ලී ක්වාන් යූ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Lee-Kuan-Yew-of-Singapore.jpg

    ලී ක්වාන් යූ යනු මොන වගේ ප්‍රඥාවන්තයෙක්ද?...... ඔහු බටහිරින් එන නූතන දැනුමේ මූලික ස්වරූපය බොහෝ විට හමුවන්නේ ඉංග්‍රීසි බසින් බව හැඳින, තම ජනතාවට ඉංග්‍රීසියෙන් හිතන්නත්, ඉංග්‍රීසියෙන් වැඩ කරන්නත් හුරු කලේය......ඉංග්‍රීසිය සිය "මව් බස" ලෙස පිළි නොගත් හෙතෙම, එය "වැඩකරන බස" ( Working Language ) බවට පත් කලේය..... සිංග්ගප්පූරු වැසියන්ගේ ඊනියා මව් භාෂා වූ " මැන්ඩරීන චීන, මැලේ චීන " ආදී භාෂාවන්ට ඊනියා මව් භාෂා තනතුරේම දිගටම ඉන්නට හැරිය ලී ක්වාන් යූ, එරට අධ්‍යාපනය ලබා දෙන භාෂාව සහ වැඩකරන භාෂාව බවට ඉංග්‍රීසිය පත් කලේය......
    පහතින් තිබෙන්නේ ඔහු නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනුබද්ධිත "ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්" වෙත 2007 වසරේදී ඔහු ආ ගමන් මග පිළිබඳව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී, ඉහත කී පෙරැළිය පිළිබඳව සඳහන් කළ කොටසයි.....එහිදී ඔහු ශ්‍රී ලංකාව ඉංග්‍රීසියෙන් සිංහලයට හැරී, දමිළ ජනයා කොන් කිරීම නිසා ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයක් උපත ලැබූ හැටිත්, සිංග්ගප්පූරුවේ ඔවුහු සියළු ජාතීන් ඉංග්‍රීසි බස සෙවණෙහි ඒක රාශී කිරීමෙන් සාර්ථක ඵල ලැබූ හැටිත් ගැන කියයි.....
    මේ ප්‍රකාශය ඔහු කරන්නේ ගෝලීයකරණයට දොරටු හැරීම තුළ සිංග්ගප්පූරුව බඳු අග්නිදිග ආසියාතික රටවල් සංස්කෘතික වශයෙන් මිශ්‍ර වී තිබීම ගැන ඔහුගෙන් අසන ලද පැනයකටය......එහිදී ඔහු සංස්කෘතික මිශ්‍රණය සහ බටහිර සම්ප්‍රදායන් රට තුළට ඒම ගැන කම්පාවකින් තොරව කථා කරයි.....එම සංස්කෘතික මිශ්‍රණය මගින් යම් තාක් දුරකට පරම්පරා පරතරයක් සිදුව ඇති බව, එතුමා පිළිගනිතත්, එය නරක දෙයක් බව නොකියයි..... එසේ නොකර මියන්මාරය, චීන, ඉන්දුනීසියානු, තායිලන්ත, ඉන්දීය ආදී රටවල් ගණනාවකින් තම රටට ආ සංස්කෘතික ආභාෂය සහ එම භාෂාවන් පමණක් බදාගෙන හිටියා නම්, තමන්ට ආර්ථික වශයෙන් බෙහෙවින්ම දුෂ්කර කාළයකට මුහුණ දෙන්නට තිබූ බවට හෙතෙම ඉඟි ඵල කරයි......
    //..... It's already diluted and we can see it in the difference between the generations. It's inevitable. One of the things we did which we knew would call for a big price was to switch from our own languages into English. We had Chinese, Malay, Indian schools — separate language medium schools. The British ran a small English school sector to produce clerks, storekeepers, teachers for the British. Had we chosen Chinese, which was our majority language, we would have perished, economically and politically.
    Riots — we've seen Sri Lanka, when they switched from English to Sinhala and disenfranchised the Tamils and so strife ever after. We chose — we didn't say it was our national language — we said it was our working language, that everybody learns English whatever language medium school you go to. Which means nobody needs interpretation to read English.
    So, our sources of culture, literature, ideas are now more from the English text than from the Chinese or the Malay or the Tamil...//
    මෙම සම්මුඛ සාකච්ඡාව පහත පළමු කමෙන්ටුවේ තිබේ.... එය කියවන්න........ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ඉදිරියේ ජාතිකාභිමානය ගැන හිස් වචන හලනවා වෙනුවට, එදා 1965 දී මැලේසියාව විසින් සිංග්ගප්පූරුව තම රාජ්‍ය සන්ධානයෙන් ඉවත් කළ මොහොතේ සිට අද පවතින සුපිරි පළමුවැනි ලෝකයේ රට දක්වා වුවද, තමන් මුහුණ දෙන තත්වයන් වල යථාර්තය එතුමා ඉතා සරලව පිළිගනියි......තමන් හිස නැමිය යුතු සාධක බොහොමයක් තිබෙන බවත්, තම රටේ පැවැත්ම ඇත්තේ ඒවාට මුහුණ දෙන්නට කරනු ලබන තෝරා ගැනීම් සහ ගන්නා තීන්දු වල බුද්ධිමත් බව මතය යන්නත් පිළිගන්නට එතුමා මැලි නොවෙයි.....
    ඔහු කිසි විටෙකත් සිංග්ගප්පූරුව ඊනියා "ලෝකෙන් උතුම් රටක්" බවත්, එහි සංස්කෘතිය සහ සභ්‍යත්වය, මෙන්ම භාෂාව ද "ලෝකයේ හොඳම ඒවා" බව කියන්නේත් නැත.....ඒ වෙනුවට ඔහු දිගින් දිගටම කියන්නේ රැකෙන්නටත්, යැපෙන්නටත්, පොහොසත් වෙන්නටත් ඔවුන් ජාත්‍යන්තර සමග ස්ථානගත විය යුතුය යන කටුක යථාර්තය පමණි.....ඉහත කී දේවල් වලට කළ යුතු වෙනස්කම් කළ යුතු බව පමණි.......
    1946 වනවිට ජපානය යටත් වී දෙවැනි ලෝක යුද්දය අවසන් වූ අතර, ජපානය විසින් විනාශ කරන ලද සිංග්ගප්පූරුවේ පැවතියේ සුන්බුන් ගොඩක් සහ මඩු කූඩාරම් ගොඩක් සහිත මුඩුක්කු කිහිපයක් පමණි..... මුළු දිවයිනටම තිබුනේ පාසැල විස්සක් පමණි......1946 සිට1963 දක්වා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ මෙම දූපත, 1963 වසරේදී මැලේසියානු ආර්ථික ෆෙඩරේෂනයට එක්වූයේ, එම දූපත තනි රාජ්‍යයක් ලෙස පවතින්නට කුඩා වැඩි යැයි බොහෝ දෙනා සිතූ නිසාය.....
    නමුත් මේ රටවල් දෙකේ පාලකයන් අතර ඇතිවූ විරසකය, ආර්ථික ප්‍රතිපත්ති වල විෂමතාවය, ආගමික මතවාද වල පරස්පරතා, වාර්ගික ගැටලු ආදී බොහෝ දේ නිසා ඉස්ලාමික නැඹුරුවක් තිබූ මැලේසියාවේ එවකට අගමැති වූ ටුන්කු අලි අබ්දුල්ලා අල්හාජ් අබ්දුල් රහ්මාන් විසින් සිංග්ගප්පූරුව නම් වූ බහුතරය කොන්ෆියුසියානු දහම අදහන, සර්ව ආගමික, බහුජාතික රාජ්‍යය සිය මලයානු ෆෙඩරේෂනයෙන් 1965 දි නෙරපා හරින ලදී.....
    මැලේසියාව නැතිව ජීවත් වන්නේ කොහොමදැයි කල්පනා කළ සිංග්ගප්පූරුවේ බොහෝ නායකයන්ගේ ඇස් කඳුළින් තෙත් කළ 1965 අගෝස්තු මාසයේ නම වැනිදා, ලී ක්වාන් යූ මුල් වරට රටක් හැටියට සිය පිහිටීමේ වැදගත් කම මතක් කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කලේය...... එතැන් පටන් ලී ක්වාන් යූ ලෝකයට අළෙවි කලේ මෙම පිහිටීමයි.....
    - සිංග්ගප්පූරුවේ පිහිටීම ලෝක නාවික කේන්ද්‍රස්ථානයක වූ බැවින්, හෙතෙම ඇමරිකානු සහ බටහිර යුරෝපීය සහාය ඇතිව එවකට පැවති වරාය හෙවත් බ්‍රිතාන්‍ය මලයාවේ "ගැම්බියර් සහ ගම්මිරිස් තොටමුණ", අති නවීන දැවැන්ත වරායක් කලේය....
    - එරට අනාගත සංවර්ධනය ඇත්තේ ධනවත් බටහිර රටවල් සමග ගණුදෙණු කිරීම මත පමණක් බවත්, එය එසේ නොවුවහොත් තමන්ට කුසගින්නේ මිය යන්නට සිදුවන බවත් වටහාගත් හෙතෙම, ඒ අනාගතයට ජනතාව සූදානම් කිරීම සඳහා, ඊනියා මව් භාෂා එලෙසම තබා, "වැඩකරන" භාෂාව බවට ඉංග්‍රීසි පත් කලේය.... හෙතෙම පළමුව සිංගපුරා සරසවියේ පාඨමාලා ඉංග්‍රීසියට හැරවූ අතර, පසුව ළදරු පාසැලේ සිට සියළු අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ලබාදෙන තැනට කටයුතු කලේය....
    - හෙතෙම ධනවාදී ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය සඳහා අවශ්‍ය සංස්කෘතික ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර ආගමික බලපෑමෙන් එරට ආණ්ඩුකරණය මුදවා ගෙන, ඓහික වාදී ( Secular ) රාජ්‍යයක් බවට පත් කලේය.....
    - කොන්ෆියුසියානු සහ චීන සංස්කෘතික රටාව ක්‍රමයෙන් බටහිර ලිබරල් සංස්කෘතියට නැඹුරු කළේය.....
    ලී ක්වාන් යූ යනු -
    - කේම්බ්‍රිජ් අනුබද්ධිත ෆිට්ස්විලියම් ආයතනයේ නීති උපාධි දාරියෙකුව, පසුව බැරිස්ටර් වරයෙකු ලෙස එංගලන්තයේ සේවයට ලියාපදිංචි වූ අයෙකි
    - ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් නම් ලෝ සුපතල අධ්‍යාපන ආයතනයේ මූලික හැදෑරීම් කර, එය නවතා නීතිය හැදෑරූ මුත්, පසු කළෙක ආර්ථික විද්‍යාව සම්බන්ධ නිබන්ධන කිහිපයක් සකසා යවා, එම ආයතනයෙන්ද ගෞරව උපාධියක් දිනාගත් අයෙකි
    - ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඔහු විසින් ලියන ලද ආර්ථික විද්‍යා සහ දේශපාලන ලිපි එකතු, ආදර්ශ නිබන්ධන ලෙස පුස්තකාළ ගත කර ඇත
    - ඇමරිකාවේ මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්ලොනොලොජි නම් ලෝ සුපතල ආයතනය ලී ක්වාන් යූ සිංග්ගප්පූරුවේ සන්නිවේදන ක්ෂේත්‍රය සංවර්ධනය කළ ආකාරය, සහ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවීකරණය කළ ක්‍රියාවලිය සළකා ඔහුට සම්මානනීය සාමාජිකත්වයක් ලබා දී ඇත.....
    "ලී ක්වාන් යූ - ද මෑන් ඇන්ඩ් හිස් අයිඩියාස්" යන ග්‍රන්ථයේ සම කතෘ වොරන් ෆර්නැන්ඩස් නම් මාධ්‍යවේදියා මේ මහා ප්‍රාඥයා ගැන කියා තිබුනේ මෙසේය: ( පොත මා විසින් මෙවර මිළට ගත්තෙමි )
    " ලී.....ඔහුගේ දැක්ම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්....... එදා කියපු දේ නෙමෙයි, ඔහු යමක් ගැන අද කියන්නෙ......ඔහු එදා යමක් නිර්වචනය කරපු විදියට නෙමෙයි අද කරන්නෙ...... ඔහුගේ කථා පහක් ගත්තොත්, ඒ කථා පහ පස් විදියක්.... ඒ කථා පහ යටින් ඒවා එකට බඳින රිදී රේඛාවක් නැහැ.........ඒ කියන්නෙ ඔහුගේ චින්තනය "එක දර්ශණයකට, කාගේ හෝ න්‍යායකට" කොටුවෙලා නෑ.......ඔහු අදාළ මොහොතට සුදුසුම දේ කළා.....තමන් වැරදියි කියලා තමන්ට වැටහුණොත්, තමන්ගේ දැක්ම වෙනස් කරගන්න ඔහු මොහොතකටවත් මැලි උනේ නෑ........ඔහු යමක් කළින් විවේචනය කළා උනත්, පසුව යම් තැනකට එයම යොදන්න සුදුසුයි කියලා හිතුනොත්, ඒ විවේචනය කළ දෙය බොහොම ආදරයෙන් පිළිගත්තා.......අදාළ මොහොතට, සුදුසුම දේ මිස ඔහුට වෙන දර්ශණයක් තිබුණේ නෑ........අවසානයේ ඔහු සිංග්ගප්පූරුව ජයග්‍රහණය කරා ගෙන ගියා......ඔහු බය නැතුව ලෝකය සමග මුසු වුනා.......ඒ සඳහා අපෙත් බය නැති කළා......."
    අද සිංග්ගප්පූරුවේ ඒක පුද්ගල ආදායම වාර්ෂිකව ඇමරිකන් ඩොලර් 58,000 කි.....එය ලොව අටවැනි විශාලතම ඒක පුද්ගල ආදායමයි.....වසරකට එරටට එන සංචාරකයන් ගණන එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයකි (මිලියන 17.4 - 2017 ) ... එය එරට ජනගහණය මෙන් තුන් ගුණයකි......එරට වරාය සංකීර්ණය ලෝකයේ දෙවනි කාර්ය බහුලම වරාය වන අතර, 2025 වනවිට චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත 7 ක් ඇති ලොව විශාලතම ගුවන් තොටුපළ බවට පත් කිරීමට සැලසුම් කෙරෙමින් පවතී...... 2025 වනවිට වසරකට එරටට එන සංචාරකයන් ගණන කෝටි දෙකක් වනු ඇතැයි ඔවුන් ගණන් බලා ඇත.....මෙය ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයට ආසන්නය......

    singapore-old-new.jpg

    ලී ක්වාන් යූ පිළිබඳව මිථ්‍යාව -
    ලී ක්වාන් යූ සිංග්ගප්පූරුව සුපිරි රාජ්‍යයක් කළේ ඔහු ඒකාධිපතියෙකු වූ නිසාය...
    සත්‍යය -
    ඔහු සිංග්ගප්පූරුව සුපිරි රාජ්‍යයක් කලේ ඔහු ලී ක්වාන් යූ වූ නිසාය.....අනෙක් වචනයෙන් කියතොත් London School of Economics ( LSE ) සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලය සිය විදුබිම් කරගත්, ආර්ථික විද්‍යා නිබන්ධන තුනක් ලියා ඉන් එකක් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආදර්ශ නිබන්ධනයක් ලෙස අදටත් පවතින ලෙස තැබූ කෙනෙකු නිසාය....
    තරුණ වියෙහි සිසුවෙකුක සිටියදී සමාජවාදය උගෙන, එයින් දේශපාලනයේ අත්පොත් තැබූ ලී ක්වාන් යූ, පසුව එහි නිරර්ථක බව වටහාගෙන, එය අතහැර සංස්කෘතික ලිබරල්කරණය සහ ධනවාදය තෝරා ගත්තද, ඔහු දර්ශණයකට ගැති නොවී, අදාළ වෙනස් කම් කළ යුතු මොහොතේ සාමාන්‍ය දැනීමෙන් සහ අධ්‍යාපනයෙන් ලද විද්‍යාත්මක දැනුමෙන් සිතා කළ අයෙකි....
    ඒකාධිපති පැවැත්ම ඔහුට රට හදන්නට යම්තාක් දුරකට සහාය වූ බව සැබෑ මුත්, සිංග්ගප්පූරුව දැවැන්ත ආර්ථිකයක් වූයේ ලී ක්වාන් යූ ඒකාධිපතියෙකු වූ නිසා නොව, ඔහු ලී ක්වාන් යූ වූ නිසාය....
    ඒකාධිපති වාදය යනු නියතයෙන්ම භයානක දෙයකි......සිංග්ගප්පූරුවේ වාසනාවට ඔවුන්ට ලැබුණු ඒකාධිපතියා ලී ක්වාන් යූ විය..... ඒ වාසනාව හැමෝටම එලෙසම නොලැබෙන අතර, සමහරුන්ට පොල්පොට්ලාද, තවත් සමහරුන්ට කිම් ජොන් ඌන්ලාද ලැබිණි.....ඒ නිසා ඒකාධිපතිවාදය යනු රටවල් සංවර්ධනය කරන්නට කදිම මගක් යැයි සිතා කිසිවිටෙකත් අත් හදා නොබැලිය යුතු දෙයකි.....
    ජනතාව අධ්‍යාපනයෙන් දියුණුවන විට රටවල් වලට සංවර්ධනය එනු ඇත...

    Damith kethaka
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ලී ක්වාන් යූ පිළිබඳව මිථ්‍යාව -
    ලී ක්වාන් යූ සිංග්ගප්පූරුව සුපිරි රාජ්‍යයක් කළේ ඔහු ඒකාධිපතියෙකු වූ නිසාය...

    ඒක මිථ්‍යාවක් නෙමෙයි. අපිටත් ඕනෙ ඒවගෙ නායකයෙක්. වර්තමානයේ ඒකට සුදුසු කෙනෙකුට ඉන්නෙ ගෝඨා විතරයි.

    Lee Kuan Yew

    Known to be the man who transformed Singapore from a poor agrarian society into one of Asia's wealthiest nations, Lee Kuan Yew is often called a 'benevolent dictator.'[13] As a leader who was in power for thirty-one years from 1959 until 1990,[14] he implemented some laws that were deemed to be autocratic, and attempted to dismantle political opposition. Despite this, he is often looked upon favorably for his transformation of Singapore, and is considered by many to be one of the most successful political pragmatists.[15]
     
    //ඒකාධිපති පැවැත්ම ඔහුට රට හදන්නට යම්තාක් දුරකට සහාය වූ බව සැබෑ මුත්, සිංග්ගප්පූරුව දැවැන්ත ආර්ථිකයක් වූයේ ලී ක්වාන් යූ ඒකාධිපතියෙකු වූ නිසා නොව, ඔහු ලී ක්වාන් යූ වූ නිසාය....
    ඒකාධිපති වාදය යනු නියතයෙන්ම භයානක දෙයකි......සිංග්ගප්පූරුවේ වාසනාවට ඔවුන්ට ලැබුණු ඒකාධිපතියා ලී ක්වාන් යූ විය..... ඒ වාසනාව හැමෝටම එලෙසම නොලැබෙන අතර, සමහරුන්ට පොල්පොට්ලාද, තවත් සමහරුන්ට කිම් ජොන් ඌන්ලාද ලැබිණි.....//
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    //ඒකාධිපති පැවැත්ම ඔහුට රට හදන්නට යම්තාක් දුරකට සහාය වූ බව සැබෑ මුත්, සිංග්ගප්පූරුව දැවැන්ත ආර්ථිකයක් වූයේ ලී ක්වාන් යූ ඒකාධිපතියෙකු වූ නිසා නොව, ඔහු ලී ක්වාන් යූ වූ නිසාය....//

    ඒවුනාට එයා ඒකාධිපති පාලනයක් නොකලනම් එයාට අවශ්‍ය දේ කරන්න බැරි වෙනව.
    ඒකාධිපති වාදය යනු නියතයෙන්ම භයානක දෙයකි......සිංග්ගප්පූරුවේ වාසනාවට ඔවුන්ට ලැබුණු ඒකාධිපතියා ලී ක්වාන් යූ විය..... ඒ වාසනාව හැමෝටම එලෙසම නොලැබෙන අතර, සමහරුන්ට පොල්පොට්ලාද, තවත් සමහරුන්ට කිම් ජොන් ඌන්ලාද ලැබිණි.....//

    අපිටත් දැන් ලැබිල ඉන්නව මරු බඩු ටිකක්. මුල් පුටු වල ඉන්න දෙකම මරු ඩබල. ඒ වගේම තමයි වටේට උදව්වට ඉන්න සහචරයො. හරිහමන් කවුරුවත් පේනතෙක් මානෙක නෑ. ඉන්න එකම පුද්ගලය ගෝඨ විතරයි.
    අපිට ලැබුණු වාසනාවට අපිම පයින් ගැහුව 2015 දි. දැන් 2020 අපිට ආයිත් වාසනාව උරගා බලන්න අවස්ථාවක් ලැබෙනව. ඒකටත් පයින් ගැහුවොත් මුලු රටේම අවාසනාව තමයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    See this video folks de great man crying after Malaysia rejected Singapore as a part of Malaysia...he knew Malaysia n Indonesia is de lungs of Singapore so he wanted to be a federal state of Malaysia but de Malaysian government rejected Singapore since they have more Chinese population

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    [/SIZE]
    ඒවුනාට එයා ඒකාධිපති පාලනයක් නොකලනම් එයාට අවශ්‍ය දේ කරන්න බැරි වෙනව.
    [/SIZE]
    අපිටත් දැන් ලැබිල ඉන්නව මරු බඩු ටිකක්. මුල් පුටු වල ඉන්න දෙකම මරු ඩබල. ඒ වගේම තමයි වටේට උදව්වට ඉන්න සහචරයො. හරිහමන් කවුරුවත් පේනතෙක් මානෙක නෑ. ඉන්න එකම පුද්ගලය ගෝඨ විතරයි.
    අපිට ලැබුණු වාසනාවට අපිම පයින් ගැහුව 2015 දි. දැන් 2020 අපිට ආයිත් වාසනාව උරගා බලන්න අවස්ථාවක් ලැබෙනව. ඒකටත් පයින් ගැහුවොත් මුලු රටේම අවාසනාව තමයි.

    ගෝටා සමහරවිට හොද නායකයෙක් වෙයි .මම ගෝටාගේ අධ්‍යාපනය ගැන එහෙම කියන්න වැඩිය දන්නේ නැහැ මචන් .එත් මේ කෑල්ලත් කෝට් කරගෙන යන්නම් මේ වගේ නායකයෙක් බිහි වෙන්න ඒකාධිපති කම අධ්‍යාපනය නිවැරදි අනාගත දැක් කියන තුනම ඕනි කියන එකට

    //- කේම්බ්‍රිජ් අනුබද්ධිත ෆිට්ස්විලියම් ආයතනයේ නීති උපාධි දාරියෙකුව, පසුව බැරිස්ටර් වරයෙකු ලෙස එංගලන්තයේ සේවයට ලියාපදිංචි වූ අයෙකි
    - ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් නම් ලෝ සුපතල අධ්‍යාපන ආයතනයේ මූලික හැදෑරීම් කර, එය නවතා නීතිය හැදෑරූ මුත්, පසු කළෙක ආර්ථික විද්‍යාව සම්බන්ධ නිබන්ධන කිහිපයක් සකසා යවා, එම ආයතනයෙන්ද ගෞරව උපාධියක් දිනාගත් අයෙකි
    - ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඔහු විසින් ලියන ලද ආර්ථික විද්‍යා සහ දේශපාලන ලිපි එකතු, ආදර්ශ නිබන්ධන ලෙස පුස්තකාළ ගත කර ඇත/
    /
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    අද ඉදන් නෙවේ එදා ඉදන් නිදහස ලබා ගත්තට පස්සේ ඩ් එස් සේනානායක පස්සේ හිටියේ හෙන මෝඩ අය කියල ලී ක්වාන් යූ ම කියල තියනව . බණ්ඩාරණයක භෂා ප්‍රශ්නේ ගෙනල්ල හතුරෝ රට ඇතුලෙම හැදුව.. කන්නංගර උත්තමය නිදහස් ඉංගිරිසි අධ්‍යාපනයක් ගෙන්න හදද්දී එක නැති කරල සිංහල කරල අනාගත්ත ... හම්බන්තොට වරාය හදන්න කියල කියද්දී වියදම වැඩි කියල අත ඇරිය... එදා හම්බන්තොට වරාය හැදුවනම් අද ලංකාව සිංගප්පුරුවක් ...එදා වරාය හදයි කියල ලී ක්වාන් යූ බය වෙලා හිටියේ එක එයම කියල තියනව ....මොකද සිංගප්පුරු වරායේ අවශ්‍යතාවය නැතිවෙලා යන නිසා එකෙන් ...ඒ විදිහට ඒ කාලේ ඉදන් මැතක වෙනකන් හිටපු පාලකයෝ කරපු මෝඩ වැඩ ඕන තරම් කියල තියනව ... හැබැයි දැන් චිනේ සිංගප්පුරුවේ වෙළදපොල විනාශ කරන්න ඕන කරන හැම දෙයක්ම එකතු කරන නිසා ඉදිරියට සිංගප්පුරුව ඉතුරෙයිද මන්ද...:confused::confused::confused::confused:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ගෝටා සමහරවිට හොද නායකයෙක් වෙයි .මම ගෝටාගේ අධ්‍යාපනය ගැන එහෙම කියන්න වැඩිය දන්නේ නැහැ මචන් .එත් මේ කෑල්ලත් කෝට් කරගෙන යන්නම් මේ වගේ නායකයෙක් බිහි වෙන්න ඒකාධිපති කම අධ්‍යාපනය නිවැරදි අනාගත දැක් කියන තුනම ඕනි කියන එකට

    //- කේම්බ්‍රිජ් අනුබද්ධිත ෆිට්ස්විලියම් ආයතනයේ නීති උපාධි දාරියෙකුව, පසුව බැරිස්ටර් වරයෙකු ලෙස එංගලන්තයේ සේවයට ලියාපදිංචි වූ අයෙකි
    - ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් නම් ලෝ සුපතල අධ්‍යාපන ආයතනයේ මූලික හැදෑරීම් කර, එය නවතා නීතිය හැදෑරූ මුත්, පසු කළෙක ආර්ථික විද්‍යාව සම්බන්ධ නිබන්ධන කිහිපයක් සකසා යවා, එම ආයතනයෙන්ද ගෞරව උපාධියක් දිනාගත් අයෙකි
    - ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඔහු විසින් ලියන ලද ආර්ථික විද්‍යා සහ දේශපාලන ලිපි එකතු, ආදර්ශ නිබන්ධන ලෙස පුස්තකාළ ගත කර ඇත/
    /

    අපොයි ඉගෙනීම ගැනනම් කතා කරල වැඩක් නෑ. අපිට ඉන්න අගමැති බලන්න. කොච්චර ඉගෙනගෙන තිබ්බත් වැඩක් වුනාද. ආර්ථික ඔස්තාර් කියලනෙ කිව්වෙ. ( ඒකෙන් කියන්නෙ නෑ නූගතුන් පාලනයට සුදුසුයි කියල. )

    ගෝඨත් ඉගෙන ගත්තු කෙනෙක් තමයි.
    He obtained his primary and secondary education at Ananda College, Colombo.[14] He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992.[15]

    මම කියන්නෙ නෑ ගෝඨා තමයි ඉන්න එකම කෙනා කියල. නමුත් වර්තමානයේ ඉන්න දේශපාලකයින් හා ඔවුන්ගේ පාලන හැකියාවන් දිහා බැලුවම අපිට තෝරගන්න ඉන්න හොඳම කෙනා තමයි ගෝඨා.