ලිවීමේදී දත යුතු කරුණු.......
ලිපි ලේඛන යතුරුලියනයේ දී ද එය කි‍්‍රයා කරන්නන් අතින්ද සිදුවන වැරැදි බොහෝ ය. ලිපියේ සඳහන් වචන යොදන අතර ඔහුගේ හෝ ඇගේ හිතේ තිබෙන තමාට නිවැරැදි යයි සිතන වචන හෝ අක්‍ෂර ඉබේම ලේඛනයට එකතු වේ. පලවත් යන වචනය බලවත් නොවන බවත් “බ” වෙනුවට “ප” යොදන ලෙස සෝදුපත් බලා මා තෙවරක් කීවත් යතුරුලියනය කළ අය අතින් එය සිදු නොවීය. පොත මුද්‍රණයෙන් නිකුත් වූයේ බලපත් යන වැරැදි වචනය සමඟ ය. කෙසේ වෙතත් ඔවුන්ට දොස් පැවරිය නොහැකි ය. මා විශේෂ අවධානයකින් විමසිලිමත් වූවා නම් ඒ වරද එසේ සිදුනොවන්නට ඉඩ තිබුණි’ධර්‍මය, කර්මය, පර්‍වතය, භාය¸ සූය¸යා, කාය්‍යලය, මහාචාය¸ යන වචන ලිවීමේ දී යෙදෙන රේඵය අද භාවිතයට නොගැනේ. එම වචන ධර්මය, කර්මය, පර්වතය, භාර්යාව, සූර්යයා, කාර්යාලය, මහාචාර්ය වශයෙන් රේඵය ඉවත් කර “ර්” යොදා ලිවිය හැකි ය. නවීන තාක්‍ෂණය අනුව යතුරුලියනයට ද එය පහසුය. තත්වය,සත්වයා යන වචන තත්ත්වය, සත්ත්වයා වශයෙන් ද ලිවිය හැකි ය.
“ට, ඩ” අක්‍ෂරවලට මුලින් මූර්ධජ ‘ණ’ යෙදේ. ඝණ්ටාව, ආණ්ඩුව, ඒදණ්ඩ, පණ්ඩිත, මණ්ඩලය, හොණ්ඩරය, රණ්ඩු, චණ්ඩ, කෙණ්ඩිය, කණ්ඩුල, ආදී වශයෙනි. ඝණ්්ටාව යන වචනය ඝණ්ඨාව යනුවෙන් ලිවීම වැරැදිය. ඉංගී‍්‍රසි භාෂාවේ ආභාසයෙන් එක්වුණු වචන ලිවීමේ දී දන්තජ න යෙදේ. බ‍්‍රැන්ඩි, ටෙන්ඩර්, කැලැන්ඩර්, ඇන්ටනාව, සිලින්ඩරය, ඇලෙක්සැන්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ් යන වචන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. “ර”, “ඍ” අක්‍ෂර හා රකාරාංශයට පසුව මූර්ධජ ‘ණ’ යෙදේ. ඉරණම, අනුකරණය, වාරණය, උදාහරණ, ආවරණ, අනාවරණ, සමීකරණ, පිළිසරණ, ඍණ, ශ්‍රේණිය, මිශ‍්‍රණය, ප‍්‍රණීත, ප‍්‍රණාමය, ප‍්‍රමාණය, ජයග‍්‍රහණය ආදී වශයෙනි. මෙහි ශ්‍රේණිය හා මිශ‍්‍රණය යන වචන දෙක ගැන සලකා බලමු. තාලුජ ශා යන්නට පසුව දන්තජ න යෙදුනත් එය මෙහි දී වෙනස් වන්නේ එම වචනවල, රකාරාංශය යෙදී තිබෙන නිසා ය. “ර” ට පසුව දන්තජ ‘න’ යෙදෙන වචන මෙසේ ය. ඒවායින් කි‍්‍රයා අර්ථයක් දෙයි. අතුරන, දරන, වදාරන, හදාරන, සූරන, පිරිනමන, උරන, කලකිරෙන, පවරන, මතුරන, උතුරන, කරන, මරන, කොඳුරන, තෝරන, මෝරන, පුපුරන ආදී වශයෙනි. නිර්නාමික, කුරානය, ඉරානය වචනවල ද දන්තජ න යෙදේ.මූර්ධජ “ෂ” ට පසුව මූර්ධජ “ණ” යෙදේ. ආකර්ෂණ, උෂ්ණ, භූෂණ, දූෂණ, ගවේෂණ, රක්‍ෂණ, සම්භාෂණ, නිරීක්‍ෂණ, පෝෂණ, පාෂාණ, යක්‍ෂණී, භික්‍ෂුණිය, භීෂණ, විශේෂණ ආදී වශයෙනි. “පිළි” මුලට යෙදෙන බොහෝ වචනවල මූර්ධජ “ළි” යෙදේ. පිළිගැනීම, පිළිකුල්, පිළිපදින, පිළිල, පිළිවෙළ, පිළියෙල, පිළිම, පිළිබඳ, පිළිකෙව්, රෙදිපිළි, පිළියම්, පිළිතුරු, පිළිකා, පිළිරුව උදාහරණ වේ. එහෙත්් දන්තජ “ලි” යෙදෙන අවස්ථා ද තිබේ. කෙසෙල් පිලි,,මොනර පිලි, පාපිලි, ඇලපිලි, හල්පිලි, ඉස්පිලි, ඇදහිලි, අස්පිලි යනාදියයි.
තාලුජ “ශ” අක්‍ෂරයට පසුව දන්තජ “න” යෙදේ. දර්ශන, ප‍්‍රශ්න, විමර්ශන, දාර්ශනික, ප‍්‍රකාශන, සංදර්ශනය, නිදර්ශන, ප‍්‍රදර්ශන, උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.”ල, ළ” එක ළඟ යෙදෙන විට පළමුවැනි අක්‍ෂරය මූර්ධජ “ළ” වේ. නළල, පළල, වළලු, බළලා, අළලන, පිළිල, උළෙල, කැළල ආදී වශයෙනි. එහෙත් එක ළඟ “ල, ල” දෙකම යෙදෙන වචන ද තිබේ. කලල්(මඩ), මලල කී‍්‍රඩා, ලලන, ලාලන, කුකුලල, කලලරූපය උදාහරණ වේ.මුලට මූර්ධජ “ළ” යෙදෙන වචන ළය රෝහල, ළතෙත්වීම, ළගන්නාසුලු, ළඳ, ළිඳ, ළිප, ළඟ, ළාදළු, ළයාන්විත, ළහිරු, ළපටි, ළදරු, ළන්ද, ළය පිළිකා, ළමයා, ළමිස්සි, ළතෝනිය, ළැව්ගින්න, ළිහිණියා යනා දී වශයෙනි. ගඩොළ ඒක වචන නාම පදයකි. එහි බහු වචනය ගඩොළු වේ. එහෙත් දැනට පාසල් පොත්වල ද පොතපතෙහි ද ගඩොල, ගඩොල් වශයෙන් මූර්ධජ ඉවත්වී දන්තජ යෙදී තිබේ. එය උච්චාරණයට ද පහසු ය. කුකුළා යන ඒක වචන නාම පදයෙහි බහු වචනය කුකුල්ලු වේ. එහි මූර්ධජ ඉවත් වී තිබේ. කුකුල් මස් යනුවෙන් දැන්වීම් පුවරු දක්නා ලැබේ. කුකුළු මස් කියා කියනවාට වඩා කුකුල්මස් කියා කීමේද උච්චාරණය පහසු ය.හෙළ හවුලේ සමහර අය සමනළයා යන්න මූර්ධජ “ළ” යොදා ලියති. ඔවුන් පවසන්නේ සමාන නළ දෙකක් සමනළයාට තිබෙන නිසා එසේ මූර්ධජ ළ යොදන බවය. එම ඒක වචන නාම පදයේ බහු වචනය ලිවීමේ දී ප‍්‍රශ්නයක් මතු වේ. එනම් සමනල්ලු කියා ලිවීමට සිදු වීම ය. පසුගිය විභාගයක පිළිතුරු පත‍්‍ර පරීක්‍ෂා කිරීමේ දී පෙනී ගියේ අයදුම්කරුවන් සමනළයා, සමනලයා යන වචන දෙකම ලියා තිබෙන බව ය. නිවැරැදි වචනය තෝරා ගැනීමට නිලධාරියෙක් සිංහල භාෂා විශාරදයකු වූ මහාචාර්යවරයෙකුගෙන් විමසූ විට එතුමා පවසා තිබෙන්නේ වචන දෙකම නිවැරදිකොට සලකා ලකුණු දෙන ලෙස ය. මූර්ධජ ළ දන්තජ ල යොදා එකම වචනය දෙවිධියකට ලිවීමට ඉඩදීම සුදුසු නැත.
දළුව ඒක වචන නාම පදයකි. දළු යනු එහි බහු වචන නාම පදයයි. එහෙත් දල්ල, දලු කියා ද පොත්පත්වල ලියැවී තිබෙනු පෙනේ. දළුව, දළු වඩාත් නිවැරැදි බවයි අපගේ හැඟීම. කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය යනුවෙන් දැන්වීම් පුවරු පසුගිය කාලයේ බොහෝ විට දක්නට ලැබිණි. එය කොට්ඨාස යනුවෙන් නිවැරැදි විය යුතුය. දැනට එම වෙනස සිදුවෙමින් පැවතීම අගය කළ යුතුය.ශූර, සූර යන වචන දෙක ව්‍යවහාරයේ යෙදෙන ආකාරය විමසා බැලීම. ශූර යෙදෙන්නේ කී‍්‍රඩා ශූරතාවය, ඔහු ඉගෙනීමේ ශූරයෙකි. වශයෙනි. සූර, සූරීන්, සූරීහු යෙදෙන්නේ කුමාරතුංග මුනිදාස සූරීහු හෙළ බසට මහ මෙහෙයක් කළහ, යනුවෙනි. නිත්‍ය බහු වචන පිළිබඳ ව අවධානය යොමුකිරීම ඇතමෙක්, කෙනෙක්, සමහරෙක්, අයෙක්, කිසිවෙක්, යමෙක්, සමහරු, කවුරු මේවා නිත්‍ය බහු වචන වශයෙන් සැලකේ. මේවා උක්තවන විට ඒවා හා බැඳෙන කි‍්‍රයාව බහු වචන ගනී. ඇතමෙක් වන්දනාවේ යති. කෙනෙක් ගුණ දම් රකිති. අයෙක් සුරා මතින් නටති. කවුරු මේවා විශ්වාස කරත් ද? ආදී වශයෙනි.එහෙත් එක්කෙනෙක් පමණක් යන හැඟීමෙන් අයෙක්, කෙනෙක් යන නිත්‍ය බහු වචන පද උක්ත වන විට කි‍්‍රයාව ඒක වචන ගනී. පන්තියේ ළමයින් ගෙන් එක්් අයෙක් අත ඔසවයි. දුවන ළමයින්ගෙන් එක් කෙනෙක් බිම වැටුනේය. අනුරාධපුරයේ දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් රාජ්‍ය කළේ ය. හිමාලයෙන් එක් තාපස කෙනෙක් අසල ගමකට ආවේ ය. ආදී වශයෙනි.
(ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර)