ලූෂන් ඇන්ටන් කියන්නේ දේහධාරී ශරීරයක්. ලංකා ඉතිහාසය තුළ කාලාන්තරයකට පසු බිහි වූ අපූරු ශරීර කූඩුවක්. ඉතා මහන්සියෙන් ගොඩන`ගා ගත් පෞරුෂයක්. ‘රාගම’ කතෝලික පවුලක උපන් ලූෂන් දැඩි දේව භක්තිකයෙක්. ඔහුට අනුව අද ඔහු ලද සියල්ල දෙවියන් වහන්සේ ඔහු වෙත තිළිණ කළ ත්‍යාගයක්.
වෑවල ශාන්ත සේවියර් විද්‍යාලයටත්, රාගම බැසිලිකා විද්‍යාලයටත් අකුරු කරන්නට ගිය ලූෂන් පතුළින්ම ජීවිතය ගොඩනගා ගන්නට වෙහෙස වූවෙක්. ලොකු මස්පි`ඩු සහිත ශරීරයක් තුළ අවලංගු වූ මෙරට කායවර්ධන ශරීරවලට නව මානයක් එන්නත් කිරීමට ලූෂන්ට හැකි වුණා. එය පසක් කරනුයේ ලූෂන් සමග කළ කතා බහ. එයට ඉඩ හරිමු.
ඔබගේ ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඔව්! මම මා ගැනම ආඩම්බර වෙනවා. ඒ මොකද ලොකු ශරීරයකට හිමිකම් කියන හින්දා නෙමෙයි. මේ ශරීරය ඇතුළේ උත්සාහවන්ත මිනිහෙක් ඉන්න හින්දා. මම ජීවිතේ පතුලෙන්ම පටන් ගත්ත මිනිහෙක්. මගේ තාත්තා නැහැ. අම්මා මාව හදාගන්න නොසෑහෙන්න දුක් වින්දා. මෙහෙම ඇ`ගක් හදාගන්න නෙමෙයි. කුසට මොනවා හරි දාලා ජීවිතය පණගන්න. අම්මා ගොඩක් වෙහෙසුණා. මම සා.පෙළ / උ.පෙළ කළේ කුලී වැඩ කරලා වියදම් පියවා ගන්න ගමන්. පොඩි කාලේ ඉඳලාම ලොකු හිතක් මට තිබ්බා. ඒ ලොකු හිත තමයි මේ ලොකු ඇ`ගක් හදා ගන්න උදව් කළේ.
මම පාසල් යන කාලේ මලල කී‍්‍රඩකයෙක්. මම බස්නාහිර පළාත් තරග දක්වාත් ආවා. මගේ අගහි`ගකම් පීඩනය මම කී‍්‍රඩාව තුළ අමතක කරලා දැම්මා. මම කී‍්‍රඩාව තෝර ගත්තේම ඒ හින්දයි. කොහොම හරි මට ෆිට්නස් ගැන ලොකු උනන්දුවක් තිබුණා. මම ඒ ගැන හැදෑරුවා. ඒ අනුව මට ඕමාන්වල රැුකියාවකට යන්න පුළුවන් වුණා. ඒ ඕමාන්වල තියන ප්‍රධාන ජිම් එක වන ‘හැමර්’ ජිම් එකේ ප්‍රධාන උපදේශක තනතුර. ඒක තමයි මගේ ජීවිතය වෙනස් කළේ. වෘත්තිය තමයි මගේ ජීවිතය. මොකද වෘත්තිය නිසා තමයි මට අද ජීවිතයක් තියෙන්නේ.
කායවර්ධන කී‍්‍රඩාවට යොමුවීම සිද්ධ වෙන්නේ ඕමාන ගමනත් සමගද?
ඕමානයේ මගේ රැුකියාව ජිම් එකක ප්‍රධාන උපදේශක. ඒ අතර මම උපරිමයෙන් කායවර්ධන කී‍්‍රඩාවට නැඹුරු වුණා. මට ඕමාන් පුහුණුකරුවෙක් ලැබුණා. ඔහු හරහා මම වෘත්තීය මට්ටමේ කායවර්ධන කී‍්‍රඩකයෙක් වෙන්න පුහුණු වුණා. මගේ ඉලක්කය වුණේ ඔලිම්පික් යන්න. ඒ නිසා මට මිස්ටර් ශී‍්‍ර ලංකා ජය ගැනීම ඉතාම පහසු වුණා. මම හිතනවා අපි ලොකු ඉලක්ක තියා ගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.
ඔබ ලංකාවේදී මුහුණදුන් ප්‍රථම තරගයෙන් ප්‍රථම තැන ගත්තා.
මම ඕමානයේ පැවති ජාතික තරගය නියෝජනය කළා. 100 නට පන්තියෙන් මම රන් පදක්කම ලැබුවා. ඒක තමයි මම ලබපු ලොකුම ජය. එතනදිත් මම ඉදිරිපත් වුණේ ලාංකිකයෙක් විදිහටයි. ඒ දිනලා මම ඒෂියන් මීට් එකට යන්න ලංකාවෙන් අවසර ඉල්ලපුවාම දෙන්න බෑ කිව්වා. ඒ අය කිව්වේ ලංකාව නියෝජනය කරලා ලංකාවේ තරග දිනලා තියෙන්න ඕනෑ කියලා. ඒ නිසා මම මේ පාර මිස්ටර් ශී‍්‍ර ලංකා තරගයට ලංකාවට ආවා. ඇවිත් ප්‍රථම තරගයෙන්ම දින්නා. ඇත්තටම මට ලංකාව තුළ තරගයක් නැහැ. මම කාවවත් අඩු තක්සේරු කරන්නෙ නැහැ. ලංකාවේ අය ලංකාවේ ශූරයන් සමහරු අවුරුදු පහ, දහය ශූරයෝ. ඒත් මෙතනින් එහාට ගමනක් නැහැ. මට මෙතන ඉන්න ඕනෑ නැහැ. මට ඕනෑ ජාත්‍යන්තරය ජයගන්න. ඒක මට කරන්න පුළුවන්. ඒ ඇ`ග මට තියෙනවා.
ඔබ මෙතෙක් ඉදිරිපත් නොවුණේ ඇයි?
මගේ පුහුණුකරු මට නිතරම උපදෙස් දුන්නේ වෘත්තීය මට්ටමේ කී‍්‍රඩකයෙක් වන තෙක් තරගවලට බහින්න එපා කියලා. විශේෂයෙන්ම ඔයා ලංකාවෙන් යනවා නම් ලංකාවේදි ඔයා පෙන්වන්න ඕනෑ මෙන්න නියම වෘත්තීය කායවර්ධන ශූරයෙක් කියලා. ඒ ලක්ෂණ සහිතවයි මම මෙවර ආවේ.
මොකද්ද මේ වෘත්තීයභාවය කියන්නේ. කායවර්ධන කී‍්‍රඩකයෙක් කියන්නේ ජිම් එකකට ගිහිල්ලා බර උස්සලා ඇ`ග හදාගන්න එක නෙමෙයි. ඇ`ග හදාගන්න ඕනෑ කෙනකුට පුළුවන්. හැබැයි නියම කායවර්ධන කී‍්‍රඩකයෙක් වෙන්න ලොකු වෙහෙසක් දරන්න ඕනෑ. නිතරම දැනුමින් අලූත් වෙන්න ඕනෑ. විදෙස් කී‍්‍රඩකයන්ගේ ශරීර පිළිබඳ හදාරන්න ඕනෑ. ඒ අය අසමත් වන ශරීර අංග චලන ගැන විමසිලිමත් වෙන්න ඕනෑ. ඒක වෙනම වැඩක්. මේක විද්‍යාත්මක පසුබිමක් තියන කී‍්‍රඩාවක්. පෝෂණය ගැන ලොකු අවබෝධයක් මේ කී‍්‍රඩාවට අවශ්‍යයි. අපි නිතරම දොස්තර කෙනෙක් හමුවිය යුතුයි. වකුගඩු, අක්මාව විතරක් නෙමෙයි ශරීරයේ හැම අංගයක් ගැනම සැලකිලිමත් වෙලා තමයි මේ කී‍්‍රඩාව කරගෙන යා යුත්තේ.
වෘත්තීය මට්ටමෙන් කී‍්‍රඩකයෙක් විදියට පවතින්න සෑහෙන මුදලක් අවශ්‍යයි නේද?
ඔව්! මම ඕමාන් ඉඳලා මෙහෙට එන්නම ලක්ෂ හයක් විතර වියදම් කළා. මට මිස්ටර් ශී‍්‍ර ලංකා වුණාම ලැබුණේ ලක්ෂයක මුදලක්. මම සල්ලි ගැන කියනවා නෙමෙයි. මේ කී‍්‍රඩාව සල්ලිකාරයන්ගේ කී‍්‍රඩාවක්. හොඳ ශරීරයක් තියාගන්න නම් සෑහෙන ධනවත්කමක් තියෙන්න ඕනෑ. කායවර්ධන කී‍්‍රඩකයෙක් විදිහට ජාත්‍යන්තරය දිනන්න නම් අපිට සෑහෙන උදව් ඕනෑ. මම හිතුවා මම මිස්ටර් ශී‍්‍ර ලංකා වුණාම ඒෂියන් තරගාවලියට යන්න මට අනුග්‍රාහකයෙක් වත් ලැබෙයි කියලා. එහෙම ලැබුණේ නැහැ. අඩු ගානේ මගේ ආහාර සඳහාවත් අනුග්‍රාහකයෙක් ලැබුණා නම් මට ඒක ලොකු හයියක්.
ආහාරවලට විශාල වියදමක් යනවාද?
අල, බතල, කොස්, දෙල් කාලා මේක කරන්න බෑ. කායවර්ධන කී‍්‍රඩකයෙක්ට කැලරි 5000ක් වත් ඕනෑ. කුකුල් මස්, හරක් මස්, බිත්තර, කිරි. මේ වගේ ඒවා යහමින් ඕනෑ. මස් කිලෝ එකක් එකහමාරක් වත් ඕනෑ. ඒ වගේම වෛද්‍ය පහසුකම් නිතර බලන්න ඕනෑ. මොකද අපි අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් සමග දිවි ගෙවන්නේ.
ලංකාව තුළ කායවර්ධන කී‍්‍රඩකයන්ට තැනක් නැහැ නේද?
ඒ තත්ත්වය නැති කර ගත්තේ අපේ කී‍්‍රඩකයන්ම තමයි. ඇ`ග වර්ධනය වුණ ගමන් එයා හිතනවා ජිම් එකක් දාන්න. කිසිම හැදෑරීමක් නැහැ. ඒ තැනට එන අය එයාගේ දැනුම දැක්කම හිනා වෙනවා. ඉතින් ඇ`ග විතරයි ඔළුව නැහැ කියනවා. අනෙක් අතට ඇ`ග පුම්බගෙන ඉන්න අයට දේ්ශපාලකයෝ කැමතියි. අද මිස්ටර් ශී‍්‍ර ලංකා වෙනවා කියන්නේ දේශ පාලකයෙකුගේ බොඩි ගාඞ් කෙනෙක් විතරයි. මම කියන්නේ කායවර්ධන කී‍්‍රඩකයෝ කියන්නේ නිකං ශරීර නෙමෙයි. දැනුමත් එක්ක පිරිච්ච අය වෙන්න ඕනෑ. එතකොට කාගේවත් බොඩි ගාඞ්ලා වෙන්න වුවමනා නැහැ.
ඔබගේ ඉලක්කය මොකක්ද?
ජාත්‍යන්තරය ජය ගැනීම, ඒෂියන් ගේම් එක මූලික ඉලක්කය. අන්තිම ඉලක්කය ඔලිම්පියා. දැනට සිටින ජිල් හි තමයි මගේ වීරයා. මටත් ඕනෑ ඒ තැනට එන්න. ඊට උචිත සිරුරක් මට තියෙනවා. මේක තවත් වර්ධනය කර ගන්න මට අනුග්‍රාහකයෙක් ඕනෑ. ඒ ශක්තිය මට මේ ආණ්ඩුව දෙයි කියලා මම හිතනවා. කොහොම වුණත් මම ඒ තැනට යනවා.
ඔබගේ ගමනේ රහස කුමක්ද?
දෙවියන් වහන්සේ. මට ලැබුණු හැමදේම දෙවියන්ගේ කැමැත්ත. ඉදිරියටත් ඒක පොදුයි