ලිබියාවේ ගංවතුරින් මියගිය ගණන 3000ට ආසන්න වෙයි..6000ක් අතුරුදහන්..🌀

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලිබියාවේ ඇති වූ ඩැනියෙල් කුණාටුව නිසා අවම වශයෙන් පුද්ගලයින් 2000කට වැඩි දෙනෙක් මිය ගොස් ඇති බව ලිබියානු රතු කුරුස සංවිධානය පවසනවා

    කෙසේ වෙතත්, නැගෙනහිර පදනම් වූ ලිබියානු ජාතික හමුදාවේ (LNA) ප්‍රකාශක අහමඩ් මිස්මාරි පවසන පරිදි 2,000 වැඩි පිරිසක් මිය ගොස් තවත් 6,000 ක් පමණ අතුරුදන් වී තිබෙනවා

    ඩැනියෙල් සුළි කුණාටුව පසුගිය ඉරිදා උතුරු අප්‍රිකානු දේශයට ළඟාවීමෙන් පසු බලධාරීන් විසින් දැඩි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

    දැඩි ගංවතුර නිසා ඇතිවූ පීඩනයෙන් ඩර්නා හි වේලි දෙකක් කඩා වැටි ඇති බවද සඳහන් වනවා

    බෙන්ගාසි, සූසේ, ඩර්නා සහ අල්-මාර්ජ් යන නැගෙනහිර නගරවලට ඩැනියෙල් කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

    මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව ලිබියානු රතු කුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර අවම වශයෙන් නිවාස 150 ක් පමණ විනාශ වී ඇති බවද එම නිවේදනයේ සඳහන් .

    ලිබියානු හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර අතුරුදහන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි

    නැගෙනහිර ප්‍රදේශ සමග බටහිර නගරය වන මිස්රාටාද ගංවතුරෙන් පීඩාවට පත්ව තිබෙනවා

    නැගෙනහිර ලිබියාවේ නිලධාරීන් විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් සහ වෙළඳසැල් මෙන්ම ප්‍රධාන තෙල් වරායන් හතරක්ද වසා දමා ඇති බව සඳහන්..





     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ළගදී හඳ මාමා ඵහෙම ලොකු වුනේ ඕවා වෙන්න තමා..ලංකාවටත් ලේසි වෙන ඵකක් නෑ ඉස්සරහට.