේ එක්වීමෙන් පසුව ඔබ කළ යුතු මේ දේවල් ගැන දැනගෙන සිටීමත් ඉතාම වැදගත් නිසා මේ ලිපිය ඔබේ සෞඛ්‍යාරක්ෂාවට ඉතා වැදගත් වේවි

    ඉතිං ඔයාල සාමාන්‍යයෙන් ලිංගික එක්වීමකින් පසුව මොකද කරන්නේ? දෙන්නා එක්ක තුරුල් වෙලා ටික වෙලාවක් ඔහේ ඉන්නවද? එහෙම නැතිනම් අනෙක් පැත්ත හැරිල හනික නින්දට යනවද? එහෙමත් නැතිනම් බාත්රූම් එකට යනවද?

    අපි ලිංගිකව එක් වීමත් ඒ ආශ්‍රිත නොයෙක් දේවල් ගැනත් නිතර කතා කළත් ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් ගැන ලේසියෙන් කතාකරන්නේ නැහැනේද?

    ඉතින් ලිංගික එක්වීමකින් පසුව කල යුතු දේවල් ඉතාමත්ම වැදගත් කියා ඔයාල දන්නේ නැතිව ඇති. අපි මේ කතා කරන්නේ ටිකක් තුරුළ් වෙන එක ගැන විතරක්ම නෙවෙයි.

    සංසර්ගයෙන් පසුව හැසිරීමත් ඔයාලගේ සෞඛ්‍ය ඉතා වැදගත් බව ඔයාල දැනගත යුතුයි.

    ඉතිං ලිංගික එක්වීමෙන් පසුව පශ්චාත්-සංසර්ග අවස්ථාවේ විනාඩි පහකින් පසු ඔබ කල යුතු දේවල් මොනවාද?

    1. ලිංගික එක්වීමෙන් පසුව මුත්‍රා පහ කිරීම

    ලිංගිකව එක්වීමෙන් පසුව මුත්‍රා කිරීම මගින් කාන්තාවකට ඇතිවිය හැකි මුත්‍රා ආසාදන වලින් ආරක්ෂා වන්නට පුළුවන්.

    නිව් යෝර්ක් නගරයේ මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් කෝෆ්මන් පවසන ආකාරයට, කාන්තාවන් පශ්චාත් ලිංගිකව මුත්‍රා කරන විට ඔවුන්ගේ යෝනි මාර්ගයට ඇතුළු වූ ඕනෑම බැක්ටීරියාවක් ඉවත් කෙරෙනවා.

    “බැක්ටීරියා මත ඇති ඉතා කුඩා රෝම ඇති අතරේවා වෙල්ක්‍රෝ කොකු ලෙස ක්‍රියා කරනවා. එම ස්ථරය මුත්‍රා පටලයට සම්බන්ධ වීමට ඉඩ සලසනවා. යෝනි මාර්ගය මතුපිට ශ්ලේෂ්මල ඇති බවත් එමගින් “තමන්ගේම ලිහිසිකරණය ස්‍රාවය වන බව පවසනවා." තවද එයට ආවේණික සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා ඒ මත ඇති බවත් එය වෙනස් නොකළ යුතු බවත් ඔහු තවදුරටත් පවසනවා.

    එමනිසා, ලිංගිකව හැසිරීමෙන් පසු කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ අවදානම බොහෝ සේ අඩුකළ හැකි. වෛද්‍ය කෝෆ්මන් (Dr. David Kaufman) නිර්දේශ කරන්නේ ලිංගික ඇසුරෙන් පසුවද හොදින් වතුර වීදුරුවක් පානය කරන ලෙසයි

    2. ශරීරය ප්‍රවේශමෙන් පිරිසිඳු කිරීම

    සංසර්ගයෙන් පසුව ශරීරය ප්‍ර්දවේසමෙන් පිරිසිඳු කිරීමද ඉතා සුදුසුයි. ලිංගික එක්වීමකින් පසුව යෝනි ප්‍රදේශය ම්ෘදු රෙදිකඩකින් පිස දැමීමේදී සබන් හා සැර පිරිසිඳුකාරක භාවිතා කරන්නට සුදුසු නැහැ. ඒ වෙනුවට ඔබට මද රස්නෙ වතුර ටිකක් භාවිතා කර යෝනි මුඛය සෝදාගන්නට පුළුවන්.

    යෝනිය ඇතුළත පිරිසිඳු කිරීම: vaginal douching නොහොත් වතුර හා විනාකිරි මිශ්‍රණයකින් යෝනිය ඇතුළත පිරිසිඳු කිරීම සුදුසු නැහැ.

    සාමාන්‍යයෙන් සිරින්ජරයක් හෝ ඒ සමාන උපකරණයක් ආදාරයෙන් මෙවැනි මිශ්‍රණයක් යෝනි මාර්ගය ඇතුළට යවනු ලබන්නේ තෙරපීමක් ඇති කිරීමෙන් හෝ ස්ප්‍රේ කිරීමෙන්.

    නමුත් මෙවැනි ක්‍රියාකාරකම් නිසා සියුම් යෝනි පටල වලට හානි වීම නිසා කැසීම හෝ ඉදිමීම ඇතිවන්නට පුළුවන්. මේ නිසා ලිංගික එක්වීමක් වේදනාකාරී වන්නටද පිළිවන්.

    මේ නිසා යෝනි ප්‍රදේශය සියුම් ලෙස පිරිසිඳු කර නැවත නින්දට යාම තමා වඩාත් සුදුසු වන්නේ.

    3. වේදනාව හෝ රුධිර වහනයක් තිබේදැයි විමසිලිමත් වන්න

    ඔබේ සිරුර ගැන හොඳටම දන්නේ ඔබයි. නමුත් ඉන් ඔබේ සිරුර ඔබ සුළුකර සළකන්නට ඕනෑ කියා අදහස් කරන්නේ නැහැ.

    ලිංගික එක්වීමකින් පසුව වේදනාවක් හෝ සුළු රුධිර වහනයක් හෝ තිබේදැයි බැලුවා කියා වරදක් වෙන්නේ නැහැනේ.

    නිව් යෝර්ක්හි සශ්‍රීකත්ව විශේෂ වෛද්‍ය ෂීවා තලේබියන් (Dr. Sheeva Talebian) යෝජනා කරන්නේ, “ලිංගිකව හැසිරීමෙන් පසු අසාමාන්‍ය ලෙස රුධිර වහනයක් හෝ වෙනත් වෙනස්කමක් නොසලකා හරින්නට එපා" කියායි. - එය ආසාදනයක පෙර ළකුණක් හෝ ඔබේ ප්‍රජනක පධතියේ තුවාලයක් විය හැකි බැවිනි.

    ඒ වගේම, ලිංගිකව එක්වීමෙන් පසුවඇතිවන වේදනාවක් හෝ රුධිර වහනයක් කොන්ඩම් නිසා ඇතිවන ආසාදනයක් වන්නටද පුළුවනි.

    ඉතින් මෙවැනි වෙනස්කම් දුටු විට ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්යවරයාගේ උපදෙස් ලබා ගැනීම කල් දමන්නට එපා

    4. පාවිච්චි කරපු කොන්ඩම‍ය දිහා හොඳින් බලන්න

    ඔබට කොන්ඩමයක් පාවිච්චි කරන්නට නුවණ තියබෙනවා. නමුත් සංසර්ගයෙන් පසුව පාවිච්චි කළ කොන්ඩමය දිහා බලන්න ඊටත් වඩා නුවණක් තිබෙනවාද? මොකද ඔබගේ ප්‍රජණන පද්ධතියේ ආරක්ෂාවට මේ දෙකම එක සේ බලපාන නිසයි.

    ලිංගික ඇසුර අතරතුර කොන්ඩමය ගැන හොයන්නට බැහැ තමා. නමුත් ඇසුරෙන් පසුව පුරුද්දක් ලෙස එහි පලුද්දක් තියේදැයි බැලීම නුවණට හුරුයි.

    මොකද කොන්ඩමයට යම් හානියක් වෙලා තියේ නම් සමාජ රෝගයක් දරුවකු පිළිසිඳගැනීමේ හැකියාවක් ඇතුවා වගේම, සාමාජ රෝගයක් ආසාදනය වීමේ අවදානමත් තිබෙන නිසායි.

    සමහර විට කොන්ඩමය යෝනි මාර්ගය තුළ හිර වීම නිසාත්ආඅසාදනඇතිවන්නට ඉඩ තිබෙනවා.

    එම නිසා මේ සියළු දේ ගැනම අවධාන‍යෙන් පසුවීම තමා වඩාත්ම සුදුසු වන්නේ.

    අවසාන වශයෙන්, ඔබේ සහකරු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක්වුනා නම්, ගර්භනී ප‍රීක්ෂණයක් සිදුකරගැනීම නුවණට හුරුයි.

    මින් අදහස් කරන්නේ ඔබ් අනිවාර්‍යයෙන් ගැබ් ගනීවි කියන එක නොවෙයි.

    නමුත් ගැබ් ගැනීමකට ඔබ සූදානම් නැතිනම් ඒ බව කලින්ම පරීක්ෂාවට ලක් කිරීමෙන් කල් තියාම අවශ්‍ය දේට සූදානම් වීමේ හැකියාව ඔබට ලැබෙනවා.

    ඉතින් ඔබේ සෞඛ්‍යය තකා ලිංගික එක්වීමකට පසුව මේ දේවල් කරන්න අමතක කරන්න එපා. ඊට කලින් එකිනෙකා තුරුළු කරගෙන විනාඩි පහක්ම ඉන්න පුළුවන් ඔන්න!(උපුටා ගැනීමකි)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,134
    7,976
    113
    පර්ස් එක ඇදල පොරොන්දු උන ගාන gewuwe nethnam thamai case eka
     
    • Like
    Reactions: hodakolla

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    2,166
    1,835
    113
    අපි ඔවා කරලා දැන් ළමයිනුත් හදලා ඉවරයි හිච්චියෝ
     
    • Like
    Reactions: hodakolla