ලෙක්සස් මෝටර් රථ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලෙක්සස් මෝටර් රථ



    ලෙක්සස් මෝටර් රථ ඉතිහාසය

    ජපානයේ මෝටර් රථ අතුරින් විශාලතම අලෙවි සන්නාමය ලෙක්සස් වන අතර ලෙක්සස් යනු ටොයෝටා මෝටර් කෝපරේෂන් හි සුඛෝපභෝගී මෝටර් රථ අංශයයි.ලෙක්සස් ඉතිහාය දෙස බැලීමේ දී එය රහසිගත සෙඩාන් ව්‍යාපෘතියක් ලෙස ලොව හොඳම මෝටර් රථය නිර්මාණය කිරීම සඳහා අයිජි ටොයෝඩා(Eiji Toyoda)විසින් 1983 දී ආරම්භක කර ඇ‌ති අතර එම රහසිගත ව්‍යාපෘතිය ෆ්ලැග්ෂිප් වන්(Flagship One-F1)අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

    ඒ‌ අනුව F1 ව්‍යාපෘතියේ නිමි භාණ්ඩය වසර 6 පසුව 1989 දී පැමිණි අතර එය ලෙක්සස් LS 400 නම් විය.මෙම F1 ව්‍යාපෘතිය ලෙක්සස් සහ ටොයෝටා නිෂ්පාදන පෙළ විවිධාංගීකරණය කිරීමට අරමුණ ඇතිව සංවර්ධනය කරන ලද ව්‍යාපෘතියක් විය.නව හා දිගු කාලීන ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කළ ලෙක්සස් 1989 දී මුලින්ම හඳුන්වා දුන්නත් එය ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළ තුළ සන්නාමයක් ලෙස පැවතෙන්නේ 2005 දී ය.

    ඩොලර් බිලියනයකට වඩා වියදම් කරමින් බොහෝ නිර්මාණකරුවන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන්,සහාය කම්කරුවන්,ආදර්ශ සහ තවත් සඳහන් නොකළ ඉතා පුළුල් සංවර්ධන ක්‍රියාවලියක ප්‍රථිථලයක් ලෙස පළමු වරට Lexus LS 400,1989 ජනවාරි මාසයේ දී ලෝකයට හඳුන්වා දෙන ලදී.එය පුළුල් ලෙස ප්‍රශංසා ලැබුණ නමුත් සමහර පුවත් මෝටර් රථ තීරු ලිපි එය විවේචනයට ලක් කළේය.

    නමුත්,එය එසේ වුවත් ලෙක්සස් LS 400 වෙළෙඳපලට හොඳින් විවෘත වූ අතර වීල්ස් මැගසින් හා මෝටර් රථ මැගසින් ඇතුළු කීර්තිමත් මෝටර් රථ ප්‍රකාශණ ඇ‌තුලු බොහෝ ප්‍රධාන මෝටර් රථ සම්මාන ජය ගත්තේය.මෙම ලෙක්සස් මෝටර් රථ වෙළඳ දැන්වීම් නිසා එක්සත් ජනපදය තුලමර්සිඩීස් බෙන්ස් සහ සුපිරි BMW විකුණුම් වලට අහිතකර වූ අතර එම මෝටර් රථ වල විකුණුම් පිළිවෙලින් 29% සහ 19% කින් පහත වැටීමට බලපෑවේය.

    එසේ වුවත් ලෙක්සස් පාරිභෝගික විශ්වාසය රකිමින් විකුණන ලද මෝටර් රථ 8000 කට ලැබුණු පාරිභෝගික පැමිණිලි දෙකක් මත සමාගම විසින් ඒ‌ සඳහා ක්ෂණිකව රීකෝල් නිකුත් කරන ලදී.මෙම ක්ෂණික ප්‍රතිචාරය සියලු ප්‍රශංසාවන්ට භාජනය වූ අතර මුලින්ම හොඳම මෝටර් රථ පාරිභෝගික සේවාව ලෙස කීර්තියක් ස්ථාපිත කරන ලදී.

    1990 දී ලෙක්සස් විකුණුම් 63,594 ක අලෙවියක් සලකුණු කරමින් ඔස්ට්‍රේලියාව,එංගලන්ය,ස්විට්සර්ලන්තය හා කැනඩාව අපනයන ආරම්භ විය.ඉන් වසරකට පසුව දෙවන පරම්පරාවේ ලෙක්සස් ES 200 සෙඩාන් අනුගමනය කරමින් SC 400 ලෙක්සස් පළමු ස්පෝර්ට් කූපේ මෝටර් රථය නිකුත්කල අතර වැඩියෙන්ම අලෙවි වන වෙළඳ සන්නාම මෝටර් රථ බවට පත්විය.

    1993 දී මධ්‍යම ප්‍රමාණය් ස්පෝර්ට්ස් සෙඩාන් මාදිලි හඳුන්වා දුන් අතර එය LS 400 මාදිලියට වඩා මිළ අඩු විය.ලෙක්සස් එම වසරේ පෙර සහතික කල(Certified pre-owned)වැඩසටහන ද ලෙක්සස් විසින් උදාකරදෙන ලද අතර මෙම වෙනස පළමු වරට ලෙක්සස් මගින් ආරම්භ කරන ලදී.1994 දී ලෙක්සස් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන F1 ආ‌කෘතිය සම්පූර්ණයෙන් නැවත නිර්මාණය කරන ලද අතර දෙවන පරම්පරාවේ LS 400 වෙලඳපොලට හඳුන්වා දෙන ලදී.කෙසේ වෙතත් ඉහළ විකුණුම් තත්වයේ ජපන් මෝටර් රථ සඳහා එක්සත් ජනපද රජය විසින් තීරෑ බදු ගාස්තු ඉහළ දැමීමේ යෝජනා වූ නිසා එක්සත් ජනපද ලෙක්සස් මෙහෙයුම් 1995 දී නතර වූ අතර පසුව පැණ වූ තීරෑ බදු ගාස්තු ක්‍රියාත්මක කිරීම අතහිටුවීමට තීරණය වූ බැවින් සාමාන්‍යය වෙළඳ මෙහෙයුම් එයින් වසරකට පසු නැවත ආරම්භ කරන ලදී.

    තෙවන පරම්පරාවේ සෙඩාන් රථය අනුගමනය කරම්න් LX 450 ලෙක්සස් පළමු SUV මෝටර් රථය 1996 දී හඳුන්වා දුන් අතර ES 300 සඳහා සැලසුම් සිදු කෙරෙමින් තිබූ නමුත් 1995 තීරෑ බුදු ගාස්තු සාකච්ඡා නිසා එය අතහැර එම සැලසුම් SUV රථය ආදර්ශ සංවර්ධනය කිරීමට යෙදවීය.ඒ‌ අනුව එහි ප්‍රථම සුඛෝපභෝගී SUV මෝටර් රථය ලෙස RX 300 හඳුන්වාදෙන ලද අතර දෙවන පරම්පරාවේ සෙඩාන් GS 300 සහ GS 400 ද හඳුන්වාදෙන ලදී.

    1998 හඳුනවා දුන් RX 300 සාර්ථකත්වයෙන් පසු ලෙක්සස් එම වසරේ දීම බ්‍රසීලයේ විකුණුම් ආරම්භ කරන ලදී.ඊලඟ වසරේ එනම්1999 දී එක්සත් ජනපද වෙළෙඳපොළ තුළ ලෙක්සස් මෝටර් රථ මිලියනයයක් අලෙවි කර ඇත.

    වර්ෂ 2000 දී ආරම්භක මට්ටමේ ස්පෝර්ට් IS සෙඩාන් මාලාවක් ලෙක්සස් විසින් හඳුන්වා දෙන ලද අතර පළමු කන්වර්ටබල් SC 430 මාදිලිය 2001 වසරේ දී හඳුන්වාදෙන ලදී.ඊළඟ වසරවල දී එනම් 2002 දී SC 430 සහ 2003
    LS 430 දී මධ්‍යම ප්‍රමාණයේ SUV මෝටර් රථ දෙකක් ද හඳුන්වා දුන්නේය.

    2004 දී එක්සත් ජනපදය තුල ලෙක්සස් මෝටර් රථ මිලියන දෙකක් විකුණන ලද අතර 2005 දී ටොයෝටා මව් සමාගමෙන් ලෙක්සස් වෙන්කරන ලද පසුව ඊළඟ වසරේදී ලෙක්සස් විසින් ජපන් වෙළෙඳපලට නව පරපුරේ මෝටර් රථ මාලාවක් හඳුන්වා දෙන ලදී.එම වසරේ මුල් භාගයේදී ලෙක්සස් විකුණුම් බලාපොරොත්තු වූවාට වඩා අඩු වූ නමුත් පුළුල් පෙලගැස්ම නිසා පසුව මාස කිහිපය තුළ විකුණුම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

    2005 දී තායිවානය සහ උතුරු කොරියාව තුල විකුණුම් සාර්ථක වූ අතර ලේක්සස් ඉහලම ආනයන විකිණීම් බවට පත් විය.ඒ‌අනුව ඕස්ට්‍රේලියාව හා මැද පෙරදිග මෙන්ම 2006 දී දකුණු අප්‍රිකාව සහ මැලේසියාවේ නිල වශයෙන් ලෙක්සස් විකුණුම් දියත් අතර පිළිවෙළින් 2007,2008 සහ 2009 දී ඉන්දුනීසියාව,චිලී රාජ්‍යට හා පිලිපීනයට ද හඳුන්වා දෙන ලදී.

    2011 දී ලෙක්සස් හයිබ්‍රිඩ් හච්බැක් වන CT 200h විකුණුම් යුරෝපයේ හා බහු වෙළෙඳපොළ ඉලක්ක කිරීමේ අභිප්‍රායෙන් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් 2011 මාර්තු මස ජපානයේ භූමිකම්පාව සහ සුනාමි තත්වය ලෙක්සස් මෙහෙයුම් කටයුතු හා නිෂ්පාදනයට විශාල ලෙස බලපෑ අතර එය තවදුරටත් එක්සත් ජනපදය තුල ඉහළ විකිණීම් වෙළඳ නාමය වීමේ අදහසට බාධාවක් විය.

    අද ලෙක්සස් ලොව පුරා බොහෝ රටවල අලෙවි කර ඇති නමුත් වෙළෙඳ සන්නාමය මූල්‍ය දත්ත ප්‍රසිද්ධියේ අනාවරණය නොකල ද එය දළ වශයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන තුනක සන්නාම වටිනාකම ඇති බව ඇස්තමේන්තු කර ඇත.ලෙක්සස් වෙළෙඳපොළ අගය ආදායම හා වියදම මත පදනම්ව 2009 දී ඉන්ටර්බ්‍රෑනඩ් විසින් ජපානයේ 7 වන විශාලතම වෙළෙඳ සන්නාම නාමයක් වශයෙන් තේරී පත්විය.

    අධ්‍යනවලට අනුව ලෙක්සස් නිසාන්,කැඩිලැක් වැනි මෝටර් රථ කර්මාන්තය මහා නම් වලට පසු ඉහළම ගනුදෙනුකරුවන් පිරිසක් රඳවා ගැනීමේ ස්ථානයේ ඇ‌ත.

    ලෙක්සස් ඉතිහාසය අනුව අද එම සමාගම සියලු වර්ගවල ප්‍රීමියම් වාහන ලබා දෙනවා පමණක් නොව එය එහි තරඟකරුවන්ට සාපේක්ෂව ඉතා නවීන වාහන ලබා දෙමින් මෝටර් රථ කර්මාන්තය ඉහළම පාරිභෝගික විශ්වාසය දිනා සිටියි.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    17/10/2017
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔන්න ගන්නවානම් වාහන.ඇමරිකාවේ එහෙම lexus එකක් තියෙනවා කියන්නේ බෙන්ස්,BMW වලට වඩා කැපිලා පේනවා.

    lexus-ls500h-grey-2018-%282%29.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්න ගන්නවානම් වාහන.ඇමරිකාවේ එහෙම lexus එකක් තියෙනවා කියන්නේ බෙන්ස්,BMW වලට වඩා කැපිලා පේනවා.

    lexus-ls500h-grey-2018-%282%29.jpg

    true