ජනප්‍රියතම තාවකාලික පවුල් සැලසුම් ක‍්‍රමයකට යොමුවෙමුද?
පවුල් සැලැසුම් ක‍්‍රමවේදයන් පිළිබඳව මේ වනවිට අපේ කාන්තාවන් තුළ ප‍්‍රමාණවත් දැනුමක් තිබීම සමාජමය අවශ්‍යතාවක් ඉටුවීමකි. එහෙත් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මතුවන්නට පටන් ගෙන ඇත්තේ මෙම සැලැසුම් ක‍්‍රම ප‍්‍රායෝගික කිරීමේදීයි. මේ නිසාම පවුල් සංවිධාන කාර්යයයේ නිසි ප‍්‍රතිඵල අත්කර ගන්නට නම් එහි ප‍්‍රායෝගික කි‍්‍රයාවලිය පිළිබඳව නිවරැදි සරල දැනුම් මිණුම් කාන්තාවන් සතු කළ යුතුව තිබේ.
අන්තර් – ගර්භාෂ උපකරණය(ලූපය)ලූපය – ලොවපුරා කාන්තාවන් විසින් භාවිතා කරන ජනපි‍්‍රය තාවකාලික පවුල් සැලසුම් ක‍්‍රමයකි. අනවශ්‍ය දරු පිළිසිඳීම් හා දරුවන් අතර පරතරය තබා ගැනීමට මෙම ක‍්‍රමය උපයෝගී කරගත හැකිය.දෙවර්ගයක ලූප මෙරට භාවිතවේ. “ලිපීස්” නමින් හැඳින්වෙන ඉංගී‍්‍රසි “එස්” අකුරේ හැඩය ඇති දඟරයක් බඳු ලූපය.ඉංගී‍්‍රසි “ටී” අකුරේ හැඩය ඇති ප්ලාස්ටික්වලින් තනා ඒ මත තඹ කම්බියක් ඔතා ඇති “කොපර් ටී 380”මේ ලූප දෙවර්ගයේම පහළ කෙළවරේ සිහින් නයිලොන් නූල් පොටවල් දෙකක් පහළට එල්ලා වැටේ.ගර්භාෂය තුළ තැන්පත් කෙරෙන මෙම ලූපය දරු පිළිසිඳීමක් ඇතිවීම වළක්වාලීම සඳහා කිහිප ආකාරයකින් කි‍්‍රයා කරන බව පිළිගැනේ.
ලූපය - වඩාත් ගැළපෙන්නේ කාට ද?* දරුවකු ලැබීමෙන් පසුව ඊළඟ දරුවා කුස පිළිසිඳීම අවුරුදු 2 - 3 කට පමා කිරීමට කැමැති කාන්තාවක් නම්* නැවත හෝ ඉතා ඉක්මනින් තවත් දරුවකු බලාපොරොත්තු නොවන්නේ නම්* තම දරුවාට මව්කිරි දීමට සුළු හෝ අවහිරයක් වනු දැකීමට අකමැති මවක් නම්* ප‍්‍රමාණවත් තරම් දරුවන් දැනටමත් සිටින එහෙත් වන්ධ්‍යාකරණයට ලක්වීමට අවශ්‍ය පසුබිම සපිරෙන තුරු දරු පිළිසිඳීමක් වැළැක්වීමට අපේක්ෂිත කාන්තාවක් නම්* කොන්ඩම් පැළඳීම වැනි සබඳතාවය අතර මග නතර කිරීමට අකමැති, පෙති ගැනීම වැනි දිනපතා මතක තබා ගැනීමක් අනවශ්‍ය ක‍්‍රමයක් පතන කාන්තාවක නම්* හෝමෝනමය උපත් පාලන උපක‍්‍රම භාවිතයට අකමැති කාන්තාවක් නම්* දීර්ඝ කාලීන තාවකාලික උපත් පාලන ක‍්‍රමයක් අවශ්‍ය කාන්තාවක් නම්ඔබට ඉතාමත්ම සුදුසු උපත් පාලන ක‍්‍රමය අන්තර් - ගර්භාෂ (ධාරාල) උපකරණයක් (ලූපයක්) ගර්භාෂය තුළ පැළඳීමය.භාවිතය පහසුයි.දීර්ඝ කාලීන තාවකාලික පවුල් සැලසුම් ක‍්‍රමයක් ලෙස ලූපය ඉතා සාර්ථකය. දරු පිළිසිඳීම් වැළැක්වීමට ඒ සතු සාර්ථකත්වය 95% - 99% ක් පමණ බව පිළිගැනේ.සිරුර තුළ අසාත්මික (ඇල්ර්ජි) ප‍්‍රතිකි‍්‍රයා ඇති නොකරන සැහැල්ලු ප්ලාස්ටික්වලින් තනා ඇති ලූපය තැන්පත් කරන්නේ ඔබව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ලූපයක් තැන්පත් කිරීමට සුදුසු යයි පිළිගැනෙන කාන්තාවක් නම් පමණි. එය තැන්පත් කරනු ලබන්නේ ඒ සඳහා පුහුණුව ලද වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය හෙදි සොහොයුරියක වැනි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයෙකි. එය ඉතා පහසු මිනිත්තු කිහිපයක් පමණක් ගතවන්නකි.ලූපය තැන්පත් කළ යුත්තේ ඔසප් චක‍්‍රයේ සිවුවන හෝ පස්වන දිනයේ දීය.එනම් ඔසප් රුධිරය ගැලීම නතර වූ වහාම ය. දරු ප‍්‍රසවයෙන් දින 42 කට (සති 6 කට) පසුව ලූපය තැන්පත් කරගත යුතුය. ගබ්සාවකට පසුව වුව ලූපයක් තැන්පත් කර ගැනීමට පුළුවන. අන් අවස්ථාවකදී ලූපයක් තැන්පත් කර ගැනීමට අවශ්‍ය නම් දරු පිළිසිඳීමක් සිදුවී නොමැති බව රසායනාගාර පරීක්ෂණයකින් සනාථ කර ගන්න.
ලූපය මුල්වරට තැන්පත් කිරීමෙන් මසකට පසුව පළමුවද මාස 6 කට පසුව දෙවන වරට ද සායනයට පැමිණ පරීක්ෂා කර ගත යුතුවෙයි. එසේම ඉන් පසුව වසරකට වරක් සායනයට පැමිණ පරීක්ෂා කරවා ගැනීම ප‍්‍රමාණවත්ය. ලූපයේ පහළ කෙළවර එල්ලා වැටෙන නයිලෝන් නූල් යුගල, ලූපය ගර්භාෂයේ තැන්පත් කළ පසු යෝනි මාර්ගය තුළට එල්ලා වැටේ. ලූපය නිසි පරිදි තිබෙනවාද නැද්ද යන්න තමන්ටම දැන ගැනීමට එය උපකාරී වෙයි. ඉඳහිට යෝනි මාර්ගය තුළට තම ඇඟිලි දමා නූල් කෙළවර දැනෙන්නේදැයි සොයා බලන්න. විශේෂයෙන්ම ඔසප් වීමේදී ඔසප් රුධිරය සමග ලූපය හැලී යා හැකි බැවින් ඔසප් ලේ වහනය නතර වූ වහාම ඒ පරීක්ෂා කර බැලීම වඩාත් වැදගත් ය. නූල් තුඩු ඇඟිලි වලට අසු නොවන්නේ නම් හෝ ඒවා දිග වැඩිවී හෝ කෙටි වී හෝ ඇති බව දැනුනේ නම් සායනයට ගොස් පරීක්ෂා කරවා ගැනීමට අමතක නොකරන්න.ලූපය ගර්භාෂය තුළ තබාගත හැකි කාලය පළඳින ලූප් වර්ගය අනුව වෙනස් වෙයි. ලිපිස් ලූපය වසර 4 ක් හෝ ඊට වැඩි කාලයක් ද කොපර් ටී 380 ලූපය වසර 3 - 4 ක් පමණද තබා ගැනීමට පුළුවන.කාලය අවසානයේදී ලූපය ඉවත් කර වෙනත් ලූපයක් තැන්පත් කර ගැනීමට බාධාවක් නොමැත. ලූපය පැළඳීම - මාරු කිරීම, ඉවත් කිරීම ආදී කවර කාර්යයක් හෝ කළ යුත්තේ වෛද්‍යවරයකු හෝ ඒ සඳහා පුහුණුව ලද අයෙකු පමණි.
අතුරු ආබාධ අඩුයිලූපය අතුරු ආබාධ ඉතා අඩුවෙන් දක්නට ලැබෙන පවුල් සැලසුම් ක‍්‍රමයකි.ලූපය තැන්පත් කිරීම නිසා බඩේ කැක්කුම, කොන්ද කැක්කුම වැනි සුළු අපහසුතා ඇතිවිය හැකිය. දින කිහිපයක් යනතුරු රුධිර වහනයක් - ලේ බිංදු කිහිපයක් පිටවීමට ඉඩ ඇත. ඔසප් වීමේදී වෙනදාට වඩා වැඩි ලේ ප‍්‍රමාණයක් පිටවීමට පුළුවන. ලූපය ගර්භාෂයට හුරුවීමත් සමගම මේ අතුරු ආබාධ මඟ හැරීයයි. මේ ලක්ෂණ අසාමාන්‍ය ලෙස කාලයක් පවතින්නේ නම් සායනයෙන් උපදෙස් පතන්න.ලූපය හැලීයාමක් හෝ ගර්භාෂ බිත්ති තුළට කා වැදීමක් හෝ ගර්භාෂයේ ආසාදන ඇති කිරීමක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි.ලූපය පැළඳීමෙන් පසු මතක තබා ගන්න* ඔසප් නතර වීමක් හෝ පමාවීමක් (මෙය ගැබ් ගැනීමක් සමහර විට ගර්භාෂ හෝ පිටත ගැබ්නාල තුළ (එක්ටෝපික්) දරු පිළිසිඳීමක් හේතුවෙන් ඇතිවිය හැකිය) ඇත්නම්* කාලයක් තිස්සේ අධිත ලේ වහනය වීමකන්* අධික උණක් සහ දරුණු බඩ රිදුමක් වැනි ගර්භාෂ ආසාදනයක ලක්ෂණයක්.* සමාජ රෝගයක් හෝ වෙනත් ආසාදනයක්* අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ස‍්‍රාව (විශේෂයෙන් කහ පැහැති හා දුගඳ හමන) ගැලීමක්.* ලිංගික සම්බන්ධතා පවත්වන විට අධික වේදනා දැනීමක්* ලූපයේ නූල් තුඩු ඇඟිල්ලට නොදැනීම, දික් වූ හෝ කෙටි වූ බවක් දැකීම වැනි අවස්ථාවක් ඇති වුවහොත්.සායනයට හෝ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය හෙදි සොහොයුරිය හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙත ගොස් උපදෙස් පතන්න.
අතිරේක වාසි රැසක්දරු පිළිසිඳීම වළක්වාලීම හැර ලූපය පැළඳීම නිසා සැලසෙන අතිරේක වාසි ද කිහිපයකි.* අඹු - සැමි සබඳතා දරු පිළිසිඳීමක් ගැන බියකින් හෝ අතර මැද බාධාවකින් තොරව පැවැත්වීමට හැකිවීම.* මුදලක් වැය නොවන පවුල් සැළසුම් ක‍්‍රමයක් වීම ඒ අතර වේ.සේවා පහසුකම්රජයේ රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් පවත්වන පවුල් සැලසුම් සායනවලදී නොමිලේ ලූපය තැන්පත් කරවා ගත හැකිය.
ලූපය නොගැළපෙන්නේ කාටද?* ගැබ් ගත් හෝ ගැබ්ගැනීමක් ඇති වූ බවට සැකයක් වේ නම්* ගර්භාෂ පෙදෙසේ වරින් වර ඇතිවන ආසාදනයන්ගෙන් පෙළෙන කාන්තාවක් හෝ එවැනි ආසාදනයකට නතුවීමට ඉඩ ඇති කාන්තාවක්* සමාජ රෝගයකින් පෙළෙන කාන්තාවක් හෝ සමාජ රෝගයකින් පෙළීමට ඉඩ ඇති කාන්තාවක් (කිහිප දෙනකු සමග සම්බන්ධතා පවත්වන හෝ ඔබේ සහකරු කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වන) හෝ කාන්තාවක් නම්* යෝනි මාර්ගයේ ආසාදන නිතර ඇතිවන කාන්තාවක් නම්*පිළිකාමය හෝ පිළිකාමය නොවන (ෆයිබොයිඩ්) අර්බුද ගෙඩි සහ “එන්ඩෝමෙට්රියෝසියාව“ වැනි තත්ත්වයන් සහිත ගර්භාෂයක් හිමි කාන්තාවක් නම්* ගැබ්නල තුළ පිළිසිඳීම (එක්වෝපික් ගැබ් ගැනීම)කට වරක් ලක්වූ කාන්තාවක් නම්* අක‍්‍රමවත් ඔසප්වීම සහිත හෝ යෝනි පෙදෙසින් අසාමාන්‍ය ලේ ගැලීම් සහිත කාන්තාවක් නම්* ගර්භාෂ පිහිටීමේ දී සහජ විකෘතිතාවයන් සහිත කාන්තාවක් නම්* අධික නීරක්තියෙන් පෙළෙන කාන්තාවක් නම් හෝ* හෘද කපාට රෝගයකින් පෙළෙන කාන්තාවක් නම් ලූපය පැළඳීම සුදුසු පවුල් සැලසුම් ක‍්‍රමය නොවේ