ප්‍රසිද්ධ ස්තී්‍රන් ඡන්දයට දමා ලිංගික සූදු පිටියක් කරවීම සහ බිකිනියේ සිර වූ ලාංකික හදවත-------
බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැරීමත් සමග අද ප්‍රධාන මාතෘකාව වී තිඛෙන්නේ ප්‍රසිද්ධ ස්තී්‍රන් ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වීමය. එය මෙතරම් ආකර්ශනීය මාතෘකාවක් වූයේ ඔවුන් ස්තී්‍රන් වීම පමණක් නොව බිකිනි අඳින ස්ත්‍රීන් වීම යන කාරනාවය. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පුරවැසියෙකුට මැතිවරණයකදී ඡන්දය ඉල්ලීම සඳහා ඉදිරිපත්වීමට අයිතියක් ඇත. එකී අයිතිය අනුව ශ්‍රී ලංකාවේද ඕනෑම ස්ත්‍රියකට මැතිවරණ සඳහා ඉදිරිපත් විය හැක. එකී අයිතිය කලාකාරිනියන්ටද ප්‍රසිද්ධියට පත් ස්ත්‍රීන්ට ද ඇත.
බස්නාහිර හා දකුණු පළාත්සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති මෙම ස්ත්‍රීන් පොදුවේ නම්කරණු ලබන්නේ ගණිකාවන් කියාය. ගණිකාවන් යනු මුදල් හෝ වෙනත් අපේක්ෂාවක් මත තම විරුද්ධ ලිංගිකයන් හෝ සමලිංගිකයන් හෝ එක් අයෙකුට වඩා වැඩි පිරිසක් සමග හෝ කිසියම් වූ දිගු කාලයක් ලිංගික කටයුතු වල යෙදෙන ස්තී්‍රන්ට හෝ පුරුෂයන්ටය.
නමුත් ලංකාවේ මානසික මට්ටම අනුව ලංකාවේ සිටින්නේ ස්තී්‍ර ගණිකාවන් මිස පිරිමි ගණිකාවන් නොවේ. ලංකාවේ බොහෝ පිරිමින් එක් ස්ත්‍රියකට වඩා යහන්ගත වී හෝ යහන්ගත වීමේ දැඩි ආසාවකින් පෙළෙන්නන් වුවද ඔවුන්ට ගණිකාවන් කියන්නේ නැත. නමුත් ලංකාවේ මානසික මට්ටම අනුව බොහෝ කලාකාරිනියන් ගණිකාවන්ය. කලාකාරුවන් එසේ නොවේ. විශේෂයෙන් මෙකී කලාකාරිනියන්ගේ හැසිරීම නිසා හෝ ඔවුන් සතු රූප ස්වභාවය නිසා හෝ ඔවුන් අඳින පළඳින ආකාරය නිසා හෝ බොහෝ අය සිතන්නේ මොවුන් කී දෙනෙක් එක්ක නිදාගෙන ඇතිද? කියායි. ඒ අනුව පොදුවේ කලාකාරියන් ගණිකාවන්ය. මෙය නම් තමන්ට අහිමි අනුන්ට හිමි, මනසින් හෝ ලිංගිකව එක්වීමට කැමැත්තක් ඇති ස්ත්‍රී ශරීරය තමන්ට අහිමිවීමේ වේදනාව මත ගොඩනැගෙන ලිංගික ඊර්ෂ්‍යාව මිස වෙන යමක් නොවේ. ලංකාවේ බොහෝ පිරිමින්ද ගණිකාවන් වුවත් ඔවුන් එසේ බව ඔවුන් සිතන්නේ වත්, ඔවුන් එසේ බව ස්ත්‍රීන් සිතන්නේ වත් නැත. ලංකාවේ ස්වාධීනව සිතිය හැකි, ස්වාධීනව තීරණගත හැකි ස්ත්‍රීන් සුළුතරයක් හැරෙන්නට අනෙක් පොදු ස්තී්‍රන් සිතනු ඇත්තේද කලාකාරිනියන් ගණිකාවන් කියාය.
කෙසේ නමුත් ලංකාවේ ලිංගිකත්වය පිළිබඳ මානසික මට්ටම හා එකී ප්‍රශ්නය බරපතලය. බොහෝ විට මෙම ලිංගික පීඩනය පිටවෙන්නේ හැකියාවන්ගෙන් හා ශක්තියෙන් අඩු දරුවන් හා ස්තී්‍රන් හරහායි. අද වන විට කුඩා දරුවන් හා ස්ත්‍රීන් අපහරණය වන ප්‍රමාණය අනුවත්, ලිංගික ආශාවන් සන්සිඳවා ගැනීමට සුරූපී ස්තී්‍ර රූප සොයා අනතර්ජාලයේ සැරිසරන ප්‍රමාණය අනුවත් ශ්‍රී ලංකාව ඉහලම ස්ථානයක සිටීමෙන් මේ බව වඩාත් තහවුරුවේ.
නැවතත් මුලට ගොස් මැතිවරණට ඉදිරිපත් වී සිටින ස්ත්‍රීන් ගණිකාවන් ලෙස නම්කිරීමට බොහෝ අය යොදා ගන්නේ ඔවුන් බිකිනි හැඳ සිටින ඡායාරූපය. බිකිනිය යනු විශේෂයෙන් බටහිර සමාජයේ නාන තටාකයේ දී භාවිතා කරන ඇඳුමයි. නමුත් බටහිර රටවල මෙම ඇ\ුම අදින ස්ත්‍රීන්ට ගනිකාවන් කියන්නේ නැත. එය නාන තටාකයට අඳින ඇඳුම බව කුඩා ළමයාද දනී. නමුත් ලංකාවේ අතලොස්සක් ස්තී්‍රන් හැරෙන්නට අනෙක් ස්තී්‍රන් නාන තටාකයේ හෝ මුහුදේ නෑවත් නාන්නේ සම්පූර්ණ ඇඳුම් පිටින්ය. ඊට අපි කියන්නේ සංස්කෘතිය කියාය. එසේ නානවිට එකී ඇඳුම් ඇඟට තදවී තිඛෙනු දැකීමට පිරිමින්ද කැමතිය. ඒ සියල්ලට අප කියන්නේ සංස්කෘතිය කියා ය. මෙකී සංස්කෘතිය පිටිපස ස්තී්‍ර පීඩනය ලිංගික පීඩනය සැඟව අප වටා හොල්මන් කරමින් තිබේ.
තවත් ලෙසකින් ලංකාවේ ලිංගික හැසිරීම් වලට දෙන අර්ථය නම් ලිංගික කටයුත්ත යනු රාතී්‍ර කාලයේ ලයිට් නිවා කථාබහකින් තොරව ඉතා කෙටි වේලාවකින් නිම කෙරෙන කටයුත්තකි. ලිංගිකත්වයේ ඇති සුන්දර බව එහි නැත. ඒ සුන්දර බව විඳින්නේ දවල්ටය අනෙක් ස්ත්‍රීන්ගේ සිරුරු වල සුන්දර බව සොයමින්, එකී සිරුර තමන්ට ලබාගත නොහැකි නම් ඔවුන් ගනිකාවන් කරමින් හෝ රසයක් විඳීමට පෙළඹී තිබේ. එමෙන්ම අද වන විට කුඩා දරුවන් ලිංගික භාණ්ඩයක් ලෙස භාවිතා වෙන තත්වයකටද පත්ව තිබේ. මෙම තත්වය බරපතල සමාජ ප්‍රශ්නයකි.
කෙසේ නමුත් මෙවර පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින කලාකාරිනියන්ගේ දේශපාලන භාවිතාව අප ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් ගණිකාවන් කිරීමෙන් නොව. ඊට වඩා වෙනස්වූ කි්‍රයාවලියක් හරහායි. ඔවුන් පිරිමින් හා වෙනත් සම්බන්ධකම් පවත්වන්නේ නම් එය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකි. නමුත් මේවා යොදාගෙන ඔවුන්ව පහත් තැනකට ඇද දමන්නේ නම් එය ස්ත්‍රීන් කෙරෙහි ඇති කරන පීඩනයකි. එය ලිංගික පීඩනයකි. ගණිකාවන් දේශපාලනයට සුදුසුද? නුසුදුසුද? යන්න වෙනම මාතෘකාවකි. එසේනම් දේශපාලනයේ සිටින පිරිමි ගණිකාවන් පිළිබඳවද කථා කළ යුතුය. ඇත්තෙන්ම එම ස්ත්‍රීන් අද දේශපාලනයට එන්නේ පිරිමි ගණිකාවන්ගේ වුවමනාවන් පිරිමැසීම සඳහායි. පිරිමි ගණිකාවන්ට ගොදුරු වීමට ඉඩ නොදී ඔවුන් බේරා ගැනීම අද සමාජයේ වගකීමක් බවට පත්ව තිබේ. විශෙAෂයෙන් උදාහරණයක් ලෙස අනර්කලී, උපේක්ෂා වැනි දේශපාලන වශයෙන් නොමේරූ ස්ත්‍රීන් පිරිමි ගණිකාවන්ගේ ඉත්තන් බවට පත්ව ඇත. අනෙක් පිරිසටද මෙම තත්වය හෙට උදාවනු ඇත.
මෙම ලිපිය මෙම ස්ත්‍රී චරිත දේශපාලනයට ඇද දැමෙන මරාවාදය සාධාරණීය කිරීමක් නොවන බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ මෙවැනි චරිත වැඩි වශයෙන් මැතිවරණ සඳහා යොදාගන්නේ ස්ත්‍රී අඟපසඟ පෙන්වා තමා විසින්ම විකෘති කර ඇති සමාජ මනස තෘප්තිමත් කර ඒවා ඡන්ද වලට පරිවර්තනය කර ගැනීමට ය. තත්වය එසේනම් බරපතල ලෙස සිතා බැලිය යුත්තේ එය යි. මන්ද මහින්ද තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් ස්ත්‍රිය විකුණමින් සිටින බැවිනි.
එහෙයින් තවමත් ශ්‍රී ලංකාවේ ශක්තිමත් මට්ටමකට ගොඩනැගී නැති, බලයෙන් අඩු ස්තී්‍රන් හා ළමයින් රෑකගැනීම වෙනුවෙන් මීට වඩා වෙනස් විදිහකට සිතීමට ශ්‍රී ලංකා සමාජයට සිදුවනු ඇත. එසේ නොවුන හොත් ස්ත්‍රියක් වූ අපේ අම්මාටද හිමි ගෞරවය සමාජයෙන් තුරන්ව ගොස් ශ්‍රී ලංකාව ලිංගික සූදු පිටියක් වනු ඇත.