ලෙඩ උන එකෙන් මන් ඉගන ගත්ත දේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මට දැන්නම් හොඳයි බන් වයිරස් උනයි කැස්සයි..
    දැන් උදේට නැගිටිද්දි එහෙම පුදුම සැනසීමක් දැනෙන්නෙ..
    මාසයක් වගේ හරියට වැඩක් කරගන්න බැරි උනා.. Focus එකත් යනව කරන දේකට 100% දෙන්නත් බෑ.. ඔහොම තමයි හිටියෙ පහුගිය ටිකේම..

    නීරෝගීකම කොච්චර වටිනවද කියල තේරෙන්න ලෙඩ වෙන්නම ඕනෙ මාස ගාණක්..
    අපි බන් මොනව උනත් grateful වෙන එක අඩුයි අපේ ජීවිත ගැන,, අපි ලොකු දේවල් පස්සෙ දුවද්දි අපිට අමතක වෙන ව පොඩි දේවල් appreciate කරන්න..

    එක පාරකුත් මන් accident වෙලා මාසයක් ඇවිදගන්නාත් බැරුව හිටියා..හොඳ උනාම පුදුම සතුටුයි.. ඒත් ආය ඒව හොඳ වෙලා ටික කාලයක් යද්දි අපිට ඒව ගාණක් නැති වෙනවා.. සල්ලි දීල ගන්න බෑනෙ බන් නිරෝගිකම කියන එක..
    අපිට හැමදාම සතුටෙන් ඉන්න හේතුවක් අපි ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන එක..

    උබ මේක කියවන වෙලෙත් ලෙඩ ඇඳවල් වල කොල්ලො කී දෙනෙක් ඇද්ද කියල නිකන් හිතපන්කො.. ඕක හිතෙන්නෙ හැබැයි හොඳටම ලෙඩ වෙලා පෝරියල් එක කාපු එකෙක්ට..මට කලින් හිතුන් නෑනෙ..

    දැන් මන් හිතලම විශ්වයට ස්තූතිවන්ත වෙනව හැමදාම දවස පටන් ගද්දි..නින්දට යද්දිත් එහෙමයි..
    විශ්වයට, කර්මය , ස්වභාවධර්මය හරි ඕනෙ නමක් දා ගනින් එතෙන්ට,, අපි කොහොම හරි පවතිනවනෙ බන් මේ ලෝක ගෝලෙ ඇතුලෙ..

    සතුටෙන් ඉන්න ඒ ටිකම ඇති.. එතනින් එහා දේවල්වලිනුත් සතුටු උනහැකි ඒත් උබට දැන් ලැබිල තියන ජීවිතේ ගැන appreciation එක්ක හිටපන්..එතකොට නිකන් හදවත පිරිලා වගේ එකක් දැනෙනවා.. එතකොට හොඳ දේවල් වෙනවා..

    මන් try කරනවා ඒක අමතක නොකර හැමදාම ඒ appreciation එක ඒ විදියට තියාගන්න..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    හෙම්බිරිස්සාව හැදිලා ඔලුව බර වෙලා තියෙන්නේ සෙමට. සෙට්‍රසීන් බිබී. උණු වතුර බිබී, හුමාලේ අල්ල අල්ල ඉන්නවා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ලෙඩ රෝග විතරක් නෙවෙයි ජිවිතේ හැමදේම ඒ වගේ. කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාවගේ.
    ow bn eeth eewa experience welama igana ganna oone kauruth kiwwata ganan gan nane api.. mee thread eka unath ehemai.. Lagadi leda une nathi ekekta meeka kiyawaddi ookath mahaloku deyakda wage hithenwa.. aaya leda weddi thamai therenne
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලංකාවෙ ගෙවන මුළු ලයිෆ් ස්ටයිල් එකම ලෙඩ වෙන්නමයි හැදිල තියෙන්නෙ බං..
    මට බය මේ විදිහට ගියොත් ඩයබිටික් හැදෙයිද කියල..
    Agreed , lifestyle ekath ehemai, leda unama beth ganneth ehemane
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලංකාවෙ ගෙවන මුළු ලයිෆ් ස්ටයිල් එකම ලෙඩ වෙන්නමයි හැදිල තියෙන්නෙ බං..
    මට බය මේ විදිහට ගියොත් ඩයබිටික් හැදෙයිද කියල..
    ඇයි ගොඩක් සීනි කැවෙනවද ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි ගොඩක් සීනි කැවෙනවද ..
    ඔව් බං.. ලංකාවෙ සීනි භාවිත වෙනව වැඩිද මන්ද වෙන රටවලට වඩා.. පැණි බීම, කෝපි, කිරි, යෝගට්.. ඔය හැම එකේම සීනි නෙ බං.. මෙහෙ ඉන්නකොට සීනි දාල තේ බොනවත් වැඩී :rofl:
    අනික් එක බලන බලන අත තියෙන්නෙ පිටි කෑම... හදිස්සියකට ඕඩරයක් දාගන්නපික්මී ඇප් එක ඇරියත් කොත්තු/රයිස් තියෙන්නෙ 2/3 ක් ම. මස් එලවලු සුප් වගේ දේවල් කැවෙනව සෑහෙන්න අඩුයි... :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    50 cent කියන rapper ටත් 9 පාරක් වෙඩි වදිනකන්ම හිටියනේ ජීවිතයේ වටිනාකම තේරෙන්න...දැන් බොන්නෙත් නැහැලු බුවා..:cool:

     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හෙම්බිරිස්සාව හැදිලා ඔලුව බර වෙලා තියෙන්නේ සෙමට. සෙට්‍රසීන් බිබී. උණු වතුර බිබී, හුමාලේ අල්ල අල්ල ඉන්නවා.
    ok hodayi ban
    mehe tiyanawa kassak. wamanne yanakan kahinawa
    aduma masayak yanawa hda wenna
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    බොලාගෙ නම් ගෙදර මිනිස්සු හරි ඇති කෑම බීම ටික ලඟට ගෙනල්ලා දෙන්න ලෙඩ වුනාම. හිතපන්කො තනියම ඉද්දි ආතල් එක. වතුර ටික තනියම රත් කරගෙන ඇඟ හෝදගන්න ඕන දැන්. ඒකටත් පන නෑ. කන්න බොන්නත් කඩේ යන්න එපැයි උයන්න පන නැති වුනාම, උණ නහුතෙට තිබ්බත්.

    ඔන්න ඕකයි තනියම ඉද්දි ලෙඩ දුක් වලින් වෙන මනුස්සයෙක්ට වඩා ආරක්ශා වෙන්න ඕන වෙන්නෙ. පුලුවන් තරම් සමාජගත වෙන්නෙ නැතුව හිටියම මේ වගේ බෝ වෙන ලෙඩ වලින් බේරෙන්න පුලුවන්.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බොලාගෙ නම් ගෙදර මිනිස්සු හරි ඇති කෑම බීම ටික ලඟට ගෙනල්ලා දෙන්න ලෙඩ වුනාම. හිතපන්කො තනියම ඉද්දි ආතල් එක. වතුර ටික තනියම රත් කරගෙන ඇඟ හෝදගන්න ඕන දැන්. ඒකටත් පන නෑ. කන්න බොන්නත් කඩේ යන්න එපැයි උයන්න පන නැති වුනාම, උණ නහුතෙට තිබ්බත්.

    ඔන්න ඕකයි තනියම ඉද්දි ලෙඩ දුක් වලින් වෙන මනුස්සයෙක්ට වඩා ආරක්ශා වෙන්න ඕන වෙන්නෙ. පුලුවන් තරම් සමාජගත වෙන්නෙ නැතුව හිටියම මේ වගේ බෝ වෙන ලෙඩ වලින් බේරෙන්න පුලුවන්.
    ow eka nam patta awl case ekak
    leda unama agata pana nati wenne uba hariyata kanne nati nisa hodata innakota. ube vital strong na
    Lankawe nam inne leda nati kale hoda healthy eat karapan. kola mallum , hoda red rice wage wadipura kanna. eken yam pramanayak body eke tanpat wenawa apita ledak hadunama allagena inna