ලිඟුව පෙන්නන නරක පුරුද්ද...
මානසික රෝගයක ඔබ නොදන්නා කතාව
ගමේ කවුරුත් නාන්න ගියේ දොලේකඬේ අයිනේ තිබුණු පිං ළිඳට. වල් පඳුරු, ගහ කොළින් වටවෙච්ච ළිඳේ වතුර හීතල හින්දා ගොඩක් නාඹර පැටික්කියෝ ළිඳෙන් නාලා සැනහෙන්න හුරු පුරුදු වෙලා තිබුණා. සවස ජාමයේ එක දවසක අපූරු සිද්ධියක් වුණා. එහෙම පැටික්කියන් නාන කොට අහල පහල හිටපු ගොයියෙක් ඒකා ඇඳපු සරම එකපාරටම උනා දැම්මා. කෙලි පැටික්කියෝ මේ විලම්බීතයෙන් විගහින් පිං ළිඳෙන් නාන එක පැත්තකට දාලා ගෙදර දිව්වා. ගමේ ගැටවුන්ට මේ වැඬේ ආරංචි වෙන්ට වැඩි වෙලා ගියේ නැහැ. උන් 'සරමාව'.. අල්ලා ගත්තා. හොඳ හැටි සප්පායමකුත් ඒකාට දුන්නා. වැඬේ අහවරයි කියල උන් හිතුවා. අනේ ඒත් හරියටම මාස 1 1/2 කට විතර පස්සෙත් 'සරමා' මැණිකෙලා කිහිප දෙනෙක් නාන දිහා බලාගෙන මේ විදියටම සරම උනා දැම්මා...!
NVI1 මේ තොරතුරු කියවන ඔයාලගේ ගම්මානවලත් නගරවලත් මේ වගේ සිද්ධි අප‍්‍රමාණ වෙලා ඇති. මේ අමුතුම තාලයේ ව්‍යාධියට කියන්නේ ප‍්‍රදර්ශනකාමිත්වය (Exhibitionism) එහෙමත් නැත්නම් අශ්ලීල අශෝභන ප‍්‍රදර්ශනය කියලයි. (indecent Exposure) ඇමෙරිකාවේ නම් වාර්තා වන පොදු ලිංගික වැරදිවලින් ඉතාම ඉහළ අගයක් ගන්නා වැරැද්ද ප‍්‍රදර්ශනකාමිත්වය කියලයි Rooth කියන පර්යේෂිකාව කරපු අධ්‍යයනයකින් හෙළිවෙන්නේ.
ප‍්‍රදර්ශනකාමිත්වය සරලව නිර්වචනය කළොත් සිතාමතා තම ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට තෝරාගත් ස්ථානයන්හිදී තම නිරුවත ලිංගික අවයව ප‍්‍රදර්ශනය කිරීම කියලා කියන්නත් පිළිවන්.
මෙබඳු සිද්ධීන් ඇළ දොල ළිං වගේම මහජන උයන්, සාප්පු සංකීර්ණ මං මාවත් වගේම නිවාස සංකීර්ණ, බස්රිය හා දුම්රිය තුළදීත් සිදුවෙන බව ප‍්‍රකට කාරණයක්. බොහෝ විට මෙම ලිංගිකත්ව වැරැද්ද සඳහා යොමුවන්නවුන් ගෙන් බහුතරය පිරිමින්. ඔවුන්ගෙනුත් බහුතරයක්ම විවාපත් වූ බවයි පර්යේෂණවලින් හෙළිදරව් වී තිබෙන්නේ. එක්වරම තමන්ගේ කි‍්‍රයාව නිසා තරුණියන් කාන්තාවන් වික්ෂිප්තියට පත් වීම ආශාවන් ප‍්‍රමුදිත වීමට හේතුවෙයි. ශී‍්‍ර ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල මෙබඳු හැසිරීමක් අපරාධ වරදක් ලෙසට නම් කර ඇත.
ප‍්‍රදර්ශනකාමිත්වයට ලොල් වූවන් ගේ හැසිරීම් ගිම්හාන මාසවලත් උණුසුම් කාල වකවානු තුළත් වැඩිපුර දක්නට ලැබෙන බවද හෙළිදරව් වෙයි. ප‍්‍රදර්ශනකාමයට ලොල් වූවන්ගේ රැකියාවන්ද විවිධය. විවිධාකාරයේ රැකියාවන්හි ඔවුන් නිරතව සිටිති. වරෙක ලංකාවේ සුප‍්‍රකට සිනමා ශාලාවක ඕඞීසී ආසනයේ තනිවම හුන් තරුණයකු ඔහු දෙපස වාඩිලා ගෙන හුන් යුවතියන් දෙදෙනකුට චිත‍්‍රපටය ආරම්භ කරන්නට සිනමාශාලාවේ විදුලි පහන් අඩවන් කරද්දී ඔහුගේ ලිංගික අවයව ප‍්‍රදර්ශනය ආරම්භ කළේය. විරෝධයක් යුවතියන්ගෙන් එල්ල නොවන විවේක කාලයද උදාවිය. ඔහු බිය සැක අතහැර තම 'ප‍්‍රදර්ශනය' පටන් ගත්තේය. .පටාස්. එක් තරුණියක් තරුණයාගේ කම්මුලට පහර දුන් අතර අනෙක් තරුණිය ඔහුගේ ගෙලෙන් අල්ලා ගත්තේය. මොහොතකින් අසල රැස්වුණ පිරිසට කාරණය වැටහුණි. තරුණියන්ගෙන් එකියක කාන්තා පොලිස් නිලධාරිනියකි අනෙක් එකිය ඇගේ මිතුරියකි. තරුණයාගේ ප‍්‍රදර්ශනය එතැනම තහනම් විය. ප‍්‍රදර්ශකයාගේ තොරතුරු අදාළ පොලිසිය ලබා ගන්නා ලදී.
ප‍්‍රදර්ශනකාමිත්වයට යමෙකු ගොදුරු වන්නේ ඇයි? ඒ සඳහා යොමුවන සාධක කවරේද යන්නත් දැනගැනීම වැදගත්ය. මොවුන් පිළිබඳව දිගුකාලීන අධ්‍යනයන් කළ උසඑ.සට නම් පර්යේෂකයා සඳහන් කරන්නේ පෞරුෂත්ව ගැටලූ, නොමේරූ පෞරුෂත්වයන්ට ගොදුරු වී ඇති බහුතරයක් මෙම චර්යාව ප‍්‍රකට කරන බවයි. තමන්ගේ ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට යොමුවීමට ලජ්ජාව සහ බිය මේ ගැටලූවට මූලික වූ හේතුව ලෙසට ඔහු සඳහන් කරයි. ඇතැම් විට මෙම චර්යාවන් සමගම මොවුන් බහුතරයක් ස්වයං වින්දනයේ යෙදෙන්නෙත් මෙකී ගැටලූව නිසා බවද ඔහු ප‍්‍රකාශ කරයි. මොවුන්ගෙන් බහුතරයක් කුඩා කාලයේදී තමන්ගේ මව සමගින් ඉතා සමීපස්ථ සබඳතාවක් පවත්වාගෙන ගිය බවද ඔහු තවදුරටත් අනාවරණය කරයි.
witzig මෙම චර්යාවේ නියුතු වූවන්ගෙන් හරි අඩක්ම විවාහ වූවන් බව තම පර්යේෂණවලින් තහවුරු කරයි. මේ හැසිරීමට යොමු වූ විවාහකයන් ගැන ඔහු අපූර්වතම හෙළිදරව්වක් කරනවා ..මේ උදවිය එහෙමත් නැත්නම් කසාද බැඳල ඉන්න ප‍්‍රදර්ශනකාමයට යොමුවෙච්ච විවාහකයන් තම තමන්ගේ ගෙවල්වලදී අඩුම තරමින් තමන්ගේ නෝනලා එක්කලා ලිංගික කාරණා කටයුතු ගැන කතා කරන්නවත් කැමති අය නොවෙයි. අඩුම තරමින් එයාලගේ නෝනලා ඉස්සරහා තමන්ගේ ඇඳුම් උනා දමන්නටවත් මේ අය කැමති නැහැ. ඒ වුණත් තෝරාගත් කාන්තාවන්ට තෝරාගත් තැන්වලදී තමන්ගේ නිරුවත පෙන්වන්ට මෙයාලා පුරුදුවෙලා හිටියා. (Witzig J.S. The Group Treatment of Male exhibitionism, 1968 75, 81)
මෙවැන්නන්ගේ විවාහ ජීවිත ගැන තොරතුරු සොයා බැලූ බොහෝ පර්යේෂකයන් කියන්නේ ඔවුන් විවාහ දිවියට පා තබා ඇත්තේ තම තමන්ගේ පවුල්වලින් එල්ල වූ කරදර කිරීම් හා පීඩනය නිසා බවය. ඔවුන් බොහෝ දෙනා යුග දිවියට පා තබා ඇත්තේ ද කල් ඉකුත්ව ගිය පසුවය. මේ නිසාම පවුලක් අභ්‍යන්තරයෙහි ඔවුන්ගේ ලිංගික කාර්ය සාධනය පිළිබඳව ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාරණා ගිලිහී ගොස් තිබිණි.
තමන්ටත් අන් පිරිමින්ට මෙන් අසමාන කාය බලයක් ලිංගික ශක්තියක් හා හැකියාවක් තිබෙන බවට තම ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට පෙන්වා ඔප්පු කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබූ බවද අසම්මත ලිංගික චර්යා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ Apfeiberg, sugar, සහ Pfeffer නම් පර්යේෂකයන් පෙන්වා දෙති. තමන්ගේ ලිංගික හැකියාව (potency) අනෙක් කාන්තාවන්ට පෙන්විය හැකි ..හොඳම ක‍්‍රමය.. මෙය බවට ඔව්හු ප‍්‍රදර්ශනය කිරීම තෝරාගෙන සිටියහ.
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ තමන් හුදකලාව පෙළෙන මානසික පීඩාකාරී තත්ත්වයන්හි ප‍්‍රකාශනයක් ලෙසට මෙය එළිදැක්වෙන බවය. බොහෝ විවාහකයන් මෙන් හේ නිරුවත වෙනත් කාන්තාවන්ට තරුණියන්ට හා සිසුවියන්ට පෙන්වන්නේ ඔහුගේ විවාහක දිවියේ ඉස්මතු වන බරපතළ ගැටලූකාරී තත්ත්වයන් නිසාය යන්න ප‍්‍රකට මතයක්ව පවතී. මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළ Rentzel 1972 නම් පර්යේෂකයා පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථාවලදී තමන්ගේ විවාහ දිවියේ සහ පුද්ගල දිවියේ හට ගන්නා ඇතැම් ගැටලූ නිසා ඇතැම් විටෙක කාන්තාවන් පවා ප‍්‍රදර්ශනකාමිත්වයට යොමුව තිබූ අවස්ථාවන් තිබෙන බවය.
ලංකාවේ සුප‍්‍රකට නගරයක් ආශි‍්‍රතව පිහිටා තිබෙන සරසවි කාන්තා නේවාසිකාගාරයක අද්දර ගුරු පාරක සිට සතියකට මාසයකට වරක් මෝටර් රියකින් පැමිණෙන එක්තරා තැනැත්තෙකු එම නේවාසිකාගාරයේ සිසුවියන් වැඩිපුර රැඳෙන අවස්ථාවල් තෝරාගෙන එක්වරම තමන්ගේ මෝටර්රිය පාර අයිනේ නවතා එහි දොර හැර තමන්ගේ ඇඟලූම් ඉවත් කර තමන්ගේ නිරුවත ඔවුන්ට පෙන්වන්නට හුරු පුරුදුව සිටියේය. බොහෝ ආයාසයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර විමර්ශනවලදී ඔහු කියා සිටියේ තමන් විවාහකයකු බවත් තමන් සහ තමන්ගේ බිරිඳත් සමගින් යහපත් ලිංගික ඇසුරක් නොපවත්වන වගය.
තවත් මේ ආකාරයෙන්ම වැදගත් තරුණයකු පිටකොටුවේ සිට කළුතර දක්වා ගමන් කරන සීඝ‍්‍රගාමී බස්රියවල ගමන් ගැනීමට හුරුව සිටියේය. ඔහු බස් රියට නගින්නේ ඉංගිරිසි පොතක් අතැතිවය. ටික දුරක් බස්රිය යන විට එම පොත උකුලට ගන්නා ඔහු තමන්ගේ අසුනට යාබද අසුනේ රූමත් තරුණියක් හෝ කාන්තාවක් සිටිත් නම් ..පොත.. ඉවත් කරන්නේ හදිසියේය. එවිට නිරාවරණය වන්නේ ඔහුගේ "අවයවයන්ය" මේ තැනැත්තා අත්අඩංගුවට පත්වූ අතර පසුව කෙරුණු හෙළිදරව් වූයේ මොහු ඉංජිනේරු ශිෂ්‍යයකු බවත් තමන් පේ‍්‍රමවන්තියන් කිහිපදෙනකු ඇසුරු කළත් ඔවුන් සමග නරක ඇසුරකට නොගිය බවත් මේ ක‍්‍රමය තමන්ට මහත් සතුටක් ලබාදෙන්නට සමත් වූ බවය.
ඉහත කී විවාහකයාත් පසුව කී ඉංජිනේරු සිසුවාත් යාන්තමින් නීතියෙන් ගැලව ගියත් ඔවුන්ගේ චර්යාව අත්හැර දමා නැත. ඔව්හු තවමත් මේ හැසිරීමේ යෙදෙති. ඔවුන්ව අල්ලා තලා පෙලා යටි පල්ල තලා දැමුවද ඔවුන්ට මේ චර්යාවෙන් අත්මිදීම අසීරුය. ඒ සඳහා වඩාත් ඉහළ මනෝ ප‍්‍රතිකාර අවැසිය. එහෙත් එබඳු තැනැත්තන් අල්ලාගත් විට දණ්ඩනය ප‍්‍රතිකර්මයක් නොවන බව පොලිසිය ද වටහා ගැනීම වඩාත් යහපත්ය.
අනෙක් අතට මතක තබාගත යුතු වැදගත්ම කාරණාවක් ද ප‍්‍රදර්ශනකාමීන් සම්බන්ධව ඇත. එනම් ඔවුන්ගෙන් ඇතැම් අය සමහර විටෙක බරපතළ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී සිටීමට ද ඉඩකඩ ඇති බවය. (Severely Mentally Retarded) ඔවුන්ගෙන් ඇතැම්හු තරුණයන් වියපත් වුවත්, පිරිමින්, කාන්තාවන් වන්නට ද පිළිවන. ඇතැම් මානසික රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ (Senile brain deterioration) නම් ව්‍යාධික තත්ත්වයේදී තමන්ගේ හාත්පස සමාජයේ ඇති යහපත්ම පාලනයන් පිළිබඳ තඹයකට මායිම් නොකර හැසිරීමට ද ඔවුන්ට සිතෙන බවත් ඒ අනුව ඔවුන් හැසිරෙන බවය.
ඇතැම් විශාරදයන් පෙන්වා දෙන්නේ තම අන්‍යයන්ට එක්වර පෙන්නා ..ආනන්දයක්.. ලබන තැනැත්තන් පෞරුෂත්ව ව්‍යාධීන්වලට තදින් ගොදුරුව සිටින වගය. ඔවුන්ගේ ඉතිහාසයේ ඔවුන් අධ්‍යාපනය අතින්ද බරපතළ ලෙස කඩාවැටුණු චරිත බවට පත්ව සිටි අතරම ඔවුන්ගේ රැකියා වාර්තාවන් ද පැහැදිලිව පෙන්නුම් කර තිබුණේ දුබලතාවන්ටය. මෙබඳු ප‍්‍රදර්ශනකාමියකු දුටු විට ඔහුගේ ඇටකටු තලා දමන්නට පෙර ඔබ කල්පනා කළ යුත්තේ ඉහත කාරණා සියල්ලමය
ඩබ්ලිව් ඒ. සරත්චන්‍ද්‍ර මහතා (සමාජවිද්‍යාව හා අපරාධ විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.) විසින් දිවයින පුවත්පතට ලියනලද ලිපියකි.

yako kohe da thiyenne ehema ekak