ලී ක්වාන් යූ විශ්‍රාම ගනී.
නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන හිටපු අගමැති ලී ක්වාන් යූ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඊයේ (14) ප්‍රකාශයට පත්කළා. හිටපු අගමැති ගෝචොක් ටොං ද මෙලෙස ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. සිංගප්පූරුවේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීම යොවුන් පරපුර වෙත පැවරීම සිය තීරණයේ අරමුණ බව හිටපු අගමැතිවරුන් දෙදෙනා ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 87 හැවිරිදි ලී ක්වාන් යූ 1959 වසරේ සිට 1990 දක්වා වසර 31 ක් සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, සිංගප්පූරුව නූතන සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වූයේ එම කාලය තුළයි.



