ලියා එවනෙමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනක් නිමවී යලිත් දිනකට
    ඉරක් පායන වෙලාවේ.......
    මලක් විකසිත කෙරෙන තරමට..
    ලදක් අළුයම සිනාසේ..........
    රටක් බබලන ශ්‍රියාවන් ඇගෙ..
    හෙලා නොහෙලා ගියාවේ......
    සදට නොදෙවෙනි ඇගේ වත ලග..

    ‍සිරිකතත් පැරදුනාවේ.......

    පොත් මිටක් දෑතින් බදාගෙන..
    හදිස්සියකිනි ඇදෙන්නේ.......
    උදෑසන පිනි බිදක් හෙමිහිට..
    නලලෙ හැඩ දෝ බලන්නේ....
    පුළුලුකුල හැඩ කරන තාලෙට..
    දැහැන් සිද බිද දමන්නේ..........
    වසන්තය පිබිදිලා අළුයම...
    ආල සිතුවිලි නැගෙන්නේ........

    ලෝල පෙම් සිත වසන් කරමින්...
    දසන් පා හසරැලි නගා..............
    ආලෙ රන්දා ලීලෙ බන්දා...
    සිත් පැතුම් අකුරට තබා........
    කෝල ඔය හිත ලබා ගන්නට...
    ඉඩ හසර ඇතිදැයි අසා......
    ලියා එවනෙමි ආල සිතුවිලි....
    හද පිරුනු පැතුමන් දරා....

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාව ඕනා
    සසරේ පුරාම මතකේ තියාන සෙනෙහෙ ලබන්න ඕනා .....

    :oo::dull:
    8.gif
    මට දැං බං මේක මීටර් උනේ.. මේක සින්දුවක් නේද :rolleyes::cool: